Paulis_Appuhamy

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේක පොඩි රීපෝස්ට් පාරක් තමයි.:P
    මම සර්ච් එකක් දාද්දි දැක්ක ළඟදිත් දාල තියෙනව.
    හැබැයි වැඩි අවධානයක් යොමු වෙලා නෑ අනික සිංහලෙන් දාලත් නෑ සම්පූර්ණ කතාව.:dull:


    ඔන්න මම ඉංගිරීසියෙන් තියෙන කතාව මලලසේකර ඩික්ෂනරිය ඇසුරින් සිංහලට පරිවර්තනය කරලා දානවා :rofl:
    සසර කළකිරුණා පරිවර්ථනය කර කර ටයිප් කරලා. :eek::eek:
    ජීවිතේට මෙහෙම කරලා නෑ :sorry:
    මම දැක්ක තැන් වල පොඩ්ඩයි තිබ්බෙ කතාවෙ.:sorry:




    පවුලිස් අප්පුහාමි සහ ඔහුගේ ගුවන් යානය

    3WRpXw.jpg


    මං හිතන විදියට මෙයා තමයි ලංකාවෙ හිටපු පලවෙනි ගුවන් යානයේ හිමිකරු.:yes: පළවෙනි ගුවන් නියමුවා නං නෙමේ වෙන්නැති.:sorry:
    ඒ කාලෙ මචං, ඒ කාලෙ කිව්වෙ එක දහස් නමසිය බර ගණන් වල (1952)
    අපි උඹල එතකොට.. එක්කො ඕනේ නෑ ඒව.:dull:
    ඒ කාලෙ මචං ඉංග්‍රීසි කතා කරන්න බෑ කියන්නෙ අමු ගොඩයෙක් :sorry: දැනුත් එහෙමනෙ බං :eek: ඉතින් අපේ පවුලිස් අයියා ඒ වගේ ඉංග්‍රීසි අකුරක් නොදන්නා ගොඩයෙක්ලු. :sorry: ඒ මදිවට සරම් අඳින්නෙ :baffled: කොන්ඩෙ බඳිනවා :P

    ඉතින් හද්ද ගොඩයෙක් ඔය කලිසම් අඳින පොෂ් පොරවල් එක්ක කරට කර හැප්පිලා තමන්ගෙ හීනෙ ළඟා කරගත්ත හැටි ගැනයි මේ කතාව. :cool:

    1952 අගෝස්තු මාසේ සුන්දර උදෑසනක..

    ගස්වල සිට පිනි බිදු හිරු දැක සැගවෙනවා
    කුරුලු රංචු කිචි බිචි ගා ගීත ගයනවා
    කුඩා ළමෝ නිදිගැට හැර ඇර පිබිදෙනවා
    රෝස කැකුළු පිබිදීලා සුවඳ බෙදනවා


    සීත පවන් රොදේ අන්න බමරු නටනවා
    ගස් වල අතු නැළවී නැළවී සිසිල බෙදනවා
    ඉර මාමා සමනලගිර සිපගෙන එනවා
    විලේ සිටින කුමුදු මල්ද නින්දට යනවා


    කුරුල්ලන්ගේ කීචි බීචි හඬ රැව් දෙනවා
    හෙළ ගොවියා කුඹුරට යාමට සැරසෙනවා
    ලහි ලහියේ කුඩා ළමුන් පාසල් යනවා
    හරි ලස්සන උදෑසනක් එළඹ තිබෙනවා
    :baffled:

    අන්න එහෙම උදෑසනක.....
    අපේ පවුලිස් අයියා ඇඹරි
    ඇඹරි කලබල මූඩ් එකෙන් රත්මලාන එයාපෝට් එකේ තිබුනු ශ්‍රීලංකා ගුවන් අභ්‍යාසායතනයට එයාගෙ පළවෙනි ගුවන් ගමන් පාඩම ඉගෙන ගන්න ගියාලු.:yes::yes: මෙයාගෙ වයස එතකොට හතළිස් ගණන්. හතළිස් ඇඳිරිය ලබලා අපේ කිඹුල් සර්ගෙ ලයින් එකේ :rofl: නහින දෙහින කාලෙ මොන ප්ලේන්ද :baffled:මං කිව්වා වගේ ඉතින් එතන ඉගෙන ගන්න ආපු එකෙක්වත් එච්චර වයස නෑලු.:sorry: අපි වගේ තරුණ කොලු ගැටයෝ :cool: ඉතින් කොල්ලො සෙට් එකක් අස්සට වයසක හාදයෙක් පන්නම හිතාගනිල්ලකො වෙන දේ. :dull:
    උදාහරණ වලට අපේ කිඹුල් යුරාජ් අංකල්ස්ලවම අරන් බලපල්ලකො අපි අස්සට පැනල 60 පැන්නත් ගමන උඩින් කියල ඉන්න හැටි.:sorry:

    දැන් පවුලිස් අයියා වයසින් වැඩි එකමත් නෙමේ සීන් එක. මිනිහා සුපිරි සිංහල කතා කරන්නෙ. සිංහල විතරමයි. කිඹුල් සිංහල. පවුලිස් අයියට ඉංග්‍රීසි මල පොතේ අකුරක් බෑ කියල මං කලින්ම කිවවනේ. :sorry:
    මේකට උදාහරණ එකෙක්ව කිව්වොත් උගෙන් මෙතන මට අම්ම මුත්තා නැතුව බැනුන් අහන්න වෙනවා. උඹල ගෙස් කරගනිල්ල :P:rofl:

    ඒ විතරක්ම නෙමෙයි පවුලිස් අයියා සැරසිලා හිටියෙ සාම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් වලින්. අර ගමේ අවංක මුදලාලි ටයිප් එක. :yes:
    ඉස්සර හොඳේ දැන් ඉන්න හැලප හොරු නෙමේ :sorry:
    ඒ වගේම කොන්ඩේ ඔලුව හොඳට පීරලා ඔලුව පිටිපස්සෙන් පොඩි මොල්ලියක් දාල බැඳපු කෙනා අපේ පවුලිස් අයියා. :P
    දැන් හිතාගනින් අතන පවුලිස් අයියා චාටර් වෙච්ච විදිය. :sorry:
    කැම්පස්
    උනත් එකකට දැන් උනත් ඔහොම කොල්ලෙක් ආවම හිතපල්ලකො ඌ බයිට් වෙන විදිය :sorry: පවු වැඩ ඉතින් ඒව. අපේ උන් අහවල් එවුන්ගෙ රෙදි ඇඳගන පොර උනාට උන් අඳින්නෙ නියම සිංහල ඇඳුම් ;)

    දැන් බලපන් මම රෑට අඳින්නෙ සරම :P ගොඩක් උන් අඳින්නෙ නෑ. :rofl: නැති එවුන් දැන්වත් ඇඳපල්ල. ෆුල් කූල් :yes: ඕන වැඩකට ලේසී :P උදේ වෙද්දී සරම කරේ වෙනවා වගේ සීන්
    එකක් මුල් කාලෙදි වෙන නිසා යටින් බොටමක් දාල ප්‍රැක්ටිස් වෙයන් :rofl: නැත්තන් තොපේ ගෙදර උන්ට නූල් බඳින්න වෙයි කුඩාරම් කඩන් වැටිලා දැක්කම :baffled:
    සරමට අකැමති මං එක්කල පෙළවහක් කරගන්න කැමති සුකුමාළ ලලනාවියෝ ඉන්නව නං කියන්න මම හරිම සිම්පල් ප්ලෑන් එකක් වන කොට කලිසමට මාරු වෙන්නං:baffled::rofl:
    (ආන්ටිස් ඇන්ඩ් ජේසොන් වැනි කොලු කාරයො ඉල්ලුම් කිරීමෙන් වැළකී සිටින්න )
    විලි ලැජ්ජයි කිව්ව ටික ගැන :baffled::rofl:



    දැන් කතාවට. දැන් ඉතින් පවුලිස් අයියා චාටර්නෙ අර වගේ පොෂ් පොරවල් ඉන්න පොට් එකක. හැබැයි ඉතින් එහෙමයි කියල පවුලිස් අයියට හෙනත් නෑලු :rofl: මං වගේ පොරක්.:baffled: මිනිහා ආවෙ මචං ගුවන් නියමු බලපත්‍රය ගන්න ඉගෙන ගන්නනෙ. අරුන්ට ලව් කරන්න නෙමේනෙ.

    අපේ ඉගෙන ගන්න උන්ට මේවා හොඳ පාඩම්. අරකි සුදූ වෙනකොට මටත් සුදූ වෙන්නයි. කට්ට සුදුයි. ඒත් තව ඕනෙ. කලර් පැලට් එකේ සුදූ පාට මුන්ට ඕනෙ. ලැකර් තමා පිහිට. :lol:
    ඉගෙන ගන්න ඉන්නෙ. ඒ උනාට මොකෙක් හරි කාලකන්නි වැඩක් පලක් නැති හපුටෙක් අනේ උයා කළු වෙලා නේද කියල කිව්ව ගමන් ෆෝම් වෙනවා :rofl: කියන්න දේවල් එනවා වරුවක්:rofl:
    මේකෙ කියන්න බෑ ඕෆ් ටොපික් වෙනවා :sorry:
    ඉගෙන ගනින් වෙන රෙද්දවල් නොබල. උඹල හොඳට ඉගෙනගන ගොඩ දාගත්තයින් පස්සෙ ඔය කෑගහන උන් සේරම සරෙන්ඩර් :cool:
    බැරි මොත්තෙ දාපු කෑලි පස්සෙන් එන්නෙ නමාගන :rofl: සල්ලියි උගත්කමයි, රෙස්පෙක්ට් එකයි තමා වැදගත්. හැබැයි මනුස්සකමත් තියාගනිල්ලා :sorry:


    ඒ කාලෙ ගුවන් යානා කිව්වම ඉතින් සුපිරි පොරවල් වලට පමණයි. රදළ පවුල් තමා රන් කළේ. :eek: රදළ, හොඳ සුපිරි ගනයේ පාසල් වල ඉගෙන ගත්තු උන් තමා පයිලට්ල උනේ.:sorry: කොහොමහරි ට්‍රේනර්ස් එයාර්ක්‍රාෆ්ට් එකේ කොක්පිට් එකට යන කොට අර පොෂ් පොරවල්ගෙන් හොඳ හොඳ කතා අහන්න උනාලු. ගොඩේ මොට්ටයා වගේ ටෝක්. හැබැයි ඉතින් ඉංග්‍රීසියෙන්. :sorry: අපේ පවුලිස් අයියට ඉංග්‍රීසි බැරුවට කින්ඩිය දාද්දි තේරුණා.:dull: ඉතින් මිනිහ ඇහුනා නෑහුනා වගේ ගියා. ඉතින් ඔහොමලු අපේ පවුලිස් අයියා පුහුණුවීම් පටන් ගත්තෙ. කොයිතරම් ලැජ්ජ උනත් තමන්ට අවශ්‍ය දේ ලබාගන්න තමයි උත්සහය.


    බලමු දැන් ඔය සුන්දර උදෑසනට කලිං මොකෝ උනේ කියල.
    1905 දෙසැම්බර් 21 දින අත්තනගල්ලේ දී ඉපදිලා තියෙන උක්කුමහත්තය නැත්නම් වික්‍රමාරච්චි මිල්ලවලගේ දොන් ජෝන් පවුලිස් අප්පුහාමි ගුවන් තොටුපලට ගියේ එයාගෙ ලොකු පුතා විජිත කුමාරට අහස යාත්‍රා ඉහල නංවන , නැවත බාන හැටි පෙන්නන්න.
    ඉතින් ඔහොම බලන් ඉන්න අතරෙ දොළදුකක් ඇති වෙලා එතන සිටි පියාසර පුහුණු කරුවකුගෙන් මෙහෙම ඇහුවලු. " මහත්මයා, මං ආසයි අහස්‌ යානාවක් පදවන්න, මට උගන්වන්න පුලුවන්ද?".ඒ අහල තියෙන්නේ සිංහලෙන්මයි.:P

    පොඩ්ඩක් ගැස්සිලා පුදුම වෙලා
    අපේ පවුලිස් අයියා දිහා බලපු උපදේශක.
    "පුළුවන් , නමුත් ඔබ කොහොමද ඔය කොන්ඩේ ගැටේ තියාගෙන එක කරන්නේ" කියල ඇහුවලු. ඒ කාලෙ ගුවන් නියමුවෙකු අනිවාර්යෙන්ම සන්නිවේදන උපකරණ සවි කල හිස වැස්මක් පළඳින්න ඕනෙ. Havilland D.H.82 Tiger Moth වගේ Aircraft වල ගැජමැටික් ගොඩයිලු.:sorry:
    ඒ උනත්
    අපේ පවුලිස් අයියා පසුබට වෙන්නෙ නැතුව, ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියල කොහොමහරි ගුවන්යානා පදවන්න ඉගෙන ගන්න එයා ආසාකරනව කියල උපදේශකට කියල කියල වැඩේ ගොඩ දාගන්න ට්‍රයි එක.:sorry:

    ඒත් උපදේශකට ෂුවර් නෑ. ඇයි මේ මනුස්සයගේ කොන්ඩෙ විතරක්ම නෙමේ කේස් එක. ඇයි මේ යකා සරම්නෙ ඇඳන් ඉන්නෙ :dull: Streamlined Flying Overalls අඳින්නෙ නැතුව ඒ කිව්වෙ ෆ්ලයින් කිට් එක බං. :dull:

    ආයෙ හදිසි අවස්ථාවකදී සරම කරේ ගියොත් එහෙම ලෙඩක්නෙ. :sorry::rofl: සහයක නියමුවා එක්ක හොස්ටස්ලයි පැසෙන්ජර්ස්ලයි ප්ලේන් එක ජබුක් වෙන්න කලින්ම පපුවෙ අමාරුව හැදිලා මැරෙයි.:baffled::rofl:
    හොස්ට්ස්ලට නං පපුවෙ අමාරුව හැදෙන එකක් නෑ මගෙ හිතේ. වෙන් කොහෙ හරි අමාරුවක් හැදෙයි :sorry::P
    අනික ඉංග්‍රීසිත් බෑ. පණිවිඩ හුවමාරු කරගන්නෙ කොහොමද පාලක මධ්‍යස්ථානයත් එක්ක :sorry: ක්ලාස් එකේ කියන ඒව තේරුම් ගන්නෙ කොහොමද?
    ඔන්න උපදේශකට ඇති වෙච්ච ප්‍රශ්න :sorry:

    එහෙම උනත් උපදේශකතුමා පවුලිස් අයියව Joy-flight එකකට අරන් ගියා. එහෙම යද්දී තමා උපදේශකතුමාට තේරුණේ පවුලිස් අයියට මේ ගැන තියෙන උනන්දුව. ;)
    අනිත් එක පවුලිස් අයියට සහජයෙන් ආපු තාක්ෂණික දැනුම දැකල
    උපදේශකතුමා පුදුම උනා. :cool:

    හරි වැඩේ ගොඩ.... :love::love:
    උපදේශක තුමා පවුලිස් අයියව ගුවන් පුහුණු පාසලේ ලොක්කට අඳුන්නල දුන්නා. කව්ද ඒ? ඒ තමා ප්‍රධාන ගුවන් උපදේශක කැප්ටන් C.H.S. අමරසේකර මහත්තයා.;) ඒ වගේම තව එක්කෙනෙක්ට. ඒ තමා උපදේශක සුසන්ත ජයසේකර මහත්තයා. :yes: අනිත් උන් වගේ නෙමේ මේ දෙන්න,
    අපේ පළපුරුදු නැති අදක්ෂ පවුලිස් අයියගෙ යම් දෙයක් දැක්කලු දියුණු කරන්න පුළුවන්. ඒක නිසා ඒ දෙන්න පවුලිස් අයියට චෑන්ස් එකක් දෙන්න තීරණය කළා :love::love::love:
    ඉතින් බෝතල් පාටියක් තමා :rofl:

    මොනව උනත් ඔය කව්රුත් නොදන්නා දෙයක් තමයි මේ ගොඩේ ඉංග්‍රීසි නොදන්නා පවුලිස් අයියගෙ බැක. බැක්ග්‍රවුන්ඩ් එක බං. ඉංග්‍රීසියෙන් පසුබිම කියල කියන්නෙ :baffled: පවුලිස් අයිය ඇවිල්ල පට්ට පවුල් ඉතිහාසයක් පරම්පරාවක් තියෙන පොරක් :yes::yes: ඒ වගේම පවුලිස් අයිය ඇවිල්ල දක්ෂ සහ නම්බුකාර පොරක් දන්න අය අතරෙ. ;)
    මූ කොල්ල කාලෙ ඇවිල්ල පට්ට ඩයල් එකක් තාක්ෂණික පැත්තෙන් දක්ෂයෙක්. ඒ වගේම කොල්ලගෙ ලක් එකට ඒ කාලෙ තිබ්බ සුපිරි ඉස්කෝලයක් වෙච්ච ආනන්ද කොලේජ් එකට යන්නත් හම්බුනාලු. පවුලෙ හිතවතෙක් වෙච්ච D.C. සේනානායක මහත්තයගෙ සපෝට් එකෙන්.

    දැන් නං ආනන්දෙ අප්සට් :rofl::baffled: ඉස්කෝලෙ නෙමේ ඉන්න හැපලයෝ අප්සට්. :rofl:දැන් රිදිලා කුරු කුරු ගාගන එයි ආනන්දෙ එවුන්. :baffled: (ජෝක් ඈ:P)

    පවුලිස් අයියගෙ තාත්තට බස් කොම්පැනියක් තිබ්බලු :lol::lol::lol: වසල හමාරයි :rofl: ලේලන්ඩ් නෙමේලු. ඒ කාලෙ මොන ලේලන්ඩ් ලදරන්ද සින්හළු

    :lol::lol:
    :lol:
    පවුලිස් අයිය අපේ යුරාජ් අංකල් වගේ පොරක්නෙ මං කලින් කිව්වෙ. :rofl: සුපිරි ප්‍රයිවට් බස් කම්පැනියක් :yes: බස් 36ක් තිබ්බ. හිතාගනින්කො ඒ කාලෙ බස් 36ක් කියන්නෙ කොහොම පොරක්ද කියල ;) බස් දිව්වේ කොළඹ කුරුණෑගල නුවර හංවැල්ල :yes:

    යුරාජ් ගොයියාගේ කලින් ආත්මෙද දන්නෙ නෑ :sorry: වෙන්නත් බෑ යුරාජ් ලොක්ක ප්ලේන් එලෙව්වොත් MH370ට වෙච්ච වැඩේටත් එහා සීන් එකක් වෙන්නෙ. කෙලින්ම සෞරග්‍රහ මණ්ඩලෙන් එළියෙ. අබ සරණයි :dull:

    පවුලිස් අයිය එහෙමද:cool:
    ඉතින් අපේ පවුලිස් අයිය එක්දහස් නමසිය හතලිස් ගණන් වල අපේ සල්ලිකාර බස් මුදලාලි :rofl: අවුරුදු 17ක කෑල්ලක් කසාද බැන්දලු.:baffled:
    ඕකමයි මට හිතුනෙ මූ යුරාජ් වෙන්නැති කියල :dull:
    පවුලිස් අයියගෙ භාර්යාව ඇනට් දි සේරම් නොහොම්ත් වික්‍රමාරච්චි මහත්මිය අද පවුලෙ මහ ගෙදර සිරි මැදුර අත්තනගල්ල වලව්වෙ ඉන්නව. එයා ටිකක් දරුණු සහ බුද්ධිමත් චරිතයක්. මොකද 1973ට පස්සෙ ගෘහ මූලිකයා අම්ම වෙච්ච නිසා වෙන්න ඇති.;) පවුලෙ බිස්නස් Fibre Milling සහ වතුපිටි බලාගන ඉන්නෙ එයාලු.

    ඉතින් ඇනට් මහත්මිය ආවර්ජනය කරන විදියට "අපි හොඳට දියුණු වෙච්ච පවුලක් උනත් මම පොඩි කෙල්ලක් ඒ කාලෙ. ඒක නිසා බැන්දයින් පස්සෙත් මගෙ තාත්ත මාව ගෙදර අවුරුදු දෙකක් විතර තියාගත්තා" ඊට පස්සෙ ඉතින් පවුලිස් අයියටයි අපේ ඇනට් අක්කටයි පුතාල දෙන්නෙකුයි දූලා දෙන්නෙකුයි ලබන්න වාසනාව හම්බුනා :cool:
    (අවුරුදු දෙකකට පස්සෙ දෙන්න එක ගෙට උනායින් පස්සෙ හරිද.. වලත්ත විදියට හිතල කුප්ප කතා කියන්න එපා :angry:)

    පවුලිස් අයියගෙ ට්‍රාන්ස්පෝට් බිස්නස් එක නැගල ගිය ගමන් පවුලිස් අයියා එයාගෙ තාක්ෂණික දැනුම බස් වලට අත්හදාබැලුවලු. එහෙම තමා වැඩ්ඩෙක් වෙලා තියෙන්නෙ.
    දැන් හෙට අනිද්දා දිහාට ලේලන්ඩ් බස් වගයක් මස් වෙයි :rofl:

    ඇයි පවුලෙ කාර්, තව ෆයිබර් මිලින් මැෂින්ස්. මූ එකකටවත් ඉන්න දීල නෑ සේරම මස් කරලා :baffled: ඒ විතරක්ද පවුලිස් අයියට ඔය සුකුරුත්තන් වැඩ විතරක්ම නෙමේ ඡායාරූපකරණය ගැනත් හෙන ආසාවක් තිබිල. ඒ කාලෙ තිබිච්ච දුර්ලහ වටිනා කැමරා එකතුවකුත් තියෙනවලු ;)
    එහෙම තරුණ කාලෙ හිටපු මනුස්සයට ප්ලේන් පදවන්න ආසාවක් ආවා කියන එකත් පුදුමයි.

    ඒ උනාට දැන් පවුලිස් අයියා ගුවන් යානා පැදවීම ඉගෙන ගද්දි අමාරුවක් උනේ නෑ. මේ ගැන උපදේශක සුසන්ත ජයසේකර මහත්තයටත් පුදුමයි.
    පවුලිස් අයියා කියල තියෙනවලු "මට ගුවන් යානා පදවන්න මට කොණ්ඩය බාධාවක් උනේ නැහැ" කියල. :yes:
    පළවෙනි ගුවන් යානා පැදවීමේ පාඩම ඉගෙන ගැන ආපු පලවෙනි දවසෙ ගෙදරට ඇවිත් ඒ කිව්වෙ සිරි මැදුරට ඇවිත් වයිපරේට කිව්වලු "මැණිකෙ මම ගුවන් යානා පදවන්න බය නෑම් මම කොහොමහරි ලයිසන් එක ගන්නව" කියල. :cool:

    සාමාන්‍ය උපදේශන වලින් පස්සෙ
    පවුලිස් අයියා ගුවන් යානා ප්‍රයෝගිකව පදවන්න පටන් ගත්තලු. සමහර වෙලාවල් වලදි සම්ප්‍රදායෙන් පිට පාවහන් රහිතවත් පැදෙව්වාලු:dull:

    ඔන්න මචං
    A.W.M.D.J. පවුලිස් අප්පුහාමි පුද්ගලික ගුවන් නියමු බලපත්‍රය ගත්තයි කියලත් කියපල්ලකෝ :baffled::cool:
    No. 139, 1953 ඔක්තෝම්බර් පස්වෙනිදා

    9U0r6x.jpg


    ඒක ගත්තෙ සිංහල චාරිත්‍රානුකූලව බුලත් අතක් එහෙම දීල වැඳලා ;)
    ඊට පස්සෙ තව අත්දැකීම් ගත්තම Tiger Moth biplane කියන ගුවන් යානා වලින් Havilland DHC-1 Chipmunk monoplane කියන ගුවන් යානා පදවන්න අවසරය ගත්ත. එතකොට තමා ගුවන් මගින් මගීන් ගෙන යෑමේ අවසරය ලැබුනෙ.:yes:
    ඉතින් ඊට පස්සෙ සැරෙන් සැරේට ලොකු පුතා විජිත එක්ක ආතල් එකට තමන්ගෙ ප්ලේන් එකේ රවුම් ගැහුව.:P
    ඒ අතරේ දවසක් අතරමන් උනාලු :sorry: ඊට පස්සෙ ලොකු සීන් ගිහින් රත්මලාන එයාර්පෝට් එකෙන් Search Team යවන්න රෙඩි කරගන ඉද්දි ගෙදර වයිපරේ දෙලෝ රත් වෙලා ඉද්දි පවුලිස් අයියා වැඩර් වගේ ඔලුව පාවිච්චි කරලා ගුවන් මාර්ගය හොයාගන ළඟම තිබ්බ පුත්තලම් පාලවී ගුවන් පථයට ආරක්ෂිතව ගොඩ බස්සවල ඇවිත්.:rofl:
    ගෙදර ආවාම වයිපරේ හොඳට සලකන්න ඇති (මැරීඩ් ක්ලබ් එකේ සෙට් එකට ගෙදර ගෑණු නෙලන විදිය මවාගනිල්ල):rofl:
    :P

    පවුලිස් අයියා පුද්ගලික ගුවන් නියමුවෙක් වෙච්ච එකට ආස කළා. ඒත් තමන්ගෙ බස් ව්‍යාපාරයත් කරගන ගියා.

    ඒත් 1954/55 වගේ ගුවන් ගමන් නැවැත්තුවලු.:sorry:

    එක දහස් නමසිය පනස් අටේ ජනවාරි පළවෙනිදා ලංකාවෙ තිබ්බ සේරම පෞද්ගලික බස් කම්පැනි ආණ්ඩුවට ගත්ත බණ්ඩාරනායක ආණ්ඩුව.

    ඒ අපේ ආදරණීය සිලෝන් ටකරන් බස් සර්විස් එක හදන්න :eek:
    අගමැති S.W.R.D. බණ්ඩාරනායක සේවාවක්...:sorry:

    අත්තනගල්ල හොරගොල්ල වලව්වෙ පොරක්නෙ. පවුලිස් අයියගෙ පොඩි කාලෙ ඉඳන්ම හොඳ යාළුවාලු. හැබැයි පවුලිස් අයියගෙ බස් ටිකටත් ෂොට් එක දුන්නලු. ඒකට කිසිම වන්දියක් ලැබුනෙත් නෑ :eek::eek::eek:
    එතනින් දෙන්නගෙ යාළුකම ඉවරයි. ;)
    යාළුවො මාළුවො.;)

    1963 කාලෙ පවුලිස් අප්පුහාමිට Stroke එකක් ආවා. එතැන ඉඳල අවුරුදු දහයක් දුර්වල වෙවී ඉඳල 1973 පෙබරවාරි 23 අවසන් ගමන් ගියා.:sorry:
    අදටත්
    පවුලිස් අප්පුහාමිගෙ භාර්යාව, ළමයි අභිමානයෙන් පවුලිස් අප්පුහාමිව මතක් කරනවා මෙහෙම.


    ශ්‍රීලංකා ගුවන් තරණ ඉතිහාසයේ පක්‍ෂපාතිව, අධෛර්යය කිරීම් අතරේ
    බිහිඋනු ජාතියෙ එකම (බොහෝදුරට අදටත්) ඉංග්‍රීසි කතා කරන්න බැරි, සරම් අඳින, කොන්ඩ ගෙඩිය බැඳපු ගුවන් නියමුවා.



    Forwarded Email එකකින් උස්සන ලද English Article එකේ මා විසින් සකසන ලද සිංහල පරිවර්ථනයකි.
    පට්ට ගේමක් දීල කෙටුවෙ.:sorry:
    සිංහල කොපිය © වන අතර අවසර රහිතවද, නම නොදමාද උස්සන උන්ට හෙනම ගහපිය.
    මඩ ගැසීම සඳහා මුදල් අය නොකෙරේ.

    මීට යාළුවා®
    :cool:



    (With acknowledgements to Mrs. Annette de Saram Wickramarachchi, Capt. G.A. Fernando, Mrs. Ivy Fernando and Capt 'Sus' Jayasekera for their invaluable assistance in the preparation of this article.)


    ජයවේවා!:cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පට්ට පොරක් නෙ බන් තැන්ක්ස් හිමිහිට කියවන්නම් මෙක මාගලක් වගෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආන්ටිස් ඇන්ඩ් ජේසොන් වැනි කොලු කාරයො ඉල්ලුම් කිරීමෙන් වැළකී සිටින්න
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    good thread machan
    pattata type karala thinawa

    ;):cool:

    ඇති වැඩකට ඇති ට්‍රේඅඩ් එකක් දැම්මා
    එල වරෙන් නටන්න

    :Pඋඹ තනියම නටාගනින් :rofl: නැත්තන් රෑන්ඩි එක්ක නටපන් වෙනද වගේ :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇති වැඩකට ඇති ට්‍රේඅඩ් එකක් දැම්මා
    එල වරෙන් නටන්න

    good thread machan
    pattata type karala thinawa

    кσяη ησρє;17071068 said:

    good thread bro.............godak mahansi wela thiyenwa
    oyta denwa mage mulma rep 4 +

    patta ne...:)


    රෙප් +4:cool::cool:


    පට්ට පොරක් නෙ බන් තැන්ක්ස් හිමිහිට කියවන්නම් මෙක මාගලක් වගෙ
    ඇති වැඩකට ඇති ට්‍රේඅඩ් එකක් දැම්මා
    එල රේප් added
    You must spread some Reputation around before giving it to gayankuwait again.:sorry:
    You must spread some Reputation around before giving it to hacker T again.:sorry:
    You must spread some Reputation around before giving it to JesonRulez again.:sorry:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේ ඇවිල්ල අපේ මුත්තගෙ මුත්තගෙ කිරිකිත්තගෙ කිත්තගෙ අත්ත.. මට මතකයි ඒ කාලෙ.. එක්කො ඒ හරිය ඕනෙ නෑ උඹලට.. :baffled: රෙප් + :D
     
    • Like
    Reactions: යාළුවා

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ ඇවිල්ල අපේ මුත්තගෙ මුත්තගෙ කිරිකිත්තගෙ කිත්තගෙ අත්ත.. මට මතකයි ඒ කාලෙ.. එක්කො ඒ හරිය ඕනෙ නෑ උඹලට.. :baffled: රෙප් + :D

    මට උඹේ නම දැක්කම හිතුනා. :baffled:ඒ හරිය මොකටද :rofl:
    රෙප් +:P