[PayPal ලංකාවෙන් වාර්තාවක් ඉල්ලයි]

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    [PayPal ලංකාවෙන් වාර්තාවක් ඉල්ලයි]

    PayPal ලංකාවෙන් වාර්තාවක් ඉල්ලයි. සම්පත් සමග තවත් බැංකු තුනක්

    ppl.jpg

    සම්පත් බැංකුව හරහා මෙරටට පේපෑල් මුදල් හුවමාරු සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුලින් අදහස් කර තිබුණත් ඒ සඳහා තවත් බැංකු තුනක් පමණ සම්බන්ධ කර ගැනීමට මහ බැංකුව අදහස් කර තිබෙන බව අනාවරණය වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිළධාරියෙකු අප සමග අදහස් දක්වමින් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.

    “අපි මුලින්ම හිතුවේ පේපෑල් සේවාව සම්පත් බැංකුව හරහා හඳුන්වා දෙන්නයි. නමුත්, දැන් අපි උත්සාහ කරන්නේ මෙරට බැංකු හතරක් මගින් මෙම සේවාව මෙරටට හඳුන්වා දීමටයි. පසුව, මෙම සේවාවට මෙරට සියළුම බැංකු සම්බන්ධ කිරීමට අපි අදහස් කර තිබෙනවා.“

    මෙරටට පේපෑල් සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට ඉන්දියාවේ පේපෑල් ශාඛාව සමග සාකච්ඡා කරමින් සිටින අතර මෙරට අපනයන පිළිබඳව වාර්තාවක් ඉන්දියානු ශාඛාව හරහා පේපෑල් ලංකාවෙන් ඉල්ලා තිබෙන බව අප වෙත වැඩිදුරටත් හෙළිවේ.

    මහ බැංකුවේ උසස් නිළධාරියා අප සමග පැවසුවේ එවැනි වාර්තාවක් පේපෑල් වෙත ලබාදීමට බලාපොරොත්තු වන බවත් පේපෑල් සේවාව මෙරටට හඳුන්වාදීමට මේ නිසා යම් කාලයක් ගතවනු ඇති බවයි.

    ලොව පුරා ඉතාමත් ජනප්‍රිය පේපෑල් මුදල් හුවමාරු සේවාව ඔස්සේ මෙරටට මුදල් ගෙන්වා ගැනීමට නොහැකි නමුත් මෙරටින් මුදල් යැවීමේ හැකියාව මේ වනවිටත් ඇත.

    පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.

    adaderana.lk/biz
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    මහ බැංකුවේ උසස් නිළධාරියා අප සමග පැවසුවේ එවැනි වාර්තාවක් පේපෑල් වෙත ලබාදීමට බලාපොරොත්තු වන බවත් පේපෑල් සේවාව මෙරටට හඳුන්වාදීමට මේ නිසා යම් කාලයක් ගතවනු ඇති බවයි.

    Ehenam Ithin thawa avurudu 5k 10 k wage keti kaalayakin Lankawata Paypal Labaa denna katayuthu karaawi ape maha Bankuwe kaarya shuurya Niladaari tika
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහ බැංකුවේ උසස් නිළධාරියා අප සමග පැවසුවේ එවැනි වාර්තාවක් පේපෑල් වෙත ලබාදීමට බලාපොරොත්තු වන බවත් පේපෑල් සේවාව මෙරටට හඳුන්වාදීමට මේ නිසා යම් කාලයක් ගතවනු ඇති බවයි.

    Ehenam Ithin thawa avurudu 5k 10 k wage keti kaalayakin Lankawata Paypal Labaa denna katayuthu karaawi ape maha Bankuwe kaarya shuurya Niladaari tika

    Echchara keti kalekin :shocked:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මහ බැංකුවේ උසස් නිළධාරියා අප සමග පැවසුවේ එවැනි වාර්තාවක් පේපෑල් වෙත ලබාදීමට බලාපොරොත්තු වන බවත් පේපෑල් සේවාව මෙරටට හඳුන්වාදීමට මේ නිසා යම් කාලයක් ගතවනු ඇති බවයි.

    ලංකාවේ හැටියට දැන් කියන්නේ හෙට, හෙට කියන්නේ තව සතියකින් වගේ, තව සතියකින් දෙකකින් කියන්නේ මාස 6 කින් පස්සේ වගේ, ලගදීම කියන්නේ අවුරුදු 2,3 කින් වගේ, කෙටි කාලයකින් කියන්නේ එතකොට අවුරුදු 5,6 වගේ. :rofl:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ලංකාවේ හැටියට දැන් කියන්නේ හෙට, හෙට කියන්නේ තව සතියකින් වගේ, තව සතියකින් දෙකකින් කියන්නේ මාස 6 කින් පස්සේ වගේ, ලගදීම කියන්නේ අවුරුදු 2,3 කින් වගේ, කෙටි කාලයකින් කියන්නේ එතකොට අවුරුදු 5,6 වගේ. :rofl:
    :lol:
     
    xfiles1

    Member
    Apr 28, 2014
    22
    0
    0
    ලංකාවේ හැටියට දැන් කියන්නේ හෙට, හෙට කියන්නේ තව සතියකින් වගේ, තව සතියකින් දෙකකින් කියන්නේ මාස 6 කින් පස්සේ වගේ, ලගදීම කියන්නේ අවුරුදු 2,3 කින් වගේ, කෙටි කාලයකින් කියන්නේ එතකොට අවුරුදු 5,6 වගේ. :rofl:

    aniwa machan
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    "අපි මුලින්ම හිතුවේ පේපෑල් සේවාව සම්පත් බැංකුව හරහා හඳුන්වා දෙන්නයි."

    ඇයි සම්පත් එක රජයේ බැංකු ටික හොද නැත්ද ? පුද්ගලික බැංකුවක් තෝරා ගත්තේ ! මේ වැඩේ කරන්න.

    වෙන හේතුවක් නෙමේ ! ඒ බැකුවේ දැන් ප්‍රධාන අධ්‍යක්‍ෂක ධම්මික පෙරේරා නේ !ආණ්ඩුවට ජනාධිපතිට උගෙන් තොර ලෝකයක් නැහැනේ !

    ඒ සල්ලි හුවමාරු වෙන කොට ගන්න අමතර ගාස්තුත් ධම්මිකටම බර වෙනවානේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    "අපි මුලින්ම හිතුවේ පේපෑල් සේවාව සම්පත් බැංකුව හරහා හඳුන්වා දෙන්නයි."

    ඇයි සම්පත් එක රජයේ බැංකු ටික හොද නැත්ද ? පුද්ගලික බැංකුවක් තෝරා ගත්තේ ! මේ වැඩේ කරන්න.

    වෙන හේතුවක් නෙමේ ! ඒ බැකුවේ දැන් ප්‍රධාන අධ්‍යක්‍ෂක ධම්මික පෙරේරා නේ !ආණ්ඩුවට ජනාධිපතිට උගෙන් තොර ලෝකයක් නැහැනේ !

    ඒ සල්ලි හුවමාරු වෙන කොට ගන්න අමතර ගාස්තුත් ධම්මිකටම බර වෙනවානේ.

    cat escaped from bag :shocked: