Pay-pal ලංකාවට.. බැංකු තුනක් හරහා පමණයි..

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Pay-pal ලංකාවට.. බැංකු තුනක් හරහා පමණයි..

    Pay-pal ලංකාවට.. බැංකු තුනක් හරහා පමණයි..
    May 15, 2014 at 1:06 am | lanka C news
    Pay-pal ලංකාවට.. බැංකු තුනක් හරහා පමණයි..
    සම්පත් බැංකුව හරහා මෙරටට පේපෑල් මුදල් හුවමාරු සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුලින් අදහස් කර තිබුණත් ඒ සඳහා තවත් බැංකු තුනක් පමණ සම්බන්ධ කර ගැනීමට මහ බැංකුව අදහස් කර තිබෙන බව අනාවරණය වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිළධාරියෙකු අප සමග අදහස් දක්වමින් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.

    “අපි මුලින්ම හිතුවේ පේපෑල් සේවාව සම්පත් බැංකුව හරහා හඳුන්වා දෙන්නයි. නමුත්, දැන් අපි උත්සාහ කරන්නේ මෙරට බැංකු හතරක් මගින් මෙම සේවාව මෙරටට හඳුන්වා දීමටයි. පසුව, මෙම සේවාවට මෙරට සියළුම බැංකු සම්බන්ධ කිරීමට අපි අදහස් කර තිබෙනවා.“

    මෙරටට පේපෑල් සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට ඉන්දියාවේ පේපෑල් ශාඛාව සමග සාකච්ඡා කරමින් සිටින අතර මෙරට අපනයන පිළිබඳව වාර්තාවක් ඉන්දියානු ශාඛාව හරහා පේපෑල් ලංකාවෙන් ඉල්ලා තිබෙන බව අප වෙත වැඩිදුරටත් හෙළිවේ.

    මහ බැංකුවේ උසස් නිළධාරියා අප සමග පැවසුවේ එවැනි වාර්තාවක් පේපෑල් වෙත ලබාදීමට බලාපොරොත්තු වන බවත් පේපෑල් සේවාව මෙරටට හඳුන්වාදීමට මේ නිසා යම් කාලයක් ගතවනු ඇති බවයි.

    ලොව පුරා ඉතාමත් ජනප්‍රිය පේපෑල් මුදල් හුවමාරු සේවාව ඔස්සේ මෙරටට මුදල් ගෙන්වා ගැනීමට නොහැකි නමුත් මෙරටින් මුදල් යැවීමේ හැකියාව මේ වනවිටත් ඇත.

    පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.


    - adaderana.lk/biz
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අනිවා බලපන් paypal එකෙන් කෙසේ වෙතත් මෙහෙ බැංකු නම් ගාන කපා ගනී අපෙන් හිටු කියල
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අනිවා බලපන් paypal එකෙන් කෙසේ වෙතත් මෙහෙ බැංකු නම් ගාන කපා ගනී අපෙන් හිටු කියල

    eka eththa ban okum kohoma hari hadanne ape thuttu 2kata kelinna thamai :( kohma hari ikmnta oka dunnanam iwarai redda methana api balan inwa :growl::growl:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    බැංකු වල පේමන් ගේට්වේ බිස්නස් එක ඉවරයි මේක ආවම. එකයි මේ බැංකු පස්ස ගහන්නේ.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕකත් අර ලංකාවට 2009 ඉදලා මදුරු නාශක බැක්ටීරියාවක් ගහනවා කිවා වගේ තමා
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    eBay ලාගේ PayPal ගිණුමට අපේ රුපියල දා ගන්න ඉන්දියාවෙන් අහයි!සම්පත් ඇතුළු අපේ බැංකු 04 ක් යෂ්ටිය අතට ගන්න සුදානම්.

    ශ්‍රී ලාංකේය ජනතාවට මෙතෙක් යම් පමණකට දොර ගුළු ගා තිබු ජාත්‍යන්තර විද්‍යුත් වාණිජ අන්තර්ජාල ගෙව්ම් හා මුදල් හුවමාරු සේවාව වන ඇමෙරිකාවේ eBay Inc. හි අනුබද්ධ PayPal,අපේ සම්පත් බැංකුව ප්‍රමුඛ වාණිජ බැංකු හතරක් හරහා මුලින්ම හදුන්වා දිමට මහ බැංකුව මේ වන විට ඉන්දියාවේ චෙන්නායි හා බැංග්ලෝරයේ පේපෑල් මධ්‍යස්ථාන හා තීරණාත්මක සාකච්ඡා අරඹා ඇතැයි ,ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට අනාවරණය කර සිටියේය.
    ඔවුන් අපෙන් අපේ අපනයන පිළිබඳව වාර්තාවක් ඉල්ලා තිබෙනවා.ඒ ආශ්‍රීත කරුණු පිළිබඳව එකඟතාවයන්ට එළඹි වහා අපට මේ ජාත්‍යන්තර PayPal සේවාව කිසිදු සීමා බන්ධනයකින් තොරව ලක් වැසි සියළු ජනතාවට භූක්ති විදිමට හැකි වේවි.දැන් ඇත්තේ මේ අදාල තත්ත්වයන් නිරාකරණය කර ගැනිම සදහා වන කාල පමාව විතරයි .


    මෙම නිළධාරිවරයා ඊයේ අප වෙත සදහන් කර සිට්යේය.


    මේ අතරේ තවත් මහ බැංකු නිළධාරියෙක් පවසා සිටියේ මුලින් සම්පත් බැංකුව ප්‍රමුඛ වාණිජ බැංකු සතරක් මේ සදහා යොදා ගන්නා බවත් පසුව සෙසු බැංකුද මෙම සේවාව හා එක් කර ගන්නා බවයි.


    PayPal හරහා විදේශයන්ට මුදල් ගෙවිම් සිදු කිරිමට කිසිදු බාධකයක් මේ වන විට නැති මුත් විදේශයන්ගෙන් මෙරටට මුදල් ගෙන්වා ගැනිමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක නොවේ.


    මේ නිසා විදේශ රටවලට ස්වකිය සේවා සපයන ලාංකේය ජනතාවට ලොව නවීනතම ගෙව්ම් පියවිම් සේවාවේ පුර්ණ පහස ලබා ගැනිමේ වරම මේ සංරෝධක හමුවේ මඟ හැරි ඇත.


    ඒ ඒ රටවල මුදල් ඒකක පදනම්ව විකුණුම් කරු විසින් මෙම PayPal හරහා සිදු කරන ගනු-දෙනු සඳහා ගාස්තු අය කිරිමක් සිදු කරයි.ගැණුම්කරු හා විකුණුම්කරු භාවිතා කරන මුදල් ඒකක වල වෙනස් කම් මත ගෙව්ම් පියවිමේදි යම් අමතර ගාස්තු අය කිරිමක්ද සිදු වන බව සදහන්ය.


    වර්ෂ 1999 දි Max Levchin, Peter Thiel, Luke Nosek යන ඇමෙරිකාවට සංක්‍රමනය වි එරට පුරවැසි බව ලද තිදෙනෙකු විසින් ආරම්භ කළ මෙම සේවාව 2002 වසරේදි ප්‍රමුඛතම අන්තර්ජාල සුපිරි වෙළෙඳ සැල් ජාලය වන eBay විසින් ඩොලර් බිලියන 1.5 කට අත් පත් කර ගත්තේය.


    මේ වන විට ලොව පුරා වෙළෙඳ පොළවල් 193 ක මිලියන 143 ක සක්‍රිය පරිශිලකයින් පිරිසකට ස්වකිය අරමුදල් යැව්මේ ,ලබා ගැනිමේ හා සුරක්ෂිතව තබා ගැනිමේ පහසුකම් සලසන අතර මේ යටතේ පහත මුදල් වර්ග 26 පමණක් මේ වන විට අනුමත කළ මුදල් ඒකක වශයෙන් ක්‍රියා කරයි.


    Australian dollar, Brazilian real, Canadian dollar,Chinese renminbi yuan , euro, pound sterling, Japanese yen, Czech koruna,Danish krone, Hong Kong dollar, Hungarian forint, Israeli new sheqel, Malaysian ringgit, Mexican peso, New Zealand dollar,Norwegian krone, Philippine peso, Polish zloty, Russian ruble, Singapore dollar, Swedish krona, Swiss franc, New Taiwan dollar, Thai baht, Turkish lira , United States dollar.


    radhora
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    බැංකු වල පේමන් ගේට්වේ බිස්නස් එක ඉවරයි මේක ආවම. එකයි මේ බැංකු පස්ස ගහන්නේ.

    මොකද්ද ඒ සීන් එක:dull:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අනිවා බලපන් paypal එකෙන් කෙසේ වෙතත් මෙහෙ බැංකු නම් ගාන කපා ගනී අපෙන් හිටු කියල

    danatat apen hura gena kanawane bn mun.
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අනිවා බලපන් paypal එකෙන් කෙසේ වෙතත් මෙහෙ බැංකු නම් ගාන කපා ගනී අපෙන් හිටු කියල

    කමක් නෑ බන් යුද්දේ දිනන්නේ :baffled::rofl::(