PayPal ලංකාවට....

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අජිත් නිවාඩ් කබ්‍රාල් කියන්නෙ ගේ කුරුල්ලෙක්නෙ බං, මහ බැංකුවේ සම්මුඛ පරීක්ෂණ වලදි කෙල්ලොන්ව ෆේල් කරනවලු.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    10394504_535486829940319_3232922608519368790_n.jpg



    PayPal යනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන ඔන්ලයින් ගෙවීමේ ක්‍රමයකි. මෙය අතිශයින් පහසු ගෙවීම් ක්‍රමයක් වේ.

    අපේ රටේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවද වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකිය. මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය. නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

    ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය. ඔහු කියන්නේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් යන බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවක් ඔහු සමහර තැන් වල කියයි. තවත් ඒවායේ කියන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම ඔහු කතා කරන්නේ PayPal පහසුකම අපට අද හෙටම ලැබෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව හැම දෙනාම දනිති.

    එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම අපටද නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා අජිත් නිවාඩ් කබ්‍රාල් ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් කර නොමැති බවයි.

    රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය.

    1. එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගනුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම.
    2. එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගනුදෙනු වලට බාධාවක් නොවීම.

    අජිත් නිවාඩ් කබ්‍රාල් කතා කරන්නේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන ඔහු වචනයක් වත් කතා නොකරයි.

    ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව ඔන්ලයින් එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙකුලාසි වෙනස් විය යුතුය. එය වන තුරු අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකිය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ.
    එක්සත් ජාතික පක්ෂ රජයේ දින මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි විය. ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයිනි.

    එසේ වුවද අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්‍රමුඛ කාර්යයක් සේ PayPal පහසුකම අපේ රටට ලබා ගැනීම හඳුනා ගෙන තිබේ. මෙය ඔබට අත්‍යාවශ්‍ය කරුණක් බව අපි දනිමු. ඒ ඔබ තේරුම් ගැනීමට රාජපක්ෂ රෙජීමයට කවදාවත් නොතිබුණු හැකියාවක් අපට ඇති නිසාය.

    ----------- එන්න. දිනු දේ රැක ගමු! ----------------------------------------------------------------

    එකතුවන්න ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉටු කරන්නට පෙර ගමන් යන ජාතික යොවුන් පෙරමුණ සමඟින්


    කොපි කලේ මෙතනින්...
    https://www.facebook.com/NationalYouthFrontUNP



    :rolleyes::D දැන් මේක හම්බුනාද බන් ???
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් නම් දෙන්න ලගයි වගේ. ඒකනේ onlne transactions වලට බදු ගහනවා කිව්වේ..

    රවීPAL කියලා එකක් දෙනවලු නේ බන්:yes:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පෙබරවාරි වෙද්දී වැඩේ ගොඩ යයි. අයවැයෙන් විදේශ මුදල් පැත්තට තිබ්බ සිමා අයින් කරා. බද්දකුත් දැම්ම නෙහ්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක දුන්නත් වැඩක් නැති වෙයි. තප බද්දක් ගහයි. හොරට වෙන රටක එකක් කරන එක ලාබ වෙයි.
     

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    දින 100 නෙමේ 180 නෙමේ අවුරුදු දෙකකට කිට්ටු වෙන්න එනවා..මොන ලබ්බක්ද කරලා තියෙන්නේ...?

    ආයේ නය නම් අරන් තියෙනවා හිටු කියලා.