pen drive එකේ file සගවා තබමු ...

pen drive එකේ file සගවා තබමු ...

lock1.png




ඉතින් වෙනද වගේම හැමදෙනාටම සුබ දවසක් ... ඉතින් මේ ක්‍රමය තමන්ගේ වටිනා ෆයිල්
පෙන් drive වල දමාගෙන තියෙන අයට වැදගත් වේවි යම්තාක් දුරට ...මොකද අපි මොනවා කරලා හැන්ගුවත් ..ඒවා සොයන්න අලුත් සොෆ්ට්වෙයා ඕන තරම් තියෙනවා...
ඒවා එහෙම වුනත් ෆයිල් ටික නිකන්ම පෙන් එකේ තියෙනවට වඩා මේවගේ ක්‍රමයක් භාවිතා කලොත් පොඩි ආරක්ෂාවක්‌ හරි ලැබෙනවා .. මෙහෙමයි කරන්නේ
මුලින්ම තමන්ට සැගවීමට අවශ්‍ය ෆයිල් ටික පෙන් drive එකට කොපි කරගන්න... ඊළගට මේ ෆයිල් ටික එකතු කරලා executable ෆයිල් එකක් හදාගන්න ඕන .. ඒක කරගන්ඩ පොඩි සොෆ්ට්වෙයා එකක් තියෙනවා නොමිලයේ බාගන්න පුළුවන් .. මේක තමයි lockngo , තව ඒවත් ඇති ..

මුලින්ම lockngo වල exe ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ..
මෙන්න ලින්ක් එක
ඊට පස්සේ lockngo.exe ෆයිල් එක තමන්ගේ සැගවීමට අවශ්‍ය ෆයිල් ටික තියෙන පෙන් drive එකට කොපි කරගන්න .. මෙන්න මේවගේ.....


lock3.png



දැන් lockngo.exe ෆයිල් එක මත ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න . මෙන්න මේවගේ...














මෙහිදී අපිට නොමිලයේ ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ ඩිමෝ වර්ෂන් එකක් නිසා. පාස්වර්ඩ් එකක් දමා ගැනීමට බැහැ . ඒ නිසා මෙතනින් ok මත ක්ලික් කරන්න. එවිට lockngo වලින් සැගවීමට අවශ්‍ය සියලු ෆයිල් ටික එකතුකරගෙන තනි lockngo.exe ෆයිල් එකක් හදාගන්නවා.. මෙන්න මේවගේ..










දැන් පෙන් ධ්‍රයිව් එකේ ඉතුරුවෙලාතියෙන්නේ තනි lockngo.exe ෆයිල් එකක් විතරයි .. දැන් මේ lockngo.exe එක සගවන්නට තමයි යන්නේ.....
මුලින්ම windows key + r ගහල program run මතට ගොස් එහි open මත cmd යැයි ටයිප් කර ok කරන්න,, මෙන්න මේ වගේ













එවිට පරිගණකය command prompt වලට පිවිසේ .. ( DOS command වලට) ...
එහිදී මුලින්ම පෙන් ධ්‍රයිව් එක තියෙන ධ්‍රයිව් එකට මාරු වන්න. මගේ නම් g: එකේ තමයි පෙන් ධ්‍රයිව් ඊට පසු ...
එහිදී attrib +s +h +r lockngo.exe යැයි ටයිප් කර එන්ටර් කරන්න. පහත රුපයේ පරිදි..













දැන් වැඩේ ඉවරයි ... අපහු ගිහිලා බලන්නකෝ පෙන් ධ්‍රයිව් එකේ මොනවද .. තියෙන්නේ කියල.. ඒක බලලා මොනවද තියෙන්නේ කියල ..මටත් කියන්න ...
:D:D:D:D:D:D:D

උපුටා ගැනීමකි
 

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    හොඳ පෝස්ට් එකක්.. ඒත් සහෝ ෆෝල්ඩර් ඔප්ෂන්ස් වල Show hidden files & folders ඔප්ෂන් එක tick කරලා Hide protected operating system files untick කරාම attrib command එකෙන් හංගපුව නම් පෙන්නනවා...
    මේ සොෆ්ට්වෙයා එක හරහා කරාම නම් කොහොම වෙයිද කියල මම දන්නෙ නෑ.. ස්තුතියි බෙදා ගත්තට අපිත් එක්ක :love::love:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    There's no hiding from linux. All your folders files is shown there ....:lol::lol:

    The only way to protect stuff is encrypt with a power full cyphen higher than 256-bit, but still it will be decrypted after some days.