Parliament ඵක_විසුරුවයි ද?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Parliament ඵක_විසුරුවයි ද?



    පාර්ලිමේන්තුව අද (02) මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හරිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්සන් තැබීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති.

    මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැඳවන දිනය ද අදාළ ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඊයේ (01) මධ්‍යම රාති‍්‍රයේ 12.00 න් පසු වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවුරුදු හතරහමාර ඉක්මවා ගියා. ඒ අනුවයි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමි වුණේ.

    අද දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් නාමයෝජනා කැඳවීම මාර්තු මස 12 වැනිදා සහ 19 වැනිදා අතර සිදු කළ යුතු වනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැර සති 05 ත් 07 ත් අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මෙලෙස පැහැදිලි කළා.

    එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇත්තේ අප්‍රේල් මස 22 වැනිදායින් පසු බවයි.

    මහ මැතිවරණය පැවැත්විය යුත්තේ පොහෝ දින, ඉරිදා දින සහ මැයි දිනය හැර වෙනත් දිනකයි. ඒ අනුව බොහෝ විට මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන සෙනසුරාදා දින පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

    මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් පසු නව පාර්ලිමේන්තුවේ පළමු සැසිය මැයි මස 2 වන සතියේදී පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.


    Neth


     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අපතයෝ 60 කට ද කොහේදෝ පැන්ෂන් නැහැ ලූ.
    හෙට පාර්ලිමේන්තුව විසුරුවොත්:lol::lol:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පස්සේ එක දෙයයි වෙන්න ඕන මොන පක්ෂෙන් උනත් කමක් නෑ උගත් වැඩක් කරන්න පුළුවන් අය යවපල්ලා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු කොල්ලො හොදටම බය වෙලා ගැහි ගැහී ඇති මාසෙ ගානෙ පරදින්ඩ පුලුවන්ද අප්පා මෙදා පැරදුනා කියල හිත හදා ගන්ඩද ඉට මාස 2කකට පස්සෙ පලාත් සබා චන්දෙත් තියනව ලොල් ...:lol::lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    කාලකන්නි අපතයන් 225 පත් කරගැනිමට ප්‍රකෝටි ගනන් මුදල් විනාස කිරීමට තව ඇත්තේ හෝරා කීපයයි. ටක්කෙටම කියනවා අපේ ජනතාව මෙවර වඩා ඉක්මනින් නාහෙන් ඇඩීමට නියමිතයි. ඉල්ලන් ටිංකිරි ගාගැනීමට පිලිවෙතින් පෙලගැසෙව්
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    කාලකන්නි අපතයන් 225 පත් කරගැනිමට ප්‍රකෝටි ගනන් මුදල් විනාස කිරීමට තව ඇත්තේ හෝරා කීපයයි. ටක්කෙටම කියනවා අපේ ජනතාව මෙවර වඩා ඉක්මනින් නාහෙන් ඇඩීමට නියමිතයි. ඉල්ලන් ටිංකිරි ගාගැනීමට පිලිවෙතින් පෙලගැසෙව්

    ethion uba ehenam wena laba krmayak kiyapan ko buruwa
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඡන්දෙ තියෙන කාලෙ වෙද්දි කොරෝනා පැතිරිලා තියෙයි :(