හොද ප්‍රශ්නයක්. අපිට ඒ වෙනකන් හොයාගන්න කිසිම සාක්ෂියක් තිබුනේ නෑ. වයිෆ් ගේ ප්‍රධාන සැකය එකවුන්ට් එකෙන් සල්ලි අතුරුදහන් වීම. ඒක විසදුනා. මම නම් මුලදීම හිතුවා ඉතින් පිරිමි කරන හැම මගුලම ගෑණු දන්නේ නෑ නේ කියලා. කොහොම වුනත් මේක සල්ලි උල්පතක් නිසා අපි බාරගත්තා. නමුත් නවත්තපු තැනට එනකොට අපිට කිසිම දෙයක් අහුවෙලත් නෑ. අදාල කෙනා අපිව අල්ලාගෙනත් ඉවරයි, අපි දැන් කොච්චර මහන්සි වුනත් තේරුමක් නෑ. කොහොමත් හෙට ගෑණි චෙක්මේට් වුනාට පස්සේ අපිට ගෙවන එකකුත් නෑ. අපිට කොහේ වත් කැසිල්ලක් නෑ බොරුවට අතින් වියදම් කරන් මිනිහා කියුවේ ඇත්තද බොරුවක් ද හොයන්න. අපිට හොදටම පැහැදිලියි ගෑණි අපිව අන්දපු බව. එහෙම නිසා අපිට ඕනවාටත් වඩා හේතු තිබුනා වැඩේ අතහැරලා දාන්න.Husband kianne atttada kiala ubala further investigate karannatiwada eka parata cancel kale?
. lankawe kawruth kiyanne nane mama loku wela PI kenek wenwa kiyala or ammala thattala kiyanne nane puthe uba loku wela PI kenk wiyan kiyala. ekai. ube kohomada meka patan gatte kiyala poddk kiyapan)ඇත්තම කියුවොත් මටත් ඒම ආසාවක් තිබුනේ නෑ මචං. හැබැයි මට හමුදා පසුබිමක් තිබුනා. මම යම් හේතුවකට විදේශ ගතවුනා. මට කරන්න ලොකු රස්සාවක් තිබුනේ නෑ. අනික් අය වගේ අහුවෙන හැම මගුලක්ම කරා. මගේ ගැන දන්න කෙනෙක් තමයි මුලින්ම PI firm එකකට මාව යැව්වේ. එතනදී ඉන්ටවීව් එකේදී මම චාටර් වුනා. ඊලගට මම ඒ ජොබ් එක ගැන ටිකක් ඉගනගෙන වෙන තැනකට ඇප්ලයි කරා. ඔය විදිහට තමයි පටන් ගත්තේ. ඒක ඇතුලේම ඉන්න ගමන් තමයි ගොඩක් ඉගනගත්තේ. ලොකු වයසක් නෑ තාම 40ට අඩුයිubata wayasa keeyada?
kohenda meka igana gatte/me track ekata watune kohomada?( ehema ahuwe uba gana hoyanna newei. lankawe kawruth kiyanne nane mama loku wela PI kenek wenwa kiyala or ammala thattala kiyanne nane puthe uba loku wela PI kenk wiyan kiyala. ekai. ube kohomada meka patan gatte kiyala poddk kiyapan)
20-19 = 1එකපාරක් මට එසයින්මන්ට් එකක් එනවා අවුරුදු 20ක විතර ගෑණු ළමයෙක් ගැන තොරතුරු එකතු කරන්න. කන්ට්‍රෑක් එක ගෙනාව ක්ලයන්ට්, ගෑණු ළමයාගේ අම්මා. තරමක් ධනවත් පවුලක්. අම්මාත් දුවත් අතර අවුරුදු 19ක විතර වෙනසක් තිබුනේ.


ආපහු කියවලා බලන්න 20+19=39යි20-19 = 1![]()
![]()
Wtf. ado me wage deyak kisima waradak neti minihekta karat rewatenone. Hitapan balen ganiyek love /sex ekata wage agata eddi ona ahisala minihek ahuwenone. Meka ethical approach ekak nemeneඔයාලාට දැන් මම කියන්න යන්නේ කාන්තා PI කෙනෙක්ට වෙච්ච කතාවක්. මේක ප්‍රසිද්ධ කතාවක්, ඔයාලා අහලත් ඇති සමහර විට. මමත් මේක කියවපු කතාවක්. (බොරු කියලා වැඩක් නෑ නේ)
English 30-32y lady PI කෙනෙක්. එයා අපි හිතමුකෝ Ann කියලා. Ann ගොඩක් වැඩ කලේ Surveillance පැත්තේ. දවසක් එයාට තවත් මැදි වියේ ධනවත් වයිෆ් කෙනෙක් ගෙන් එසයින්මන්ට් එකක් එනවා තමුන්ගේ හස්බන්ඩ් චීටින්ග් කරනවාද හොයන්න.
Ann ට සිද්ධ වෙනවා මෙතන ඇම වෙන්න. සාමාන්‍යයෙන් Surveillance Investigation වලදී අපි දුර ඉදන් තොරතුරු එකතු කරන එක තමයි කරන්නේ. නමුත් ඇඩ්වෙන්චරස් අදහසක් නිසා Ann මේ අභියෝගය බාරගන්නවා. වයිෆ් ගෙන් සියළු තොරතුරු අරන් Ann මුලින්ම මේක ප්ලෑන් කරනවා. බොරු ඔෆිස් ඩොකියූමන්ට්ස් වගයක් සහ වට්ස්ඇප් එකවුන්ට් එකක් හදලා Husband ට ඇටෑච්මන්ට් එක වට්ස්ඇප් කරලා යවනවා "මේ ටික ඉක්මනට ඇනලයිස් කරලා මට පැය 4 ක් ඇතුලත රිපෝට් එකට ඇඩ් කරලා එවන්න. හවස GM මීට් වෙන්න යන්න තියෙනවා" කියලා.
Ann Profile pic එකට use කරන්නේ Office kit එකකින් ඉන්න එයාගේ ඇත්තම Pic එකක්. Husband ලණුව හොදටම ගිලිනවා. එයා හැරෙන තැපෑලෙන් රිප්ලයි කරනවා "මම ඔයාට උදව් කරන්න ඉතාම කැමතියි, නමුත් මේ ඩොකියුමන්ට්ස් ගැන මට කිසිම අවබෝධයක් නැහැ" කියලා.
Ann රිප්ලයි කරනවා
"Oh shit මම හිතන්නේ මට අංකය වැරදුනා! කරුණා කරලා ඔය ටික ඩවුන්ලෝඩ් කරා නම් ඩිලීට් කරන්න" කියලා. විනාඩියකින් විතර ආපහු Ann මැසේජ් කරනවා
"ප්ලීස් මගේ ජොබ් එකත් නැති වෙයි කාටවත් මේක කියන්න එපා. Confidential ඩොකියුමන්ට්ස් වගයක්" කියලා.
Husband ලණුව තදටම ගිලිනවා.
"බයවෙන්න එපා ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන්. BTW මගේ නම Sam. මම **** ටවුන් එකෙන්"
Ann ටිකක් වෙලා සද්ද කැතුව ඉදලා "Thank you Sam. මම විශ්වාස කරනවා ඔබ හොද මහත්මයෙක් කියලා. මමත් ඒ කිට්ටුව පදින්චිය" කියලා.
PI ලා හුගක් වෙලාවට ෆේක් සෝශල් මීඩියා Profile ගොඩක් මේන්ටේන් කරනවා. Ann නුත් මේ නම්බර් එක ඒ වගේ ෆේක් FB, Instagram, LinkedIn වගේ ඒවට කලින්ම ලින්ක් කරනවා. WhatsApp user name එකත් දාන්නේ අර ෆේක් Profile වල නම මයි. Location එකත් දානවා කිට්ටු තැනක්. Sam ඔක්කෝම හෙව්වොත් තව හොදටම අහුවෙන්න වැඩේ ප්ලෑන් කරනවා.
අන්තිමට එදා හවස Sam මැසේජ් කරනවා "මම හිතනවා මීටින් එක හොදට ඉවර වෙන්න ඇති කියලා!"
Ann "ඔව්. මම මේ ජොබ් එකට අලුත්. තව පොඩ්ඩෙන් අද මට රස්සාවත් නැතිවෙන්නත් තිබුනා. ස්තූතියි!" කියලා.
ඔය විදිහට එහාට මෙහාට මැසේජ් 6-7ක් හුවමාරු වෙනවා. දෙන්නාම හිතවත් වෙනවා. දෙන්නාගේ ඔෆිස් දෙකත් තියෙන්නේ 5-6km දුර. පදිංචියත් 12km වගේ Ann දෙන විදිහට. දවස් දෙකකින් හවසක Ann ට මැසේජ් එකක් එනවා
"මම ඔයාගේ ඔෆිස් එක කිට්ටුව වැඩකට එනවා, හවස Free නම් Coffee එකකට එළියට යමු" කියලා. Ann හොදට අවස්ථාව ප්‍රයෝජනයට අරං රිප්ලයි කරනවා.
"සොරි මම ගොඩක් බිසී අද. ඔයාට පරක්කු වෙන්නැති නම් අපි හවස 7ට ඩිනර් එකකට මීට් වෙමු. අද මගේ කාර් එකත් නැහැ ඔයාට මාව පික් කරන්න පුලුවන්ද?" කියලා.
Ann ට ඇත්තටම වෙන විශේෂ වැඩක් නැහැ. නමුත් එයාට අවශ්‍ය වෙනවා Sam කැපකිරීමක් කරලා ඉන්නවාද බලන්න. ඔය අතර Ann ක්ලයන්ට කෝල් කරලා දැන ගන්නවා Sam හවස කොහේද ඉන්නේ කියලා. Sam හවස ඇත්තටම ඉන්නේ ඔෆිස් එකේ. එයා වයිෆ්ට කියනවා එදා ගොඩක් වැඩ එන්න රෑ වෙයි කියලා.
හවස 7ට හරියටම Sam කියපු තැනට ඇවිත් Ann පික් කරන් රෙස්ටුරන්ට් එකකට යනවා. දෙන්නා සාමාන්‍ය ෆ්‍රෙන්ඩ්ලි චැට් එකක් යනවා. ඩිනර් එක ඉවර වෙලා Sam එකපාරටම විශේෂ කතාවක් කියනවා.
"මම ස්මාර්ට් කෙනෙක්, මට තේරෙනවා වයිෆ් මං ගැන සැක කරනවා. එයා මා ගැන හොයන්න PI කෙනෙක්ට දීලා කියලා මම සැක කරනවා" කියලා.
Ann ටික වෙලාවකට බ්ලෑන්ක් වෙනවා.
"මිනිස්සු ඇත්තටම හස්බන්ලා ගැන හොයන්න PI ලා යූස් කරනවාද?" කියලා දෙන්නාම හිනා වෙනවා. Ann මුහුනේ ඇති වුන වෙනස වහගන්න වචන පාවිච්චි කරනවා.
එදා Ann කලින් ප්ලෑන් කරපු තැනකට Sam ලවා ඩ්‍රොප් කරගන්නවා. Sam යනකොට හග් එකක් දීලා ආපහු මීට් වෙමු කියලා යනවා. Sam පෞද්ගලික දේවල් Ann ට කියන්න පටන් ගන්නවා. කලින් ආශ්‍රය කරපු කෙල්ලෝ, කරපු කියපු දේවල් වගේ ගොඩක් දේවල් කියනවා. ඔය විදිහට දවස් 4-5 කට පස්සේ ආපහු Coffee shop එකක දෙන්නා හම්බුවෙනවා. නමුත් Sam කිසිම වෙනසක් පෙන්වන්නේ නෑ. කලින්ට වඩා හිතවත් ස්වරූපයකින්, දන්න අදුනන කෙනෙක් විදිහට හැසිරෙනවා. දවස් කිහිපයකින් ආපහු ඩිනර් අවූට් එකකට Sam ඉන්වයිට් කරනවා. එදා ටිකක් ෆැන්සි රෙස්ටුරන්ට් එකකට.
Sam ඇවිත් එදා ඩ්‍රොප් කරපු තැනින්ම Ann පික් කරනවා. එදා ඩිනර් එක වෙලාවේදී Sam වෙනදාට වැඩිය ටිකක් මවාගත්තු වැදගත් හැසිරීමක් පෙන්නනවා.
"මම දෙයක් කියන්නම්, කලබල වෙන්න එපා." (එහෙම කියනකොටම Ann ගේ මූණ ටිකක් වෙනස් වෙනවා.)
"මම හිතනවා ඔයා තමයි මගේ වයිෆ් හයර් කරපු PI කියලා. හැබැයි මම ඒක ගැන කෙයාර් කරන්නෑ. ඔයා කවුරු වුනත් මම ඔයාට කැමතියි!" කියලා.
Ann එහෙම කෙනෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න බොරුවට උත්සාහ කරනවා. අන්තිමට බොරු තරහාකුත් මවා ගන්නවා. හැබැයි Sam ඒ කිසිම දෙයක් කෙයාර් කරන්නෑ. පහුවදා Ann වෙච්ච හැමදේම, චැට් හිස්ට්‍රි, වොයිස් රෙකෝඩ්ස් ඔක්කෝම වයිෆ් ට දෙනවා. නම්බර් එකත් ෆේක් එකවුන්ට් ටිකත් ඔක්කෝම ඩිඇක්ටිවේට් කරනවා.
------ Post added on Oct 12, 2021 at 6:07 PM
මම මේ කතාවට සම්බන්ධ නැහැ. මේක මමත් නෙට් එකේ දැකපු සිද්ධියක්. අපි මේ කතාවේ සම්පුර්ණ විස්තරය දන්නේ නෑ. ඒක නිසා මම නම් ජජ් කරන්න යන්නෑ.Wtf. ado me wage deyak kisima waradak neti minihekta karat rewatenone. Hitapan balen ganiyek love /sex ekata wage agata eddi ona ahisala minihek ahuwenone. Meka ethical approach ekak nemene
මට උබගේ.කමෙන්ට් එක බැලුවාම ගේ උන් එක්ක මොකද්දෝ ඇරියස් එකක් තියෙනවා වගේ හිතුනාpi jeevithey rasa katha kiala title dapu nisa mama appriyawen awe... gay scene ekak kiala
ඉක්කන්ට ඊලඟ Episode එක දාපං කතාව Interesting4වෙනි කතාව.
ගොඩක් වෙලාවට අපි ආසයි ලේසි වැඩ වලට වඩා ඇඩ්වෙන්චරස් වැඩ එනවාට. මොකද ඉගන ගන්න දේවල් තියෙනවා. අලුත් අත්දැකීමක්. ඔක්කෝටම වඩා ඒවගේ වැඩ වලට ගෙවීම් නුත් හොදයි! මේ මට ලැබුන තවත් වෙනස් එසයින්මන්ට් එකක්. මේක මට ගේන්නේ අවුරුදු 19ක විතර ගෑණු ළමයෙක්ගේ, දෙමව්පියෝ දෙන්නෙක්. අපි මේ ගෑණු ළමයාට Tee කියලා නමක් දාගමු.
මුලින්ම මට මේ එයාලා ගෙනාපු කම්ප්ලේන් එක.
"අපේ දුවට ගොඩක් සල්ලි තියෙනවා. එයා තාම කොලේජ් ස්ටුඩන්ට් කෙනෙක්. අපි දන්නෑ එයා හම්බු කරන විදිහ. ඇහුවාම ඔන්ලයින් වර්ක් කරනවා කියනවා. ඒත් එයා ගෙදර දී නම් එහෙම කවදාවත් කරන බවක් අපි දැකලා නෑ. අපිට වැඩි විස්තර කියන්නෑ"
මට මුලින්ම ඒක ටිකක් අපහැදිලි කම්ප්ලේන් එකක්. සල්ලි තියෙනවා කියන්නේ හොද දෙයක්. දැන් වැඩිහිටියන්ට ඔන්ලයින් ජොබ් ගැන අදහසක් නැති වෙන්නත් පුලුවන්. Tee ට හොද Social media ඉන්කම් එකක් එන්නත් පුලුවන්. ඉතින් මම ටිකක් හිමීට ප්‍රශ්ණ අහන්න පටන් ගත්තා. මම කෙටියෙන් ලියන්නම් දෙමව්පියන් ගෙන් එකතු කරගත්තු තොරතුරු ටික.
Tee ගොඩක් යාළුවෝ ආශ්‍රය කරපු කෙනෙක් නෙමෙයි. කලින් ගොඩක් ඇක්ටිව් සමාජ ආශ්‍රයක් තිබුන හෝ ඉගෙනගැනීමට හෝ ක්‍රීඩාවට විශේෂ දක්ෂතා තිබුන කෙනෙකුත් නෙමෙයි. මධ්‍යම පාන්තික පවුලක් වුනත්, පවුලේ එකම දරුවා නිසා ලොකු ආර්ථික දුෂ්කරතා තිබිලත් නෑ. හැබැයි දෙමව්පියෝ දෙන්නට ලොකුවට සැප පහසුකම් දෙන්න තරම් වත්කමක් තිබිලත් නෑ. හැබැයි ටිකක් ඇහැට ඛනට පේන පෙනුමකුත් Tee ගේ පින්තූර දැක්කාම පෙනුනා.
මාස කිහිපයකට කලින් Tee එක පාරට ගොඩක් වටින Phone එකක් අරන් ඇවිත්. දෙමව්පියන් ඇහුවාම කියලා තියෙන්නේ යාළුවෙක් දුන්නා කියලා. ඊට පස්සේ ගෙදර ඉන්න වෙලාවට දවසම ඒකේ හිනා වෙවී චැට් කරන එක, තමයි ලු වැඩේ. තව සති දෙක තුනකට පස්සේ අලුත්ම Macbook එකක් අරං ඇවිත්. ඔය විදියට ටික ටික Tee ගේ ලොකු වෙනසක් වෙලා. ඕන වෙලාවක අතේ වුනත් ගොඩක් සල්ලි තියෙනවා. හිතෙන හිතෙන දේට වියදම් කරනවා. සැලූන් වලට, මේකප් වලට, හොදට වියදම් කරනවා. ජිම් එකටත් යන්න පටන්ගෙන. ඇහුවාම හරියට කරන ජොබ් එකක් කියන්නේත් නෑ ලු. සමහර වෙලාවට ගොඩක් රෑ වෙලා ගෙදර එනවා. යන තැනක් ගැන කියන්නෑ. දෙමව්පියන් සැක කරනවා Tee මත්ද්‍රව්‍ය ජාවාරමක් වගේ නීති විරෝධී යමක් කරන බව.
සැක සහිත හැසිරීමක් වුනත්, මට පටන්ගන්න තැනක් මේ කතාවේ තාම පැහැදිලි නෑ. ඇත්තටම සාධාරණ සැකයක් නැතුව ඉන්වෙස්ටිගේෂන් කරන්නත් අපිට බෑ. මම මුලින්ම Tee ගේ විස්තර අම්මා තාත්තා ගෙන් ගන්න පුලුවන් ඔක්කෝම අරගත්තා. ඊලගට Tee කොලේජ් ගිය වෙලාවක අම්මා එක්ක එයාගේ කාමරය බලන්න ගියා. මොකද කොලේජ් යන ළමයෙක් අපිට හරි අදහසක් නැතුව ෆලෝ කරන්න අමාරුයි
බොහොම සාමාන්‍ය ගෙදරක තිබුන ටිකක් අසාමාන්‍ය කාමරයක්. තනිකරම සල්ලිකාර කෙල්ලෙක් ගේ ෆුල් ලක්ෂරි කාමරයක්. හැබැයි අම්මා තාත්තා අරං දීපු කිසිම දෙයක් එතන නැති තරම්. මේ ඔක්කෝම වෙනස් වෙලා තියෙන්නේ මාස කිහිපයක් ඇතුලත. ඒ තරම් සල්ලි ගොඩක් නම් මේ ළමයාට පාර්ට් ටයිම් රස්සාවක් හොයන්න බැරි බව සහතිකයි. නමුත් මට පටන්ගන්න තැනක් හොයාගන්න සැක කරන්න පුලුවන් වෙන කිසිම සාක්ෂියක් ලැබුනේ නෑ. අපි Tee ගේ සෝෂල් මීඩියා එකවුන්ට් ඔක්කෝම වගේ හොයාගත්තා ඒත් විශේෂ කිසිම කාරණයක් මතු වුනේ නෑ. සිම්පල් නිහඩ චරිතයක්. යාළුවෝ එක්ක විශේෂ කිසිම දෙයක් කරන බවක් පේන්නත් නෑ.
පස්සේ අම්මාගේ සහයෝගය ඇතුව අපි තීරණය කරා එයාගේ ෆෝන් එක ට්‍රෑක් කරන ක්‍රමයක් හදා ගන්න. (ඒක කරපු විදිහ අහන්න හෝ දන්න අය ක්‍රම ප්‍රසිද්ධියේ කියා දෙන්න යන්න එපා. ඕවා වැරදියට බාවිතා වෙන්න පුලුවන් නීතිවිරෝධි දේවල්) දැන් අපිට පුලුවන් දුරස්ථව මෙයාගේ ෆෝන් එකට ඇතුල් වෙලා ඉන්න තැන හොයා ගන්න.
ඊලගට අපි පුලුවන් තරම් දුර ඉදන් කරන දේවල් හොයන්න ගත්තා. පළවෙනි දවස් 5ට මට තේරුනා කොලේජ් යෑමට අමතරව තවත් යන, වැඩි වෙලා රැදෙන තැනක් තියෙන බව. වෙන යන එන විශේෂ තැනක් නැති තරම්. අපි දැනගත්තා මෙතන තමයි විශේෂයෙන් හොයන්න ඕන තැන බව. දැන් වැඩේ ගොඩක් සිම්පල්. අපිට හැම තැනම පස්සේ ගිහින් හොයන්න දෙයක්නෑ.
මැප් වල හැටියට එතන සාමාන්‍ය රෙසිඩෙන්සි ඒරියා එකක්. මම Tee කොලේජ් වෙලාවක එතනට ගියා. එතන පොඩි ගෙවල් කිහිපයක් තියෙනවා. හරියටම කෝකද හොයාගන්න මට අපහසුයි තියෙන GPS ඩීටේල් වලින්. නමුත් කිසිම විශේෂ සිදුවීමක් වෙන බවක් මට පිටතින් නිරීක්ෂණය කරාම තේරුනේ නෑ. සාමාන්‍ය නේවාසික ගෙවල් මිසක් කවුරුත් නිතර යන එන බවක් පිටින් පේන්නේම නෑ. කිසිම ශොප් එකක්, ව්‍යාපාර කටයුතු සිදුවෙන තැනක් ලඟ පාතක නෑ. මම එතන කැරකී කැරකී ඉන්න අතර ලන්ච් ටයිම් එකේ වගේ Tee කොලේජ් එකෙන් එළියට එනවා මොනිටර් වුනා. මට හිතුනා දැන් මහ දවල් ගෙදර නම් යන්නෑ, මෙතනට තමයි එන්නේ කියලා. වහාම මම වාහනය හොදට මොනිටර් කරන්න පුලුවන් තැනක පාර්ක් කරන් පිටිපස්සේ සීට් එකට ගිහින් කැමරා එක් ට්‍රයිපෝඩ් කරා.
අපි හැම වෙලාවෙම කාර් එකේ කැමරා එකක් හෝ දෙකක් තියං ඉන්නවා. විශේෂයෙන්ම ටෙලි සූම් ලෙන්ස්, එකක් දාපු කැමරා එකක් පොඩි ට්‍රයිපෝඩ් එකක් පිටිපස්සේ තියෙනවා. ඉස්සරහා කැබි එකේ හදිස්සියට ජැකට් එකේ සාක්කුවකට දාගෙන යන්න පුලුවන් කම්පැක්ට් සයිස් කැමරා එකක් තියෙනවා.
පිටිපස්ස එලියෙන් කෙනෙක් දුර ඉදන් බැලුවොත් ඇතුල නොපෙනෙන තරමට ටින්ට් කරලා තියෙන්නේ. මම හිතුවා හරි GPS Location මේ පැත්තට මූව් වෙනවා. මම කැමරා එක වීඩියෝ රෙකෝඩින්ග් දැම්මා. කාර් එකේ ඩෑශ් කෑම් රෙකෝඩින් දැම්මා. ඩෑශ් කියුවාට රියර් ඇන්ඩ් සයිඩ් කැමරා 4ක් මම හයි කරලා තියෙනවා. හතරම එකට ලින්ක් ඔන් වෙනවා. වෙන වෙනම රෙකෝඩ් වෙනවා. ටිකකින් ස්පෝට් කාර් එකක් ඇවිත් ගෙයක ගැරෑජ් එක ඇතුලට ගියා. රිමෝට් රෝලර් දොරක් නිසා කවුරුත් වාහනෙන් බැස්සේ නෑ. කාර් එක ෆුල් ටින්ට්. ඇතුලේ දෙන්නෙක් හිටියා, GPS ඩීටේල් අනුව ඒ දෙන්නාගෙන් කෙනෙක් Tee. නමුත් අනික් කෙනා කවුද මට හිතාගන්න බැ. කොහොම වුනත් දෙන්නෙක් ඇතුලට ගිය බව ශුවර්. දැන් අපි දන්නවා හරියටම යන තැන. කලින් බලනකොට ඒ ගෙදර කවුරුවත් ඒ වෙලාවේ හිටිය බවක් නම් පෙනුනේ නෑ. මම දිගටම එතනම මොනිටර් කරන් හිටියා.
එලියට පේන ජනෙල් ඔක්කෝම වහලා. කර්ටන් කරලා. කොච්චර උත්සාහ කලත් දුර ඉදන් මුකුත් ඇතුල පේන්නෑ. වෙන දෙයක් ගැන අදහසක් ගන්න ට්‍රයි කරමින් මම එතනම හිටියා. වාහනයේ ලයිසන් ප්ලේට් එක සර්ච් කරාම, රියල් ස්ටේට් බිස්නස් එකක් නමට තිබුනේ. පැය 4කට විතර නැවත ගැරෑජ් එකේ දොර ඇරුනා. මම නැවත කැමරා ඔන් කරලා බලාගෙන හිටියා. නමුත් කලින්ට වඩා කිසිම අලුත් දෙයක් හොයා ගන්න බැරි වුනා. මම එතනම තව පැය දෙකක් විතර හිටියා ආපහු කාර් එක එයිද බලන්න. ඔය අතර Tee ගේ ලොකේෂන් ඩීටේල්ස් අනූව ගෙදර ගිය බව පෙනුනා. ඉන්න අතරේ ගෙදර ගැන හොයලා බැලුවා. ඒකත් අයිතිය කලින් වාහනය අයිති සමාගමටම තමයි. පැය දෙකක් බලලා මම නැවත ගෙදර ආවා.
අනික් පුද්ගලයා සහ Tee මොකද කරන්නේ කියන එක ගැන හොයන්න නම් මේ සමාගම ගැන හොයන්න වෙනවා. මම ඒ ගැන නෙට් එක පුරා හොයනකොට ඒකට සම්බන්ධ පුද්ගලයින් ගොඩක් ගැන තොරතුරු හම්බුනා. නමුත් ආපු වාහනය අනුව සාමාන්‍ය සේවකයෙක්ට ආයතනයකින් ඒ වගේ වාහනයක් දුන්නා වෙන්න අමාරුයි. මම ඉහල කළමණාකාරිත්වය ගැන වෙන වෙනම හොයන්න ගත්තා.
ඔය හැමෝගෙම සෝෂල් මීඩියා හොයනකොට මට ටිකක් පරණ එක පින්තූරයක් හම්බුනා අදාල ආයතනයේ ඩිරෙක්ටර් කෙනෙක් ගේ පෞද්ගලික Profile එකක. එතන හිටියේ එයාගේ තරුණ පුතා කාර් එකේ බොනට් එකට වාඩිවෙලා ගත්තු පින්තූරයක්. මම හිතුවා හරි එහෙනම් පුතා තමයි වාහනය පාවිච්චි කරන්නේ. ඔහු සමග තමයි Tee මෙතනට එන්නේ. මම ඔහුව ෆලෝකරන්න තීරණය කරා.
නමුත් මම නොහිතපු දෙයක් ඊලගට හම්බුනේ අදාල පුද්ගලයා ගේ Profile එකට ගියහම. එයා දැන් පදිංචිය වෙන රටක. අදත් පින්තූරයක් අප්ලෝඩ් කරලා තියෙනවා වෙන රටක ඉදන්. දැන් ආපහු ගැටලුවක්, කවුද මේ කාර් එක පාවිච්චි කරන කෙනා?.
(ටිකක් දිග වුනා ලියන්න ගිහින්. මමත් ටිකක් බිසී නිසා ඉවර කරන්නත් සෑහෙන වෙලා යනවා. ඉතුරු ටික වෙනම කොටසකින් අද හවස දාන්නම්)
