7th PI Story part ii
කතාව ඉතුරු ටික පුළුවන් තරම් කෙටි කරලා ලියන්නම්.
මම ඊලඟට හෙව්වා Smith ගේ මෙතනට එන්න කලින් පදිංචිය. ඒකත් මේ තරම් නැතත් ලක්ෂරි එපාට්මන්ට් එකක්. ඒකත් ඒ කිට්ටුවමයි. ඔක්කෝම එක ඒරියා එකක වීම මට සැකයක් ආවා. වැඩි දුර හොයනකොට මේ ඔක්කෝම ලින්ක් වෙන්නේ පරණ ඔෆිස් එකට.
පරණ ඔෆිස් එක තාම Smith ට වියදම් කරන්නේ ඇයි? එච්චර ලෝයල් මනුස්සයෙක් නම් ඇයි වෙන තැනකට යැව්වේ? අනිවාර්යයෙන්ම මෙතන සැකයක් තියෙනවා.
මම අදාල ආයතනයේ CEO සහ Smith අතර සම්බන්ධය හෙව්වා. Smith intern කෙනෙක් විදියට එතනට ඇවිත් තියෙන්නේ. CEO ගේ කිට්ටුවෙන් හිටිය බව පේනවා, CEO local tour යනකොට නිතරම ඔහුවත් ගෙනිහින් තියෙනවා. මම ඒ හැම දේම ටයිම් ලයින් එක්ක මැප් කරා. නමුත් තර්කයක් ගොඩනගන්න කිසිවක් නෑ.
මට තේරුණා ඒ කියන්නේ මම පින්තූරය දිහා බලනවා නැරෝ වැඩී කියලා. ටිකක් වැඩේ නවත්තලා ස්මෝක් එකක් පත්තු කරන් එලියට ගියා. සූම් අවුට් කරලා වයිඩ් පික්චර් එක බැලුවා මොනවාද මට මඟ හැරුනේ කියලා.
ආපහු ඇවිත් Smith වැඩකරපු පරණ ආයතනයේ CEO සහ දැන් ආයතනය අතර කනෙක්ෂන් එකක් හෙව්වා. හිත මිතුරන් කිහිප දෙනෙක් ඇරෙන්න ලොකු දෙයක් එතනත් නෑ.
මට දැන් හොදටම ශුවර් Smith ගාව රහසක් තියෙනවා. ඒ රහසට පරණ ආයතනය හෝ, ඒකේ CEO ඍජුව සම්බන්ධයි. ඒත් ඒ මොකද්ද? ඇයි Smith මෙතන ප්ලාන්ට් කරේ හේතුව නැතුව මම හොයා ගත්තුවා වැඩක් නෑ.
මම ටයිම්ලයින් ලොකේෂන් ටික බල බල ඉද්දී මට අහඹු සම්බන්ධයක් පෙනුනා. ස්මිත් අලුත් ගෙදරට ඇවිත් තියෙන්නේ දැන් ආයතනයේ Chairman Divorce වුනාට සති දෙකකට පස්සේ.
ඔන්න ඔය ලින්ක් එක නිසා මම ඩිවෝස් වුන වයිෆ් ගැන හොයන්න ගත්තා. Bingo
එයාගේ සෝෂල් මීඩියා හොයනකොට ඇතැම් ටයිම් ලයින් ක්‍රොස් වෙනවා. එතකොට Smith ආයතනයට එවලා තියෙන්නේ වයිෆ් ද?. මොකද්ද අරමුණ? ඒ දෙන්නාගේ සම්බන්ධයක් තියෙනවාද? එතකොට කලින් ආයතනයේ CEO? මම තුන්දෙනාගේම ටයිම්ලයින් ක්‍රොස්චෙක් කරා.
(අපි පහසුවට නම් දාගමු කලින් ආයතනයේ CEO Fred. Chairman ගේ වයිෆ් Ava කියලා.)
Fred සහ Ava ගේ සෑහෙන පරණ ටයිම්ලයින් ක්‍රොස් වෙන ෆොරීන් ටුවර් එකක් මට අහුවුනා. ඒකට Smith වත්, Husband වත් සහභාගී වුන බවක් නෑ. ඒ අනුව Fred සහ Ava අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒක මොන ආකාරයේද කියලා දැන්ම කියන්න අමාරුයි. නමුත් මට පොඩි අදහසක් ආවා.
අවසානයේ සියළු තොරතුරු ඇනලයිස් කරාම මගේ නිගමනය හරි කියන්න සාක්ෂි සහ තර්කයක් ගොඩ නගන්න මට පුළුවන් වුනා. Ava Divorce එකට ලොකු වන්දියක් ගන්නවා. ඒකට එයාට අවාසියි ඩිවෝස් එකට කලින් Fred එක්ක අනියම් සම්බන්ධයක් තිබුන බව පෙනුනොත්. ඒ නිසා ඒක හංගන්න එයාලා පරිස්සම් වෙනවා.
Smith ඒ කාලයේ Fred ගේ ලගින්ම හිටිය කෙනෙක් හැටියට ඔහු මේ ගැන දැනගන්නවා. එතකොට ඔහුව නිශ්ශබ්ද කරලා තියාගන්න තමයි Fred මේ ගෙවල් දීලා වියදම් කරලා තියෙන්නේ. දෙපැත්තකින් පඩි, පහසුකම්, ලැබෙද්දී Smith ට රස්සාව හොදට කරන් හිටියෑකි. එතකොට Smith ට අලුත් ගෙදර ලැබෙන්නේ ඩිවෝස් එකට දීපු සපෝට් එකට වෙන්න පුළුවන්. හස්බන්ඩ් ගේ ඉන්කම්, ව්‍යාපාරික සහ පුද්ගලික රහස්, සියල්ල Avaට හොයලා දුන්නේ Smith වෙන්න පුළුවන්. ඒකටම Smith ආයතනයට ප්ලාන්ට් කරා වෙන්නත් ලොකු සම්භාවිතාවක් තියෙනවා.
Fred ගේ පෞද්ගලිකත්වය ඕනෑවට වඩා මම හාරන්න ගියේ නෑ. එහෙම වුනා නම් තවත් සෑහෙන තොරතුරු හොයන්න තිබුනා.
Smith ප්‍රමෝට් කරන්න සපෝට් කරන අය ගැන ලොකු සැකයක් මට තිබුනේ නෑ. ඔවුන් තනිකරම ඔහුගේ ප්‍රෆෝමන්ස් නිසා යෝජනා කරා වෙන්නත් පුළුවන්. ඔවුන් හා Ava හෝ Fred ලින්ක් වෙන තැනක් මම දැක්කේ නෑ. කොහොම නමුත් මොකද මේ තොරතුරු වලිනි කරන්නේ? කියන එක මගේ වැඩක් නෙමෙයි.
මට අයිතිය තියෙනවා ක්ලයන්ට් ට දෙන ඩේටා සීමා කරන්න. ඒ නිසා මම තීරණය කරා Fred ගේ නම සම්බන්ධය සදහන් නොකර, වැඩේ ක්ලෝස් කරන්න.
Smith ව plant කරේ ඔබේ Ex wife. ඔහු ඇය වෙනුවෙන් ඔත්තු සැපයීම තාමත් කරනවා. ඔහුට ඒ වෙනුවෙන් බිරිඳ ගේ පාර්ශවයෙන් තාම කප්පම් ලැබෙනවා. කියන ටික විතරක් මම රිපෝට් කරා. ඒකට සාක්ෂි විදිහට Ava සහ Smith තාම එකම ජිම් එකකට යන එක, ගෙදර සිදුවීම, සහ Smith ගේ රහසිගත දුරකථනය කියන ටික විතරක් මම රිපෝට් කරා.
මේ කථාව ඔයාලා හිතපු අවසානය නෙමෙයි වෙන්න ඇති. ඔයාලාගේ අදහස් ලියන්න. මමත් ආසයි ඒවා දැනගන්න