Pharmacy Business

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,558
    24,567
    113
    Fantasy
    මචො මට තියෙනවා සොෆ්ට්වයා කම්පැනි එකක්, අපි ලග තියෙනවා වෙනම ෆාමසි පැකේජ් එකක්,
    දැන්නේ තෙරෙන්නේ elakiri sex drug journal thread එක දාන්න දැනුමක් කොල්ල හොයගත්තේ කොහොමද කියලා. :love:
     
    • Like
    Reactions: wqe123

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    මචො මට තියෙනවා සොෆ්ට්වයා කම්පැනි එකක්, අපි ලග තියෙනවා වෙනම ෆාමසි පැකේජ් එකක්,
    ඉතින් මට ෆාමසි එක්ක ගොඩක් ලග අශ්‍රයක් තියෙනවා. නිකං නෙමෙයි ඇතුලෙ වෙන ප්‍රොසෙස් එකක් එක්ක, දන්න පොඩි පොඩි දෙවල් ටිකක් කියන්නම්.

    ඇත්තටම කිව්වොත් බං, සුපිරිම බිස්නස් එකක්, කොරොනා කාලෙ උනත් කිසිම අව්ලක් නැතුව හොදම මැච් එකක් ගහපු බිස්නස් එකක්,

    ෆාමසිසිට් කෙනෙක් එක්ක සෙට් වෙලා ලයිසන් එක නම් ගන්න පුලුවන්, ඒත් ෆාමසි කියන්නෙ වෙනම බිස්නස් එකක්,
    පට්ට මිටරෙන් කරන්න ඕන,

    ෆාමසියට මිනිහෙක් ප්‍රිස්ක්‍රිප්ශන් එකක් අරන් ආවම බඩු ඔක්කොම තියෙන්න ඔන, එක බඩුවක් අඩුයි නම්, එක වෙන ෆමසියකින් ගන්න කැමති නැ මිනිස්සු,
    වෙන ෆාමසි එකකට ගියාම එක පොත පෙන්නලා මෙකවිතරක් දෙන්න කිව්වම, අපි ලගට එන්න තිබ්බනෙ අපි ලග නම් ඔක්කොම තියෙනවා කිව්වොත්, ආයෙ කස්ටමර් අපේ තැටන එන්නෙ නැ,

    ඒ විතරක් නෙමෙයි, එකම බෙහෙත බ්‍රැන්ඩ් 10 කින් තියෙන වෙලාවල් තියෙනවා, අපි කොච්චර පන්ඩිත ටොක් දිලා කිව්වත් මේක මේ බෙහෙතමයි කියලා මිනිස්සු ගන්නෙ නැ, අනිවා බ්‍රැන්ඩ් එකෙන්ම ඉල්ලන්නෙ,
    රුපියල් 5 ට අපි ගාව තියෙන එකම මිනිස්සු ඉල්ලන්නෙ 80 ට තියෙන එක උනත් උන්ට ඕන 80 එක, ඒ වගෙම එකම බෙහෙත වෙන කම්පැනි වලින් ගත්තට අන්සර් කරන්නෙ නැති සින් එකක් තියෙනවා මිනිස්සුන්ට
    ඒ නිසා එකම බෙහෙත උනත් කමොපැනි නම් 10 කින් තියගන්න වෙන අවස්තා තියෙනවා.

    සමහර බෙහෙත් ලියන්නෙ සමහර ඩොක්ටර්ස් ලා විතරයි, ඒ ඩොකා ට්‍රන්සර් ගියාම අයේ එ ටවුන් එකේ ඒ බෙහෙත විකිනෙන්නෙ නැ,

    සමහර බෙහෙත් යන්නෙ සමහර කාල වලට විතරයි, එක එක මාස වල සේල් එක වෙනස්,

    වැහි කාලෙට/ දුවිලි කාලෙට / හුලං කාලෙට එක එක බෙහෙත්.

    දරුනුම කේස් එක, බෙහෙත් එක්ස්පයර් වෙනවා, ශොර්ට් එකපයරි කියලා එනවා මාස තුනට අඩු, ඒවා ගත්තොත් බොනස් වැඩියි, ගානත් අඩුයි, ඒත් රිස්ක් එක වැඩියි, අරන් මාස 2 ක් ඇතුලට විකුනගත්තොතොන් ගොඩ, නැත්නම් රිටන් කරන්න වෙනවා.

    සමහර කම්පැනි එක්ස්පයර් රිටන් වලට ආයෙ බඩු ගද්දි බිලෙන් අඩු කරනවා, සමාහර කම්පැනි නම් අරන් යනවා අපිට ගෙවන්නෙ නැ, (බෙහෙත් කුනුලොරියට දන්න තහනම්)

    ෆාමසි වල කස්ටමර් බෙස් එක බලන්න ඕන, සමනයෙන් බිස්නස් දෙක තුනක් තියෙනවා.
    ඩ්‍රග්ස්
    කොස්මැටික්
    බේබි අයිටම්ස්
    ග්‍රොසරි අයිටම්ස්

    අනිත් එක දාන ලොකේශන් එක පට්ට වැදගත්, හොස්පිටල් එකක් ලග / බස්ස්ටැන්ඩ් එකක් ලග වගේ පට්ට,

    එ වගෙම ෆාමසි එකකට හො ඔනම බිස්නස් එකකට walk-in customers ලගෙන් බිස්නස් කරන්න බැ, එහෙම පුලුවන් පාර අයිනෙ තියෙන්න පෙට්ටි කඩ වලට විතරයි, ඔනම බිස්නස් එකක දිනපතා එන පුරුදු කස්ටමර් බේස් එකක් තියෙන්න ඕන,

    ඩොක්ටස්ලා කරන ඩිස්පෙන්සරි / දත් ඩොක්ටලා / වෙට් ලා / ආයුරුවෙද ඩොකාලා, වගෙ සෙට් කරගන්න ඩිස්කවුන්ට් එකක් එක්ක එයාලට බඩු දෙන්න,
    හැම දාම බෙහෙත් ගන්න ප්‍රෙශර් / ඉන්සියුලින් වගෙ ලෙඩ්ඩු ටිකක් පුරුදු කරගන්න, ඒ බෙහෙත් බෆර් ස්ටොක් එකක් එක්ක කවදාවත් බඩු නැති කරගන්නෙ නැතුව තියාගන්න

    ඒ කස්ටමර්ස් ලා ටික තමයි බිස්නස් එකේ බැක් බොන් එක, රෙන්ට් / ලිස් / එක්ස්පෙන්සස් එයලගෙන් කවර් කරගන්න, වොකින් කස්ටම්ර්ස් ලා ඔයාගෙ ප්‍රොෆිට් එක, කොරොනා ආවත් අර පුරුදු අය එනවා, බිස්නස් නැති වෙන්නෙ නැ කවදාවත්,

    සමහර ෆාමසි තියෙනවා,, වයසක අම්මලා ඉන්න ලමයි රට ඉදන් සල්ලි දාන්නෙ බැන්ක් අකවුන්ට් එකට, ෆාමසි එකෙන් ගෙදරට ගිහින් දෙනවා බෙහෙත්, බෙහෙත් වලට 10,000 යි නම් 50,000 ක් දානවා, එවා මොලෙන් ගගන අමතර මැච්,

    වයසක අම්මලා, පොඩි ලමයි, බබලා හම්බ වෙන්න ඉන්න අම්මලා ආවම මුල් තැනක් දෙන්න නෙමෙයි, වෙනම කෙනෙක් දාන්න එයාලව හැඩල් කරන්න, එක මිනිහෙක් ඉග්නොර් කරලා උ අපිට හිටියත් නැතත් කියලා හිතන්න බැ, එක කස්ටමර් කෙනෙක් ට පුලුවන් තව කස්ටමර්ස්ලා 1000 ක් කඩන්න වගෙම, තව 10000 ක් අපිට සෙට් කරන්න,

    ෆාමසි කියන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගේ කේස් එකක්, අපේ සේල්ස් එක දන්නෙ නැතුව පර්චස් කලොත් සල්ලි හිරවෙනවා එක තැන,
    ටික කාලයක් ගියාමත් ක්‍රෙඩිට් දෙන්නෙ මාසයක් විතර, ඉතින් ගෙනාපු බඩු මාසයක් ඇතුලට ගියේ නැත්නම් බැන්කුව ඕඩි වෙනවා (මේ දවස් වල බැන්කු ඕඩි දෙන්නෙත් නැ)

    හර්ඩ්වයා / පොත් කඩ ගත්තොත් පුලුවන් තරම් පර්චස් කරන තරමට ලාබයි, මොකද බඩු ගනන් වැඩිවෙනවා කල් ඉකුත් වෙන්නෙ නැ, ඒත් ෆාමසි එකක හැම බඩුවක්ම කල් ඉලුත් වෙනවා 0.1% ක් විතර ඇරෙන්න.

    බඩු අඩුවෙන් ගත්තොත්, කස්ටමර්ස් ලා ඉල්ලන දෙ දෙන්න බැරුව කස්ටම්ස්ලා කැඩෙනවා.

    ඒ වගෙම බෙහෙත් වැරදිලා දුන්නොත් එක කම්ප්ලැන් එකක් ඇති ෆාමසිය වහන්න වෙනවා ( එක ටැබ්ලට් එකක් වැරදිලා මිනිස්සු මැරුන කේස් තියෙනවා ඕන තරම්)

    මිනිස්සු ඒ නිසා එන්නෙ විශ්වාසෙට, එකකට සෙට් උනොත් වෙන එකකට යන්නෙ කොන්ඩම් ගන්න විතරයි :D

    ඒ වගෙම ෆාමසි එකට වඩා මිනිස්සු විශ්වාසෙ තියන්නෙ වැඩ කරන ස්ටාෆ් එකට. උබ එකෙක් ව හොදට හදලා උගන්නලා ගත්තා කියපන්කො, වෙන එකෙක් ඔෆර් එකක් ගැහුවොත් ඌ යන්නෙ උබේ හොදම කස්ටමස් ලා සෙට් එකත් අරගෙන,
    එකෙක් විස්වාස කරන් ඉදලා හාන්සි උන ෆාමසි මම දැකලා තියෙනවා

    අනිත් එක පර්චසින් උබ හෝ / මැනෙජර් ඇරෙන්න කාට වත් දෙන්න එපා, බොනස් වලට රෙප් ලා හොද හොද මැච් ගහනවා,

    තව සමහර බෙහෙත් වලින් ඩොක්ටර්ස්ලට ගෙවනවා ඒවා ලියනවට එ වගෙම ෆමසි එකෙන් විකුනනනවටත් ගෙවනවා

    රික්ස් ම කේස් එක, එවා ඔඩර්ස් දාන කෙනාටත් හොරෙන් ගෙවනවා (රීලොඩ් / ඊසිකැශ් / බැන්ක් ඩිපොසිට් වගේ) ඉතින් උබ දන්නෙ නැතුව උබේ ෆාමසි එකට බඩු ගොඩ ගහලා තියෙයි වැඩ කරන උන් වාසි ගාන්න පර්චස් කරලා. (ඔය සින් එක නිසාම ලොකු ෆාමසියක් වහන්න උන කේස් එකක් මම දන්නවා, වහද්දි අන්තිමට බොසා වාහනෙත් විකුනලා දැන් බයික් එකක යන්නෙ, වැඩ කරපු එකෙක් ප්‍රයස් එකක යන්නෙ :D ඒත් ඌ කවදාවත් කැශියර් හිටියෙත් නැ, සිස්ටම් එකට පිටින් හොරෙන් බිල් දාලත් නැ ඒ කියන්නෙ බඩු හොරකම් කරලත් නැ, රෙප්ලා එක්ක එකතු වෙලා හොයාගන්න තියා නඩු දාන්න වත් බැරි මැච් එකක් ගහලා තිබ්බෙ)

    ඒ වගෙම ෆාමසි වල ස්ටොක් එක ගැන මම දන්න හින්දා මම දන්නවා
    මද්‍යම ප්‍රමානයෙ ෆාමසි එකක ස්ටොක් එක ලක්ශ 50 ක් විතර / ස්ටාෆ් 10
    පොඩි ෆාමසි තියෙනවා ලක්ශ 15 න් හොද මැච් එකක් ගහන / ස්ටාෆ් 3

    සාමන්යෙන් ලක්ශ 25 ක ස්ටොක් එකක් තියාගන්න පුලුවන් නම් බය නැතුව මැච් එකක් ගහන්න පුලුවන්,
    ස්ටාෆ් 4 ක් ෆාමසිස්ට් හරි මැනෙජර් හරි උබ හරි එක්ක 5 ක්
    රැක් ගහන්න සාමන්යෙන් ලක්ශ 8-10
    ෆ්‍රිජ් වලට / AC ලක්ශ 4 ක් (සමහර බෙහෙත් තියෙනවා ෆ්‍රිජ් එකෙ විතරයි තියන්න පුලුවන් + අරන් යද්දි අයිස් එක්ක දෙන්න ඕන)
    සිස්ටම් එකට ලක්ශ 6 - 8

    සිස්ටම් එකට ලක්ශ 8 ක් මොකටද හිතෙයි, 25,000 කටත් සිස්ටම් කරන උන් ඉන්නෙ කියලා, ඔය ගාන හර්ඩ්වයා වලටත් එක්ක,
    සිස්ටම් එකක් හරි යට නැතිනම් ෆාමසි එකක් දුවන්න බැ ලොවෙත්, ස්ටොක් බලන්න, පර්චසින්ග් කරන්න, ඔලුවෙන් කරනන් බැ තියෙන අයිටම් ගානත් එක්ක. ඒ වගෙම එක මැශින් එකක් දාගෙන ෆාමසි එකක බිල් කරන්න බැ සුපර් මාකට් එකක වගෙ, එක ස්ටාෆ්ට එක මැශින් එක ගානෙ දෙන්න වෙනවා,
    ඒ වගේම බෙහෙත් 80% කගෙ බාර්කොඩ් එන්නෙ නැ, ඒ නිසා අපිට බාර්කොඩ් ප්‍රින්ටර් එකක් තියාගෙන බර්කොඩ් ස්ටිකර් අලවන්න වෙනවා,
    එක ස්ටාෆ් කෙනෙක් වෙනම තියාගන්න ඕන, කම්පැනි වලින් බඩු ආවම චෙක් කරන්න, සිස්ටම් දාන්න, චෙක් ලියන්න, එයා මුලු දවසම ඒ වැඩෙට තියන්න වෙනව,

    තව මතක් උනොත් අප්ඩේට්ස් දෙන්නම්.
    89,900 ta dennam baduth ekka system eka. 1year comprehensive warranty. :D
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    pharmacy licence ekata maseta gaanak gewanna ona Eg 25k-60k (avarage 30k) (wisthara udin daala anith aya)
    ehema nathi nam horen karanna ona, ahuunoth nadu & dada
    Fridge ekak ganna ona, A/C ekak thibboth samahara drugs walata hoday...
    badu ganna kota expiry balala ganna ona, expire wenakota return karanna puluwan wenna onaaa
    checker la paninawa samahara pathi wala nitharama prescription nathiwa drug wikunana ewata (Controlled medicine)
    kada kuli, widuliya A/C, Fridge walata, beth gana danne nathi nam danna sewakayek ganna wenawa ubataaa....
    Beheth jathi walin loku margin naaaa
    loku margin thiyenne oya cream jathi (cosmatic) balu kaama, wage dewala walin.
    tikak loku stock ekak maintain karanna ona....... awilla ahana beth nathi jathi nam minissu enne nahaaaa..... deparak harila giyoth aye enna nathima tharam
    handiye dockek gaawa pharmacy ekak daala, dockatath keeyak hari yana wada piliwalak hadagaththa nam podi chance ekak thiyanawa

    uba elaah yako. jaya wewa
     
    • Like
    Reactions: wqe123