එහෙම කියන්න එපා.. හොද මිනිස්සුත් ඉන්නවා දැනට දවස් 4 විතර ඉස්සෙල්ල මම දන්නා කෙනෙක් s24 ultra එකක් කඩේක අමතක වෙලා දාල ගිහින් තිබ්බ. උටත් අමටක වෙලා කොහෙදිද නැති උනේ කියල. පොන් එකට කෝල් කරාම කඩේ ගෑනු කෙනා අන්සාර් කරලා කියල අරන් අවිල්ල් යන්න කියල.
මගේ කඩේට් phone දාලා ගිය අය ඉන්නවා . එයාලා කෝල් කරලා ඇවිත් අරං යනවා. එකම සැරයක් විතරක් මාසයක් තියාගෙන හිටියා. ඒකේ සිම් එක නැහැ. මාසයකින් විතර පස්සේ රෙප් කෙනෙක් ඇවිත් පෝන් එක එයාගේ කියලා අරං ගියා.
හොඳ අලුත් පෝන් එකක් පාරේ වැටිලා තිබිලා හම්බුනා. හැබැයි දවස් දෙකකට පස්සේ තමයි කෝල් එකක් ආවේ. එතකම් චාර්ජ් කර කර හිටියා
මම නම් පෝන් එකේ ලොක් ස්ක්‍රීන් මැසේජ් එකේ නමයි ලෑන්ඩ් පෝන් නම්බර් එකයි දාලා තියෙන්නේ.
තව දවසක් පර්ස් එක පාරේ වැටිලා සල්ලිත් එක්කම එක්කෙනෙක් අහුලලා ගෙනත් දුන්නා . හැබැයි බැංක් කාර්ඩ් ටික කැන්සල් කරලා අලුතින් ගන්න කට්ටක් කෑවා