මම මේ කියන්ඩ යන්නේ සරල විදිහට කොහොමද PCB එකක් හදා ගන්න විදිහ.....මේක නම් හුගක් අයට යෝජනවත් වෙයිද කියලා නම් කියන්ඩ දන්නේ නෑ.....කමක් නෑ දැනගන්ඩත් එක්ක බලන්ඩකෝ.....
දැන් බලයි මේ ගැන වැඩිය දන්නේ නැති අය මොකක්ද මේ PCB කියන්නේ කියලා.....මෙන්න මේ රූපය දිහා බලන්ඩ දන්නවාද කියලා...
PCB (Printed Circuit Board)
සමහර PCB ඒවා නම් අපිට ඉලෙක්ට්‍රොනික් කඩයකින්ම ගන්න පුලුවන්......ඒත් හුගක් PCB
ඒ කඩවල ගන්ඩ නෑ....ඒ වගේ වෙලාවට අපිටම ඒවා හදාගන්ඩ වෙනවා....
හැබැයි මේක පලවෙනි පාරට හදනකොට පොඩි පොඩි අඩු පාඩු වෙන්ඩ පුලුවන්.....හැබැයි හරියට කරොත් පලවෙනි සැරෙන්ම හදා ගන්ඩ පුලුවන්.....තව මේකට ඔන කරන දේවල් ටිකක් තියෙනවා.....ඒවා නම් ඉලෙක්ට්‍රොනික් කඩයකින් ගන්ඩ පුලුවන්....
1. ඔයාලා හදන්ඩ යන PCB එකේ Layout එක ලේසර් ප්‍රින්ටරයකින් A4 කොලයක ප්‍රින්ට් කර ගන්ඩ.
(මේකෙන් ලේඅවුට් ගන්ඩ පුලුවන් www.onlinetps.com)
(පහල තියෙන දේවල් ටික ඉලෙක්ට්‍රොනික් කඩයකින් ගන්ඩ පුලුවන්)
2. කොපර් බොර්ඩ් 1ක් (රු.45 ක් විතර වෙනවා)
3. ෆෙරික් ක්ලෝරයිඩ් (Ferric Chloride)
4. පොඩි ග්‍රිල් එකක් හදා ගන්ඩ ඔනේ බොර්ඩි එක සිදුරු කර ගන්ඩ...( එක හදා ගන්න විදිහ මම අන්තිමට කියන්නම්..)
5. PCB විදින ග්‍රිල් කට්ටක්
මේවා තමා මුලිකවම ඔන වෙන්නේ තව පොඩි දේවල් ටිකක් ඔන වෙනවා ඒවා මම මේක හදාගෙන යද්දී කියන්නම්.
එහෙනම් දැන් හදන්ඩ පටන් ගමු....
ඉස්සෙල්ලාම ඔන කරන PCB ලේඅවුට් එක හොයා ගෙන එක ලේසර් ප්‍රින්ටරයකින් A4 කොලයක ප්‍රින්ට් කර ගන්ඩ. ඊට පස්සේ ලේඅවුට් එකේ ගානට කොලය කපා ගන්ඩ..
ඒ ලේඅවුට් එකේ ප්‍රමාණයටම කොපර් බොර්ඩ් එකෙන් කැල්ලකුත් කපා ගන්ඩ..
දැන් ඒ කපා ගත්තකොපර් බොර්ඩ් එකේ උඩින් බැදිලා තියෙන එවා ඉවත් කර ගන්ඩ විම් හරි ඒ වගේ දෙයක් අරගෙන හොදට කොපර් බොර්ඩ් දිලිසෙනකන් මදින්ඩ...පස්සේ බොර්ඩ් එක පොඩ්ඩක් වේලෙන්ඩ තියන්ඩ....
දැන් PCB ලේඅවුට් කොලේ ප්‍රින්ට් කරලා තියෙන පැත්ත බොර්ඩ් එක උඩ (දිලිසෙන පැත්තේ) තියලා විදුලි ස්ත්‍රික්කයකින් හොදට විනාඩි 15ක් විතර අර කොළේ මදින්ඩ......
(එතකොට වෙන්නේ අර අපි ප්‍රින්ට් කර ගත්ත ලේඅවුට් එක කොපර් බොර්ඩ් උඩ ඈලවෙනවා..)
විනාඩි 15ක් විතර මැදලා ඉවර උන ගමන් දෙහි යුෂ්ම ටිකක් (දෙහි ගෙඩි බාගයක විතර) අර කොළය උඩට දාන්ඩ..... දාලා අර කොළය හෙමිට ඈගිලි වලින් අතුල්ලන්ඩ...
එතකොට අර PCB ලේඅවුට් (කලු පාට දාර) එක විතරක් බොර්ඩ් එක උඩ ඉතුරු වෙලා අනිත් සුදු පාට කොටස් ටික ගැලවිලා යයි...
දැන් පොඩි භාජනයකට උණු වතුර ටිකක් (කොපර් බොර්ඩ් එක ගිල්වන්ඩ පුලුවන් තරම්) අරගෙන එකට ෆෙරික් ක්ලෝරයිඩ් (Ferric Chloride) ටිකක් දාලා දිය කරන්ඩ...ඊට පස්සේ අර අපි ලේඅවුට් එක අලවා ගත්ත කොපර් බොර්ඩ් එක ෆෙරික් ක්ලෝරයිඩ් දිය කර ගත්ත උණු වතුරේ ගිල්වලා දවසක් විතර තියන්ඩ...
දවසක් විතර තියලා පොඩ්ඩක් බලන්ඩ අර ලේ අවුට් එක විතරක් ඉතුරු වෙලා බොර්ඩ් එකේ තියෙන කොපර් දිය වෙලා ගිහින්ද කියලා.....නැත්තම් තව ටික වෙලාවක් තියන්ඩ කොපර් දිය වෙලා යනකන්.....
(ලේ අවුට් එක ඉතුරු වෙලා කොපර් දිය වුනාම බොර්ඩ් එක දුඹුරු පාට වෙනවා)
මෙන්න මේ වගේ කරගත්තට පස්සේ මොකක් හරි තලයක් අරගෙන ඔය කලු පාට තියෙන ලේඅවුට් එක හොදට හුරන්ඩ......දැන ඔයාලට පෙනෙයි ලේඅවුට් එකේ (කලු පාට දාර වල) විතරක් කොපර් ඉතුරු වෙලා තියෙනවා......
දැන් තියෙන්නේ බොර්ඩ් එකේ සිදුරු විද ගන්ඩ..... එක කරන්ඩ පොඩි මෝටරයක්, පොඩි පෑන් බට කෑල්ලක් අරගෙන පෑන් බට කෑල්ල මෝටරයේ තුඩට බස්සලා පෑන් බට කෑල්ලේ උඩ පැත්තට අර PCB විදින ග්‍රිල් කට්ට බස්සන්ඩ...දැන් හොද ගම් වර්ගයක් අරගෙන
PCB විදින ග්‍රිල් කට්ට ගැලවෙන්නේ නැති වෙන්ඩ අලව ගන්ඩ...
දැන් මෙන්න මේකෙන් අර බොර්ඩ් එකේ සිදුරු විද ගන්ඩ.
ඔන්න දැන් අපි PCB (Printed Circuit Board) එක හදා ගෙන ඉවරයි...
මේකේ මොනා හරි අපැහැදිලි තැනැක් තියෙනවා නම් අහන්ඩ.....
සැ.යු : ෆෙරික් ක්ලෝරයිඩ් අත් වල ගෑ වුනොත් සබන් ගාලා හොදට හොද ගන්ඩ.....
All Credit Goes To : Saliya Ruchiranga

Last edited:
වැඩකුත් නෑනෙ.. 

Ow...ehemat karanda puluwanlu...