February 20, 2012
හලාවත-කොළඹ මාර්ගයේ කාක්කපල්ලිය අසළ සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.හලාවත මහ රෝහලේ වෛද්‍යවරයකු සිය පුතු සමග වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.පිය පුතු දෙදෙනාම හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.රියදුරන්ට අවවාද කර ඇති දැන්වීම් පුවරුවකද හැපී නතරව ඇති අනතුරට පත් වෑන් රථය ඡායාරූපයේ දැක්වෙයි.


