7th PI story
View attachment 255400දවසක් මට ඔෆිස් එකෙන් Txt එකක් ආවා. අලුත් Assignment එකක් තියෙනවා 11am. කුරියර් එකක් එයි කියලා. මට අර දෙවෙනි කොටස එච්චර ඇල්ලුවේ නෑ. මම කාලෙකින් එහෙම පිසිකල් මීටින් එකකට නොගිහින් assignment එකක් අරං නෑ. වැඩක් නැති වෙලාවේ, ඕන එකක් කියලා මම කාලා බීලා මනස නිදහස් කරං බලං හිටියා 11ට එන බෝම්බය මොකද්ද? කියලා.
11.05ට බෙල් එක වැදුනා. මම දොර ඇරලා බලන කොට සීල් කරපු ලොකු Envelope File Folder එකක් දොර ගාව තිබුනා. ඩිලිවරි එක දොර ගාවින් තියලා ගිහින්. මම Door camera එක චෙක් කරා. සාමාන්‍ය කුරියර් කෙනෙක්. විශේෂ මුකුත් නෑ. ඔහු ඩෝර් ස්ටෙප් ඩිලිවරි එක කරලා ගිහින්.
මම ඔෆිස් එකට Txt කරා මට "ෆෝල්ඩර් එකක් ලැබුනා". රිප්ලයි එක ආවා. "ඕපන් කරන්න
පාස්වර්ඩ් එකක් ඕන වුනොත් ****".
මම ඕපන් කරා. ලොකු ප්‍රින්ටඩ් පර්සනල් ෆයිල් එකක්. ලොකු බිස්නස් එකක වර්ක් කරන Senior Manager කෙනෙක්. මුකුත් විශේෂ දෙයක් මට හම්බුනේ නෑ. කිසිම ඉන්ස්ට්‍රක්ෂන් එකක් නෑ. මොකද්ද එතකොට පාස්වර්ඩ් එක? ආපහු ෆෝල්ඩර් එක බලනකොට ඇතුලේ අඩියේ ඇලිලා පොඩි USB Drive එකක් තිබුණා.
අපි කවදාවත්. එහෙම නොදන්න ඩ්‍රයිව් එකක් පර්සනල් ලැප් එකට කෙලින්ම ගහන්නෑ. ඒකට වෙනම පොඩි ලැප් එකක් තියෙනවා. ඒකට ගහලා බැලුවා. එන්ක්‍රිප්ටඩ් පෙන් එකක්. පාස්වර්ඩ් එක ගැහුවා. තව ඒ මනුස්සයාගේම පින්තූර සහ වීඩියෝස් ටිකක්. සෝශල් මීඩියා, LinkedIn ස්ක්‍රීන් ශොට්ස් සෑහෙන දේවල් තිබුනා. බලාගෙන බලාගෙන පහලට ගියා. අන්තිමට ඕඩියෝ ෆයිල් එකක් තිබුණා.
කෙටියෙන් ඒකේ තිබුනේ මෙහෙමයි. "මම මේ ආයතනයේ Chairman ***** මේ ෆයිල් එක මගේ ස්ටාෆ් කෙනෙක්ගේ. ඔහුගේ ෆයිල් එක සැක හිතෙන තරමට ඉතාම ක්ලීන්. මම ඔහුව ඩිරෙක්ටර් බෝඩ් එකට ප්‍රමෝට් කරන්න හදන්නේ. සමහර ඩිරෙක්ටර් බෝඩ් එකේ අය ඔහුවම ගන්න පොළඹවන අදහස් ප්‍රකාෂ කරනවා. මට දැනගන්න ඕන ඔහුව විශ්වාස කරන්න පුළුවන් ද? ඊට අමතරව ඔහුව පාලනය කරගන්න මට මොනවා හරි ට්‍රේඩ් කරන්න පුලුවන් තොරතුරක් අල්ලගන්න ඕන. මට සති දෙකයි තියෙන්නේ අවසාන ඩිසිෂන් එකට. මට ඔබව පර්සනලි හමු වෙන්න බැහැ. අවශ්‍යයතාවක් තිබෙනවා නම් මේ Email එක යූස් කරන්න" කියලා Email ඇඩ්‍රස් එකක් කියලා වොයිස් එක ඉවර වෙනවා.
මම වහාම Investigation වැඩ වලට පාවිච්චි කරන මේල් ඇඩ්‍රස් එකකින්, මේල් එකක් දැම්මා "ඔහුට සපෝට් කරන Directors ලාගේ විස්තර එවන්න" කියලා. විනාඩි කිහිපයකින් "ok. Tomorrow 11am" කියලා මැසේජ් එකක් ආවා.
මට දැන් දවසක් තියෙනවා කරන්න වැඩක් නැතිව. ඩෙස්ක් ජොබ් තමයි මම කරන්න කම්මැලිම වැඩේ. අර තියෙන ෆෝල්ඩරය පෙන් එක ලැප් එක අරං ගියා කැෆේ එකකට. කොෆී එකක් දාගෙන මුල්ලක් අල්ලං ලැප් එක ප්ලග් කරගත්තා. ස්මෝක් පැකට් එකත් ඔපන් කරා. දවසම කියවපුවා ලියන්න බෑ නේ. මම නෝට්ඩවුන් කරපු විශේෂ දේවල් ටික කෙටියෙන් දාන්නම්.
නම Smith. වයස 38යි. අවිවාහකයි. ඔහු මෙම ආයතනයට ඇවිත් අවුරුදු 12ක්. හොද අධ්‍යාපන පසුබිමක් තියෙනවා. කොලේජ් යනකාලේ ක්‍රීඩා කරලා තියෙනවා. ආයතනයට ජොයින් වෙලා තියෙන්නේ Assistant Sales Manager කෙනෙක් විදිහට.
*මේ වගේ ලොකු කම්පිටිෂන් එකක් තියෙන තැනක මෙච්චර ඉක්මනට ඩිරෙක්ට්ටර් බෝඩ් එකට එනකන් ආපු හැටි මටත් පුදුමයි!*
ඒක නිසා ආපහු ගිහින් බැලුවා ජොබ් එකට එනකොට දීපු CV එක. කවුද රෙෆරන්ස් දීලා තියෙන්නේ. කොහේද කලින් වර්ක් කරලා තියෙන්නේ. රෙෆරන්ස් දීලා තියෙන්නේ කලින් වර්ක් කරපු තැන CEO.

ඒකත් නොට් කරං ගියා ඉස්සරහාට.
ආයතනයේ හොදම සේල්ස් අවුරුදු දෙකක් පිට පිට. ඒකත් ආපු ගමන්. ඉතාම දක්ෂයෙක් වගේ. නමුත් LinkedIn එකේ එහෙම කලින් ආයතනයේ විශේෂ ඇචීව්මන්ට්ස් මුකුත් නෑ.
ආයතනයේ කිසිම වැරැද්දක් මේ වෙනකන් රිපෝට් වෙලා නෑ, ඔහු පදිංචිය ආයතනයට කිලෝමීටර් කිහිපයක් දුරින්. ඔහුගේ ජිම් එකකට ආයතනය මගින් පේමන්ට් කරනවා. ඒකත් ඒ අසල. මේ ඇඩ්‍රස් ඔක්කෝම මොකද්දෝ හුරු ගතියක් මට දැනුනා.
ආයතනය මගින් ලබාදෙන මෙඩිකල් කවරේජ් හිස්ට්‍රි එක බැලුවාම ඔහු ඉතාම නිරෝගී කෙනෙක්. ආයතනය මගින් ඔහුට දීපු වර්කින් ටුවර්, ට්‍රේනින්, පේඩ් වැකේෂන් ටුවර්ස්. වගේ හැමදේම මම දින ලොකේෂන් එක්ක මැප් කරා.
ඇත්තටම මටත් තේරුණා Chairman මේ මනූස්සයා සැක කරන එක සාධාරණයි කියලා. එක්කෝ මේ මනුස්සයා පුදුමාකාර ආයතනයට බැදීමක් තියෙන හොර බොරු නැති Super Human එකෙක්. ඒක හයිලි අන්ලයික්ලි. නැත්තම් මූ පට්ට කෛරාටික අල්ලන්න බැරි හොරෙක්.
ආපහු ඔක්කෝම උස්සං ගෙදර ගිහින් පහුවදාත් උදේ 11ට සැදී පැහැදී හිටියා. පෙරදා පරිදිම ඩිලිවරි එකක් ආවා. ඒක අර වගේම ෆයිල් තුනක්. මේ ඔක්කෝම බලන්න මට දවස් දෙකක් වත් යයි. ඕපන් නොකරම ආපහු කැෆේ එකට ගියා. කැෆේ එක වහනකන් ෆෝල්ඩර් තුන පෙරලලා මගේ සැකකරුගේ සම්බන්ධකම් හෙව්වා.
එහෙමට ලොකු ලින්ක් එකක් මට පෙනුනේ නෑ. එතන දෙන්නෙක් Smith ඉන්ටර්වීව් කරන බෝඩ් එකේ ඉදලා තියෙනවා. ඔවුන් තුන්දෙනාම කාලයක ඉදන් ආයතනයේ හිටපු අය. එයාලාගේ ෆයිල්ස් වුනත් ලොකු වැරදි හොයාගන්න අමාරුයි. මම තීරණය කරා තියෙන තොරතුරු පදනම් කරං ෆීල්ඩ් එකට බහින්න.
මම නිකමට Chairman ගේ ලින්ක්ඩීන් එකට, සෝෂල් මීඩියා වලට ගිහින් ඔහුගැනත් නෝට්ඩවුන් කරා කොහේද මට පාත් ක්‍රොස් වෙන තැන් එන්නේ කියලා. ඔහු සෙපරේටඩ්. කලින් බිරිඳට සහ දරුවාට දික්කසාදයෙන් ලොකු වන්දියක් ගෙවන කෙනෙක්. එතරම් ඉන්ටරස්ට් දෙයක් හම්බුනේ නෑ.
මම අදාල මේල් එකට මැසේජ් එකක් තිබ්බා "මට Smith ගේ ඔෆිස් එකට ඇක්සස් කරන්න ක්‍රමයක් තියෙද?" කියලා.
ඔහු මට දුරකථන අංකයක් එව්වා. ඒක Chairman ගේ ඩ්‍රයිවර්. ඔහු ඩ්‍රයිවර්ට අමතරව පර්සනල් බොඩිගාඩ් විදිහට දීර්ඝ කාලයක් ලගින්ම ඉන්න විශ්වාසවන්තම කෙනෙක්. හමුදා ඉතිහාසයක් තියෙන හැදි දැඩි අයෙක්. ඔහු සම්බන්ධ කරගත්තාම මම කියුවා මට Smith ගේ ඔෆිස් එක චෙක් කරන්න ඕන කියලා. එදා රාත්‍රියේ මම ඔහු සමග ඔෆිස් එකට ඇතුල් වුනා.
අදාල කැබින් එකට ගියාට මට කිසිම සැක කටයුතු යමක් හොයාගන්න බැරි වුනා. ඔහු බොහොම පිළිවලට සහ පරිස්සමට වැඩ කරන කෙනෙක්. මම බොහොම පරිස්සමට ඔහුගේ කැබින් එකේ පරිගණක තිරය සහ මේසය හොදින් පේන තැනක රහසිගත සවේලන්ස් කැමරාවක් සවි කරා. ඒකට මට ඔන්ලයින් ඇක්සස් තියෙනවා.
පහුවදා උදේම ඔහු ඔෆිස් ආපු වෙලේ ඉදන් මම නිරීක්ෂණය කරා. ඔහු සතුව ෆෝන් දෙකක් තියෙනවා එකක් ඔහු ආපු ගමන් ලාච්චුවට දානවා. කොයිම වෙලාවකවත් ආයතනයෙන් පිටවන තුරු කෑමට වත් ඒක කැබින් එකෙන් එළියට ගෙනියන්නෑ. ඒක චෙක් කරන්නේ කැබින් එකේ කවුරුවත් නැති වෙලාවට විතරයි. මට ඒක හොදටම නෝට් වුනා. පරිගණකයේ ඔෆීශියල් වැඩ වලට අමතරව කිසිම සැක කටයුතු දෙයක් නොකරන බව පෙනුනා.
හවස 4ට විතර ඔහු දුරකථනයත් රැගෙන පිට වුනා. මම ඒ වෙනකොට ඔෆිස් එක ලඟට ඇවිත් වාහනය ඔෆිස් එකේ පාකින් එක්සිට් එක පේන තැනක පාක් කරන් හිටියේ. ඔහු කෙලින්ම ගියේ ජිම් එකට. මම ඔහුව ෆලෝ කරා, ඔහුගේ වාහනය නවත්වා ගිය පසු එය අසලට ගොස් නිරීක්ෂණය කරා. කිසිම විශේෂ දෙයක් හමුවුනේ නෑ. මම වාහනේට පිටින් රහසිගත GPS Tracker එකක් හයිකරලා ගෙදර ආවා.
මේක බෝරිං. මම ආපහු ඩොට්ස් කනෙක්ට් කරන්න ට්‍රයි කරා. කෝපි එකක් හදාගෙන බැල්කනි එකට ඇවිත් පුටුවට වැටිලා කකුල් දෙක දිග හැරලා ස්මෝක් එකක් පත්තු කරගත්තා. එතකොට මට මතක් වුනා ස්මිත් කලින් වැඩකරපු ආයතනයත් ජිම් එක තියෙන බ්ලොක් එකේමයි නේද? කියලා. ඇයි ඔහු පදිංචිත් ඒ කිට්ටුව. එක ලඟ ලිපින. ඇයි ස්මිත් මේක වටේටම කැරකෙන්නේ.
කලින් වැඩ කරපු ආයතනය ඉලෙක්ට්‍රෝනික්ස් සයිඩ් එකේ. දැන් ඉන්න ආයතනය වාහන සයිඩ් එකේ. දෙකේ සම්බන්ධයක් තියෙද? මේ ආයතනයට ආවේ මොකක් හරි හොර වැඩකටද? මට ඒකට උත්තරයක් හොයාගන්න බැරි වුනා. ඔහු කලින් වැඩ කරපු ආයතනයේ CEO රිෆර් කරලා තිබුනා.
සාමාන්‍යයෙන් ආයතනයකින් ඉවත් වෙනකොට එම ආයතනයේම CEO reference දානවා කියන්නේ ටිකක් ඔඩ්. නමුත් එහෙම කරනවා කියන්නේ ඔහු එක්ක හොද ගණුදෙනුවක් තියෙන විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන. අනිත් එක එහෙම සබැදියාවන් අතර ගැටුමක් තියෙනවා නම්, ආයතනයකට හොර වැඩකට Smith එවනවා නම් CEO ඒකට සම්බන්ධ වෙයි ද?. මම කෝකටත් ඒ CEO ගැනත් හොයලා බැලුවා. එහෙමට පේන අවුලකුත් නෑ. නමුත් මොකක් හෝ මෙතන තිබෙන බව මට සැකයක් ආවා.
මම ඊලඟට Smith ගේ ගෙදර ගැන හොයන්න ගත්තා. ඒක මේ වගේ තනිකඩයෙක්ට උවමනාවටත් වඩා විශාල, තරමක් ලක්ෂරි නිවසක්. අයිතිය තිබුනේ ඔහු නමට නෙමෙයි. එහෙම නම් මේකට විශාල කුලීයක් ගෙවනවා වෙන්න පුළුවන්. මම ආපහු ඔහුගේ ඩොකියුමන්ට්ස් බැලුවා, නමුත් ආයතනයෙන් කිසිවක් ගෙවපු බවක් නෑ. ඔහු මෙතනට ඇවිත් වසර 10ක් වෙනවා.

ආරම්භක වැටුප එක්ක කොහෙත්ම මේක දරන්න ඔහුට බැහැ.
මට දැන් සැකය තහවුරු කරගන්න අවශ්‍යයි. පහුවදා උදේ මම තීරණය කරා අදාල නිවස අවට සැරි සරලා ඒගැන හොයන්න. ලොකේෂන් එක අවට පින්තූර කිහිපයක් ගත්තා. වැඩි විස්තරයක් ග්‍රවුන්ඩ් එකෙන් ගන්න බැරි වුනා. දැනගන්න ලැබුන පරිදි ඔහු එහි තනියම ඉන්නේ. ඉදලා හිටලා වෙන වාහනයක් එනවා යනවා. බොහොම සාමකාමී හුදකලා පුද්ගලයෙක් බව. ඒ අතර මම තවත් මිතුරෙකුගේ මාර්ගයෙන් මේකේ අයිතිය ගැන පොඩි සර්ච් එකක් කරා. මට දැනගන්න ලැබෙනවා මේකට පේමන්ට් කරන්නේ වෙනත් ආයතනයක් මගින් කියලා.
මම ඊලඟට අදාල ආයතනය හොයාගෙන යනවා. ඒක චැරිටි ඕගනයිසේෂන් එකක්. ඇයි චැරිටියකින් Smith ට මෙච්චර ලොකු ගෙයක් දෙන්නේ. මට මූලික තොරතුරු සොයාබලනකොට පේනවා මේක ශෙල් චැරිටියක් කියලා.
කාගේ හරි කනෙක්ෂන් වහගන්න, සල්ලි සුදු කරන්න පාවිච්චි කරන ආයතනයක්. කවුද මේකේ අනිත් කොන? ඇයි මේ ගෙදර? මිස්ටර් Clean අපේ Smith මොකද්ද මේකේ සම්බන්ධය?
ඉතුරු ටික හෙට උදේට. ගිහින් එන්නම්. කට්ටියට පුලුවන් වෙච්ච දේ ගෙස් කරන්න