පානදුර, කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටී එහි සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ සිව්වන මහලේ තිබූ විදුලි සෝපානය එකවරම බිම් මහල දක්වා කඩා වැටී ඇති බවයි.
විදුලි සෝපානයේ සිටි තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ප‍්‍රතිකාර සදහා ඔහු රෝහල්ගත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
nethfm