palitha thewarapperuma rishard ge job eka karanawalu menna

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,024
    16,706
    113
    "රක්ෂිත වනාන්තරයේ අක්කර සිය ගණනක් මිනිසුන්ට වගා කරන්න බෙදා දීලා" ඇමති තෙවරප්පෙරුමගේ කෙරුවාව ගැන සුරකිමු ලංකා සංවිධානය කියු කතාව .!


    වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සම්බන්ධයෙන් බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් පසුගිය දින කිහිපයේ වාර්තා වුනා. ගලේවල ප්‍රදේශයේ රජයේ රෝහලක අනතුරු පෙරහුරුවකට සිය මාධ්‍ය කණ්ඩායම සමග සහභාගී වන නියෝජ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැන වදින සිදුවීමක්ද පසුගිය දිනවල කතාබහට ලක්වුනා.

    මෙහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් රිය අනතුරක් සිදු වී ඇති යැයි සිතා සිය මාධ්‍ය කණ්ඩායම සමග එම ස්ථානයට ගොස් රෝගින් ගෙන යාමට උත්සාහ කර තිබේ. මෙහිදි මෙය පෙරහුරුවක් බව දැනගත් නියෝජ්‍ය අමාත්‍යවරයා ගලේවෙල රෝහලට පැමිණ මෙලෙසින් වෛද්‍යවරුන්ට බැන වැදී තිබුනා.

    මේ අතර තැන තැන ගොස් නිලධාරීන්ට පහත් ලෙස අසභ්‍ය වචනයෙන් බැනවදිමින් තර්ජනය කරන සහ දැඩි රක්ෂිත වනෝද්‍යාන කැබලි කර බෙදා දෙන වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්නැයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    උන්වහන්සේ මේ ඉල්ලීම කළේ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශ්‍රවණාගාරයේ ඊයේ (28දා) පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ.

    "වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාත් එම තනතුරුවලට සුදුසු පුද්ගලයන් නොවෙයි. වනජීවී අමාත්‍යවරුන් විය යුත්තේ ගහකොළ සතා සිවුපාවුන්ට කරුණාවක් තිබෙන, සංරක්ෂණය ගැන දැනුමක්, අවබෝධයක් තිබෙන සහ දුක්ගැහැට මැද රැකියාව කරන නිලධාරීන්ගේ ගැටලු තේරුම් ගත හැකි අයයි. යුද්ධයක හමුදාවක් මෙහෙයවූ හමුදා මානසිකත්වයකින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාලනය කරන්න බැහැ. ඇමැතිවරයා ඉන්නේ හමුදා මානසිකත්වයකින්. නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්නේ පාතාල මානසිකත්වයකින්. කරදර බාධක මැද රාජකාරි කරන නිලධාරීන්ට පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා ගිහින් තිත්ත කුණුහරුපයෙන් බැනලා පහරදීමට උත්සාහ කරනවා. වනජීවී නිලධාරීන් අද රාජකාරි කරන්න බැරි තරමට මානසිකව කඩාවැටිලා.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මහවැලි ගංගාධාරයේ ඇති අධි සංවේදී විල්ලු පද්ධතියක් සහිත දැඩි රක්ෂිතයක්. විශාල සිරුරක් දරන වල් අලියා ජීවත් වන්නෙත් මේ වනෝද්‍යානයේ. වනජීවී නීතිය අමු අමුවේම උල්ලංඝනය කරමින් නියෝජ්‍ය ඇමැති තෙවරප්පෙරුම මේ රක්ෂිත වනෝද්‍යානයේ අක්කර සිය ගණනක් මිනිසුන්ට වගා කරන්න බෙදා දීලා. වනෝද්‍යාන ආරක්ෂා කළ යුතු ඇමැතිවරයා ඒවා විනාශ කර දැමීමට කටයුතු කරනවා නම් මොකද කරන්නේ. එයට එරෙහි වූ වනජීවී නිලධාරීන්ට තෙවරප්පෙරුම තිත්ත කුණුහරුපයෙන් බැනලා ගහන්නත් හදලා තිබෙනවා.

    අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ විද්‍යාත්මකව අමාත්‍යාංශ බෙදනවා නම් මේ දෙන්නට වෙන අමාත්‍යාංශ දෙකක් දෙන්න කියලයි"


    neth fm
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඕවා මොනවද බන් මහා බැංකු වංචාව එක්ක බලද්දී. පොනිල් තුමා මේවා කරා නම් සට්ටම් රාලලා ගෙන් ඕවා බලාපොරොත්තු වෙන්න වෙනවා :yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Moota athi karunawak na. Toilet ekata giyath camera ekak athata dila video karana ekek koi weleth lagin thiyan yanne. Podi deinuth scene ekak hadala eke lassanata act karala mainstream media wala yawagana podi wadi educatiin ekak nathi samanya minissunge chanda tika ganna hadanne. Oya wage wananthara minissunta deela aai ganna ba ponnalu ewaye awrudu 1000k gowithan kala wage talks deegana enne ita passe. Alinta pawarala deepu oppu search karanna idam karyala wala yanna dannathi nisa un supurudu lesa enawa hitapu than walata. Ewaye kuburu hadagatta pons la anthimata ka gahanawa ali enawa berala denna janadipathi thumani kiyala adaa watenawa. Ali maranawa. Me wage ponna nugath harak thama seratama mula. Ara hospital exercise eke scene eka dakke nadda.

    Parliment yanna BSc ekak aniwarya karanna ona eka nisayi