patient 22 vs PT 31

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113


    ශ්‍රී ලංකාවේ covid-19 තුන්වෙනි cluster එක ආරම්භ වෙමින් ඇත.

    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ අය හැර විවිධ ප්‍රදේශ වලින් හමු වූ covid-19 රෝගීන් අනුව මෙම clusters නිර්මාණය වෙයි.

    Cluster 1- ඉතාලි ජාතික මඟ පෙන්වන්නා> මිතුරු මඟපෙන්වන්නා> මිතුරු මඟ පෙන්වන්නාගෙ නිවසෙ සිටි ඥාති දරුවා

    Cluster 2- ජර්මනියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයා> ඔහු සමඟ පැමිණ ලංකාවේ කට්ටි පනිමින් සිටි මැණික් ව්‍යාපාරිකයා( patient 11 )

    Cluster 3- ?????

    තුන්වෙනි cluster එක ගැන සෑහෙන්න possible.. ඒ ලංකාවෙන් වාර්තා වුන patient 22 එක්ක. ඒ ගාල්ලෙ දඩැල්ල ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි කෙනෙක් ... එයාගෙ පුතා ඉතාලියෙ ඉදන් ආපු නිරෝධායනය නොවූ කෙනෙක් ... මේ තාත්තා ගාල්ලෙ ඉදන් හලාවත ගිහින් තියෙනවා කාලෙකින් දකින්න ලැබෙන තමන්ගෙ පුතාව බලන්න. තාත්තා දන්නවා කියලා ඈ තමයි යන්නෙ කොරෝනා බෝම්බයක් ළඟට කියලා ... හලාවත ගෙදර දවස් දෙකක් ඉදලා තමයි ඇවිත් තියෙන්නෙ..

    පුතාට කලින් තාත්තා කොරෝනා පොසිටිව් වෙලා.. ප්‍රතිශක්තිකරණය එක්ක වෙන්න පුලුවන් දෙයක්.. පුතා IDH වල ඉන්නවා දැන්..

    දැන් තියෙන ප්‍රශ්න-

    1) පුතා ලංකාවේ ගිය තැන් වල විස්තර හොයාගන්න ඕන.. ඇසුරු කරපු අයගෙ විස්තර හොයාගන්න ඕන.
    2) තාත්තා ගාල්ලෙ ඉදන් හලාවතට ගමන් කරපු ප්‍රවාහන මාධ්‍යයන් සහ ඒවාගෙ ගමන් ගත් අය පිළිබඳ විස්තර හොයාගන්න ඕන.
    3) මේ තාත්තා ගාල්ලෙ ඇවිත් ඇසුරු කරපු අයගෙ විස්තර හොයාගන්න ඕන.

    Cluster 3 සෑහෙන්න possible.. හානිය අවම කරගන්න ක්‍රියාත්මක වීමයි වෙන්න ඕන.. මේවා දාන්නෙ කාවවත් බය කරන්න නෙමෙයි .. රටේ මිනිස්සු දැනුවත් වෙන්න ඕන.. නැත්නම් අනවශ්‍ය බොරු වලට රැවටිලා අනවශ්‍ය විදියට කලබල වෙනවා..

    රජය සමහරවිට මහජන සහය ඉල්ලාවි මේ patient 22 සම්බන්ධයෙන් විස්තර හොයාගන්න. උදාහරණයක් විදියට යම් නිශ්චිත දිනයක නිශ්චිත වෙලාවක ×××××× අංකය දරන අධිවේගී මාර්ගයේ යන බස් එකෙ ඔබත් ගියා නම් ළඟම තියෙන අහවල් රෝහලට admit වෙන්න වගෙ දෙයක්.. නිකන් උදාහරණයක් විතරයි මේක.

    මේ රජයට සෞබ්‍ය අංශ වලට ඔබේ සහය අවශ්‍යම වෙලාවක්. <3

    අපි එකාවන්ව එක්ව මේ අභියෝගය ජයගමු! 🙂

    Gihan Sameera Gallage
    අනව තප්ත විල