Para Ballo.ballekutawath inna denne ne

opanayake

Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    Wistharaya yatin athi balanna................
    Ox4XF.jpg

    නත්තල් වලට කවුරුත් සතුටු වෙනවා.....ඒත් මේක කරපු අය නම් කොහොම සතුටු වුනාද දන් නෑ...... පොඩි ළමයි ටිකක් එකතු වෙලා මේ අසරණ සතාගේ කට ඇතුලට සාමාන්‍යෙයෙන් ප්‍රභල Fireworks(මල් වෙඩි) වගයක් දාලා කට අරින්න බැරි විදියට ගැට ගහලා තියෙනවා......පේනවානේ වෙලා තියෙන දේ.....එවුන් ටික නම් දැන් ඇති කිසි දෙයක් නොවුන ගානට.....ඒත් මේ අසරණ සතා තමා එවුන්ගේ අර සතුටට තමන්ගේ ජීවිතේ බිලි කලේ......මේ විදියට වුනාම සතාට කිසිම ආහාරයක් ගන්න බෑ....අඩු ගාණේ වතුර ටිකක්වත් බොන්න .....සේලයින් වලින් ඉතින් හැමදාම ඉන්න බෑනේ....මූ මැරුණද නැද්ද කියලා නම් හරියට දන් නෑ....නමුත් වැඩි කල් නම් ජීවත් වෙන්න විදියක් නෑ.....ටිකක් හිතලා බලන්න...අඩු ගානේ මේ සතාට ඌගේ වේදනාව වත් පිට කරන්න විදියක් නෑ.....කොච්චරක් නම් විඳවන්න ඇත්ද.....මිනිස්සු කවුද තිරිසන්නු කවුද කියලා මේක දකින ඕන කෙනෙක්ට හිතාගන්න පුලුවන්.....බල්ලෙක් වුනත් හපා කන්නේ ඌගෙ ආරක්ශාවට.....ඌ කවදාවත් ෆන් එකට කාවවත් හපන් නෑ...ඒකට මිනිස්සු......මිනිස්සුන්ගේ ෆන් එකට බිලි වෙන්නේ අහින්සක සත්තු....උන් තිරිසන්නු නිසා අනුකම්පා කරන්න ඕනේ එකේ මේ වගේ තුප්පහි වැඩක් කරන්න මනුස්ස හිතකට නම් පුළුවන් කමක් නෑ...... මට මේක ගොඩක්ම හිතට වැදුනෙත් අපේ ගෙදර ඉස්සර හිටියා white Alsatian බල්ලෙක්...අපි ඉතින් අවුරුද්දට Fire Crackers දානවා.....අපි කරන්නේ ඒක පත්තු කරලා ඈතට විසික් කරන එකනේ.....දවසක් අපේ බල්ලා විසික් කරපු Fire Cracker එකක් කටින් අරන් ආවා අපිට ගෙනත් දෙන්න(අර ලීයක් විසික් කරාම ආපහු ගෙනත් දෙනවා වගේ) වෙලාවට ඒකේ වෙඩි නූල පත්තු වෙද්දි ගිනි පුළිඟු විසික් වෙද්දි මූට ඒක කටේ තියා ගන්න බැරි නිසා මූ ඉක්මනට ඒක බිම දැම්මා....ඒත් එක්කම වගේ පිපුරුනා......අපි එදා ගොඩක් බය වුනා ඒ වෙලාවේ මූට මොනවා හරි වුනා නම් කියලා.......එහෙව් එකේ පොඩි එකෙක් අරම කට බැඳලා මේ වගේ අසික්කිත දෙයක් කරන්න මොන තරම් මානසික විකෘතිතාවකට පත් වෙලා තියෙන්න ඕනෙද?? ටිකක් හිතලා බලන්න
    PXxCX
    PXxCX.jpg

    කල කල දේ පල පල දේ........................................
    කවුරු කොහොම කලත් කර්මයෙන් ගැලවීමක් නෑ.තිරිසන් සතෙකුට මේවගේ දෙයක් කරපු එක ලොකු පාප කර්මයක්.මේ පින්තුරේ ඉන්න කෙනාට වගේ මේ කරපු කට්ටියටත් වෙන්න පුළුවන්.නීතියෙන් ගැලවීමක් තිබ්බත් කර්මයෙන් ගැලවීමක් නෑ.කරත්තයේ පසුපස රෝද දෙක ගමන් කරනවා වගේ කර්මයත් හබාගෙන එනවා....................................මම ප්‍රර්ථනා කරනවා මේක කරමු කට්ටියටවත් මෙහෙම දෙයක් නොවෙන්න කියල.එකයි මගේ මනුස්සකම.හැබැයි එකක්.දැන්වත් හැදෙන්න බලන්න.කරපු පාප කර්මයෙන් යම්තාක් දුරට ගැලවෙන්න පින් දහම් කරන්න හොදට.හැබැයි එත් චේතනාව පිරිසිදු වෙන්න ඕනි.

    මිනිසත් බවේ
    අරුමය.
    ...
    නොදකින එකයි
    කරුමය
    .......
    තිරිසන් සිහින
    දරමින
    ......
    වනසයි
    අධහමින.....
    මනු නොමනු බව
    පසක් කරමින.....



    Code:
    FB..........
     
    Last edited:
    • Like
    Reactions: nilanka kasthuri

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක කරපු එකාට නම් මේ ආත්මෙදිම පල දෙන්න ඕනේ.. පව් අසරණ සතා... :(:(:(
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    මිනිසත් බවේ
    අරුමය....
    නොදකින එකයි
    කරුමය.......
    තිරිසන් සිහින
    දරමින......
    වනසයි
    අධහමින.....
    මනු නොමනු බව
    පසක් කරමින.....


    duka i..........................