දැනට තියෙන ඉන්ෂුරන්ස් එක පාවිච්චි කරන්න පුලුවන්. තර්ඩ් පාටි එකක් නම් ප්රශ්නයක් වෙනනේ නෑ. හැබැයි ෆුල් ඉන්ෂුරන්ස් එකක් නම් අයිතිකාරයට විතරයිද කොහෙද ක්ලේම් ගන්න පුලුවන්. පොලීසියට පෙන්නන්න විතරක් නම් ඔය කෝකත් අවුලක් නෑ. සැක නම් ඉන්ෂුවරන්ස් කොමිපැනියෙන් ඒ ගැන අහල බලපන්. බයික් එක හොදට තියෙනවද බලහන්. පොතේ තියෙන වැසි නම්බර් එන්ජින් නම්බර් බයික් එකේ තියෙනවද බලපන්. MT6 ද කොහෙද කියන ටාන්සර් කරන්න ගන්න ෆෝම් ලියාපදිංචි අයිතිකාරය අත්සන තියෙනවද බලපන්. ලියාපදිංචි අයිති කාරයගේ ID කොපි එකක් තියෙනවද බලපන්. තව ලියුමක් වගේ එකක් ගනින් මුද්දරයක් උඩ අත්සන් කරල. (නීතිය ඉදිරියේ වලංගුද දන්නේ නැත) අද මගේ කලින් බයික් එක වික්ක. මම නම් දුන්නේ ඔය ටික තමා.