Pay-pal ලංකාවට.. බැංකු තුනක් හරහා පමණයි..

May 15, 2014 at 1:06 am | lanka C news

සම්පත් බැංකුව හරහා මෙරටට පේපෑල් මුදල් හුවමාරු සේවාව හඳුන්වාදීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව මුලින් අදහස් කර තිබුණත් ඒ සඳහා තවත් බැංකු තුනක් පමණ සම්බන්ධ කර ගැනීමට මහ බැංකුව අදහස් කර තිබෙන බව අනාවරණය වේ.
ශ්රී ලංකා මහ බැංකුවේ උසස් නිළධාරියෙකු අප සමග අදහස් දක්වමින් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.
“අපි මුලින්ම හිතුවේ පේපෑල් සේවාව සම්පත් බැංකුව හරහා හඳුන්වා දෙන්නයි. නමුත්, දැන් අපි උත්සාහ කරන්නේ මෙරට බැංකු හතරක් මගින් මෙම සේවාව මෙරටට හඳුන්වා දීමටයි. පසුව, මෙම සේවාවට මෙරට සියළුම බැංකු සම්බන්ධ කිරීමට අපි අදහස් කර තිබෙනවා.“
මෙරටට පේපෑල් සේවාව හඳුන්වාදීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව මේ වනවිට ඉන්දියාවේ පේපෑල් ශාඛාව සමග සාකච්ඡා කරමින් සිටින අතර මෙරට අපනයන පිළිබඳව වාර්තාවක් ඉන්දියානු ශාඛාව හරහා පේපෑල් ලංකාවෙන් ඉල්ලා තිබෙන බව අප වෙත වැඩිදුරටත් හෙළිවේ.
මහ බැංකුවේ උසස් නිළධාරියා අප සමග පැවසුවේ එවැනි වාර්තාවක් පේපෑල් වෙත ලබාදීමට බලාපොරොත්තු වන බවත් පේපෑල් සේවාව මෙරටට හඳුන්වාදීමට මේ නිසා යම් කාලයක් ගතවනු ඇති බවයි.
ලොව පුරා ඉතාමත් ජනප්රිය පේපෑල් මුදල් හුවමාරු සේවාව ඔස්සේ මෙරටට මුදල් ගෙන්වා ගැනීමට නොහැකි නමුත් මෙරටින් මුදල් යැවීමේ හැකියාව මේ වනවිටත් ඇත.
පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.
- adaderana.lk/biz

kohma hari ikmnta oka dunnanam iwarai redda methana api balan inwa 

:/