මගේ නම් තියෙන්නෙ Peoples & BOC
2017 වගේ ඕපන් කරේ. පිටරට ඉන්න ක්ලයන්ට් කෙනෙක්ගෙන් ලෙටර් එකක් ගෙනැත් දුන්න ආහ් තව පාස්පෝට් කොපි දුන්න. නැතුව නම් ඕපන් කරන්න දුන්නෙ නෑ. දැන් ඔක්කොම නීති වෙනස් කරල ඇති බං. කතා කරල බලපං
ඔව් මමත් එහෙමයි කරේ. ඩොලර් Earn කරනව කියල පෙන්නන්න අර ඩොකියුමන්ට් එක දුන්නෙ.එහෙම ජොබ් කරන කියල Specific job type එකක් නෑ. දැන් ගොඩක් නීති ලිහිල් වෙලා ඇති.
ඕපන් කරද්දි කීයක්වත් ඕන නෑ. BOC එකේ නම් පළවෙනියටම $50ක් ආවම තමයි ඇක්ටිව් උනේ අකවුන්ට් එක. අනිත් එකේ ඒ මුකුත් තිබ්බෙ නෑ. Min balance එක ඩොලර් 50ක් තියාගන්න ඕන.
ලොකුම වාසිය ඉතිං උඹට ඩොලර් ඩොලර් විදියට තියාගෙන ඉන්න පුලුවන්. ඩොලර් වලට 21% පොළියට රුපියල් වලින් ලෝන් එකක් ගන්න පුලුවන්. රේට්ස් වැඩි උන කාලෙක Withdraw කරන්න පුලුවන්. මේකට ලැබෙන පොළියට කිසිම විදියකින් Withholding TAX කැපෙන්නෙ නෑ. එයිට අමතරව ඉතිං ඩොලර් PFCA එකකට ගෙන්නන කෙනෙකුට බැංකුවෙ පොඩි තත්වයක් ලැබෙනව. ලෝන්, ක්‍රෙඩිට් කාඩ් ඇප්ලයි කරද්දි වාසියක් වෙයි.
තව රට යනව නම්, වෙන මොනවහරි දේකට ඩොලර් ඕන වෙනව නම් ඩොලර් වලින්ම පේ කරන්න පුලුවන් බෑන්ක් එකෙන් ඇපෲවල් අරගෙන.
ලොකුම වාසිය ඩොලර් වලින් FD දාන්න පුලුවන්. මම අද ඩොලර් 5000ක FD එකක් දාල Special rates හම්බ උනා 7%යි. මාත් අද දන්නෙ උන්ට ඩොලර් වලට ස්පෙෂල් රේට්ස් දෙන්න පුලුවන් කියල.