Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය(part01)

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය(part01)

    Normally Smartphone වල, Normal phone වල දකින්න පුළුවන් ලොකුම අඩුපාඩුව විදියට Phone එකේ Battery එක ඉක්මනට dead වීම කියන්න පුළුවන්.

    ඒකට ලොකුම හේතුව විදියට මම දකින්නේ Phone එක Charge කිරීමේදී නිවැරදි පියවරක් අනුගමනය නොකිරීමයි.

    Battery එක charge කරනකොට Full charge කරන්න එපා.

    මොකක්? ? ?

    මේක තමයි ගොඩක් අය කරන එක වැරැද්දක්. ඉස්සර ගොඩක්ම භාවිතා කළේ Ni based battery නිසා ඒක අවුලක් වුනේ නෑ. නමුත් දැන් 90% කටත් වැඩිපුර තියෙන්නේ “Li” based battery නිසා ඒවා Full charge කරන්නේ නැතුව තියනවනම් හොදයි. ඒක නිසා Battery life එක අඩුවෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියනවා.

    (ගොඩක් නිෂ්පාදක අය තමන්ගේ Brand එක වර්ධනය කරගන්න 95% ට පසුවත් Charge වීමක් පෙන්නනවා. නමුත් එසේ කිරීමේදී බැටරි ආයුකාලය අඩුවේ.)

    Battery එක 10% ට අඩුවෙන් use කරන්නත් එපා.

    මේක තමයි ඔයාලා වැඩිපුරම සැලකිලිමත් වෙන්න අවශ්‍ය දේ. 10% ක් කිව්වට 15% ක් වගේ වුනාට පස්සේ Battery එක use නොකර Phone එක Off කරලා තියන්න පුලුවන්නම් හොදයි.

    සැලකිය යුතුයි:
    දැනට 90% ක ගේම Battery එක හානි වීමට බලපා ඇති හේතුව මෙය වේ.



    Charge කරනකොට Phone එක Off කරලා Charge කරන්න.

    ඒකනම් එපා වෙනවා.

    ඒකට ලොකුම හේතුව එකවර Charge වීම හා Discharge වීම යන දෙකම සිදුවීම නිසා Battery එකට හානි සිදුවීමයි.

    මේකට හොද විසදුමක් විදියට තව Battery එකක් අරගෙන external charger එකක් use කරන්න පුළුවන්.

    එහෙම කරන්නම දෙයක් නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. Task Manager වලින් දැනට open වෙලා තියන හැම Apps එකක්ම close කරන්න. ඊට පස්සේ Charge කරන්න. ඒ අතරතුර call ගන්න, message යවන්න වගේ කිසිම දෙයකට phone 1 use කරන්න එපා.

    Overcharge කිරීමෙන් Battery එකට හානි සිදුවේ.

    ගොඩක් අය රෑට phone එක charge එකට ගහලා නිදාගෙන උදේට තමයි unplug කරන්නේ. මේකෙදි Charger එක තුල ක්‍රියාත්මක වෙන Intergrated Circuity (IC) නමැති ගුණාංගය නිසා 100% charge වූ විට Charger එක මගින් charge වීම Automatically off වේ.

    කොහොමද ඔයාගේ Charger එකේ IC function එක තියනවද කියලා බලාගන්නේ?

    මේකට මුලින්ම Phone එක 100% charge කරලා පැය ½ ක් විතර තියෙන්න දෙන්න. දැන් අයෙත් පැයක් විතර charge කරන්න. පැයකට පස්සේ charger එක අරගෙන බලන්න රත්වෙලා තියනවද කියලා. එහෙමනම් ඒ charger එකේ IC function එක නෑ. රත්වෙලා නැත්නම් හොදයි.

    ගොඩක් සිතල වගේම ගොඩක් රස්නයක් ඇති තැනක Phone එක තියන්න එපා.


    Charge කරද්දී Phone එක ගොඩක් රත් වෙනවනම්..
    Normally phone එකක් Charge කරද්දී අනිවා රත් වෙනවා. නමුත් මේ කියන්නේ අසාමාන්‍ය ලෙස රත්වෙන phone වලට.

    Step කිහිපයකට Charge කරන්න. (ටිකක් රත් වෙනකොට unplug කරලා ආයෙත් ටික වෙලාවකින් ආයෙත් charge කිරීම)

    අලුත්ම Phone battery එකක් charge කලයුතු ආකාරය

    Phone එක Off කරන්න.
    පැය 3 ක් Charge එකට ගහන්න. (Full charge වුනාට කමක් නෑ)
    Charger එක ගලවලා පැය 6 ක් තියන්න. (phone 1 on කරන්න එපා)
    දැන් ආයෙත් පැය 3 ක් charge කරන්න.
    දැන් phone 1 on කරලා use කරන්න.
    5% විතර වෙනකම් Discharge කරන්න.
    95% වෙනකම් charge කරන්න.
    5% විතර වෙනකම් Discharge කරන්න.
    95% වෙනකම් charge කරන්න.

    ලිපියේ අඩුපාඩු තියනවනම් කියන්න. (උපුටා ගැනීම Battery University website එකෙන්)

    මේ ලිපියේ Pdf එකක් ඔයාට මෙතනින් Download කරන්න පුලුවන්. (1 MB)


    උපුටා ගැනීමකි
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මමනම් ඔය මොකුත් කරන්නෙ නෑ battery full low උනාම charge කරනව full උනාම ගලෝනවා. හදිස්සි වෙලාවක නම් බාගෙට තියෙද්දි අරන් යනව.. තාමනම් කිසි අවුලක් වෙලා නැහැ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලිතියම් අයන් බැටරි 100% චාර්ජ් අවස්ථාවේ (4.2v / 4.35v new generations) සැහෙන්න කාලයක් තිබ්බොත් බැටරියේ ආයුකාලය අඩු වෙනව (භාවිතා නොකලත්) එත් බැටරිය ඉක්මනින් 90% වගේ වෙනකන් බහිනවා නම් ඒ තරම් effect එකක් නෑ. ෆෝන් වලටත් වඩා මේක බලපාන්නේ ලැප්ටොප් වලට. ලැප් එකේ බැටරිය 100% චාර්ජ් වෙලා නැවතිලා තියෙනවා ලැප් එක ac වලින් වැඩ කරනකන්. මේකෙන් ලැප් එකේ බැටරිය පාවිච්චි නොකලත් අව්රුද්දක් 2 යද්දී කෙලවෙනවා.

    බැටරිය 100% ආරෝපණ අවස්ථාවේ ඉහල උෂ්ණත්වයේ තිබ්බොත් තවත් වේගෙන් බැටරියට කෙලවෙනවා

    *සමහර ලැප්ටොප් වල බැටරි සේවර් කියල බයෝස් වල තියෙන ඔප්ෂන් එකෙන් කරන්නේ බැටරිය 100% චාර්ජ් නොකර 80% වගේ වෙනකන් පමණක් චාර්ජ් කරන එක.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    හොද පොස්ට් එකක්.. මේකේ තියෙන විදිය අපිට අනුගමනය කරන්න අමාරු වෙන්නේ අපේ කාර්යබහුලත්වය නිසයි.... වැඩ වැඩි උනාම මේ විදියට කරන්න අමාරුයි,.. ඒත් බැට්‍රි එක ආරක්ශා කර ගන්න නම් මේ විදියට කරන්න වෙනවා
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    හොද පොස්ට් එකක්.. මේකේ තියෙන විදිය අපිට අනුගමනය කරන්න අමාරු වෙන්නේ අපේ කාර්යබහුලත්වය නිසයි.... වැඩ වැඩි උනාම මේ විදියට කරන්න අමාරුයි,.. ඒත් බැට්‍රි එක ආරක්ශා කර ගන්න නම් මේ විදියට කරන්න වෙනවා

    oba thuma hari
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලිතියම් අයන් බැටරි 100% චාර්ජ් අවස්ථාවේ (4.2v / 4.35v new generations) සැහෙන්න කාලයක් තිබ්බොත් බැටරියේ ආයුකාලය අඩු වෙනව (භාවිතා නොකලත්) එත් බැටරිය ඉක්මනින් 90% වගේ වෙනකන් බහිනවා නම් ඒ තරම් effect එකක් නෑ. ෆෝන් වලටත් වඩා මේක බලපාන්නේ ලැප්ටොප් වලට. ලැප් එකේ බැටරිය 100% චාර්ජ් වෙලා නැවතිලා තියෙනවා ලැප් එක ac වලින් වැඩ කරනකන්. මේකෙන් ලැප් එකේ බැටරිය පාවිච්චි නොකලත් අව්රුද්දක් 2 යද්දී කෙලවෙනවා.

    බැටරිය 100% ආරෝපණ අවස්ථාවේ ඉහල උෂ්ණත්වයේ තිබ්බොත් තවත් වේගෙන් බැටරියට කෙලවෙනවා

    *සමහර ලැප්ටොප් වල බැටරි සේවර් කියල බයෝස් වල තියෙන ඔප්ෂන් එකෙන් කරන්නේ බැටරිය 100% චාර්ජ් නොකර 80% වගේ වෙනකන් පමණක් චාර්ජ් කරන එක.

    එතකොට ලැප් එකේ බැටරිය 100% චාර්ජ් වෙලා නැවතිලා තියෙනවා ලැප් එක ac වලින් වැඩ කරනකන්. මේකෙන් ලැප් එකේ බැටරිය පාවිච්චි නොකලත් අව්රුද්දක් 2 යද්දී කෙලවෙනවානම් කොහොමද ලැප් එක යුස් කරන්නේ කියල පොඩ්ඩක් කියනවද?:confused::confused::confused::confused::confused: