PI ජීවිතේ රස කතා

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට ඇත්තටම ශුවර් නෑ බන් පොතක් ලියලා කොස්ට් එක වත් හොයාගන්න පුලුවන් වෙයිද කියලා.
    එක තිරණය වෙන්නේ කරුණු දෙකක් මත.
    1) පබ්ලිෂර්ගේ මාර්කටින් අබිලිටිය.
    2) උබේ වාසනාව හා ලේකක හැකියාව කියන දෙක සමව.

    කොච්චර හොදට ලිව්වත්, පබ්ලිෂර් හොදට වැඩේ කලත් කෙල වෙන අය ඉන්නවා...
     
    • Like
    Reactions: sanguine

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    එක තිරණය වෙන්නේ කරුණු දෙකක් මත.
    1) පබ්ලිෂර්ගේ මාර්කටින් අබිලිටිය.
    2) උබේ වාසනාව හා ලේකක හැකියාව කියන දෙක සමව.

    කොච්චර හොදට ලිව්වත්, පබ්ලිෂර් හොදට වැඩේ කලත් කෙල වෙන අය ඉන්නවා...
    මගේ වාසනාව නම් උපරිමයි මචං. නැත්තම් ලෝකේ හොදම රටක ඉදලා. රස්සාවකුත් තිබිලා, මේ කරුම කරගහන්න ලංකාවට එයිද ආපහු
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ වාසනාව නම් උපරිමයි මචං. නැත්තම් ලෝකේ හොදම රටක ඉදලා. රස්සාවකුත් තිබිලා, මේ කරුම කරගහන්න ලංකාවට එයිද ආපහු
    ඇත්තටම එක නම් එහෙම වගෙයි. උබට PR , සිටිසන් වගේ මොනා හරි තියනවද ? නිකන් දැනගන්න අහන්නේ....
    මේ ලකේ පංකාවට ආපහු අවේ...
     
    • Like
    Reactions: sanguine

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Bump..

    උඹේ කතා ඔක්කොම එක හුස්මෙට කියෙව්ව මචං..
    කතාව නීරස නොවී ලස්සනට හිතේ මැවෙන්න, කතාව කියෝන එකත් ඒ වෙලේ ඒ scene එකේ හිටියා වගේ දැනෙන්න ලියන්න බහුතරයකට හැකියාවක් නෑ මචං. ඒ ඔක්කොමත් එක්ක කතාවලට සම්බන්ධ මිනිහෙක්ගෙ identities හෙලි නොවෙන්න ලියන එකම පට්ට බං..

    දිගටම වෙච්ච දේවල් අපිට මේකෙන් දැනගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    හොඳට කතා ටිකක් එකතු කරගෙන පොඩියට පොතක් ලියල publish කරල බලන්න..

    ඒකෙ ප්‍රතිචාර අනුව part 2 එකකුත් ලියන්න..

    ජයවේවා!
     

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    Ublage secrets eliyta yna hinda case nedda poth liwwoth
    ලියනවා නම් ඒවා ආරක්ෂා කරලා ලියන්න ඕන ඉතින්. ඒකත් වැඩක් තමයි

    ඇත්තටම එක නම් එහෙම වගෙයි. උබට PR , සිටිසන් වගේ මොනා හරි තියනවද ? නිකන් දැනගන්න අහන්නේ....
    මේ ලකේ පංකාවට ආපහු අවේ...
    Na ban. Work permit hitiye. Ewa iwarai covid nisa.
    ------ Post added on Oct 18, 2021 at 9:21 AM
     
    • Sad
    Reactions: wqe123

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මගේ වාසනාව නම් උපරිමයි මචං. නැත්තම් ලෝකේ හොදම රටක ඉදලා. රස්සාවකුත් තිබිලා, මේ කරුම කරගහන්න ලංකාවට එයිද ආපහු
    Ube wasnawata lankawata enna unada dan na ne ban kawda danne uba thama e rate oya rassawa kara kara hitiya nam wadak gassila ubata dan wenakota wedi kanna welada kiyala.
     
    • Like
    Reactions: sanguine

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,677
    113
    ආශ්චර්යමත් රටක
    මගේ වාසනාව නම් උපරිමයි මචං. නැත්තම් ලෝකේ හොදම රටක ඉදලා. රස්සාවකුත් තිබිලා, මේ කරුම කරගහන්න ලංකාවට එයිද ආපහු

    Koheda uba hitiye?
    PR ganna bari une ai?
     
    • Sad
    Reactions: sanguine

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    ඔයාලාට දැන් මම කියන්න යන්නේ කාන්තා PI කෙනෙක්ට වෙච්ච කතාවක්. මේක ප්‍රසිද්ධ කතාවක්, ඔයාලා අහලත් ඇති සමහර විට. මමත් මේක කියවපු කතාවක්. (බොරු කියලා වැඩක් නෑ නේ)

    English 30-32y lady PI කෙනෙක්. එයා අපි හිතමුකෝ Ann කියලා. Ann ගොඩක් වැඩ කලේ Surveillance පැත්තේ. දවසක් එයාට තවත් මැදි වියේ ධනවත් වයිෆ් කෙනෙක් ගෙන් එසයින්මන්ට් එකක් එනවා තමුන්ගේ හස්බන්ඩ් චීටින්ග් කරනවාද හොයන්න.

    Ann ට සිද්ධ වෙනවා මෙතන ඇම වෙන්න. සාමාන්‍යයෙන් Surveillance Investigation වලදී අපි දුර ඉදන් තොරතුරු එකතු කරන එක තමයි කරන්නේ. නමුත් ඇඩ්වෙන්චරස් අදහසක් නිසා Ann මේ අභියෝගය බාරගන්නවා. වයිෆ් ගෙන් සියළු තොරතුරු අරන් Ann මුලින්ම මේක ප්ලෑන් කරනවා. බොරු ඔෆිස් ඩොකියූමන්ට්ස් වගයක් සහ වට්ස්ඇප් එකවුන්ට් එකක් හදලා Husband ට ඇටෑච්මන්ට් එක වට්ස්ඇප් කරලා යවනවා "මේ ටික ඉක්මනට ඇනලයිස් කරලා මට පැය 4 ක් ඇතුලත රිපෝට් එකට ඇඩ් කරලා එවන්න. හවස GM මීට් වෙන්න යන්න තියෙනවා" කියලා.

    Ann Profile pic එකට use කරන්නේ Office kit එකකින් ඉන්න එයාගේ ඇත්තම Pic එකක්. Husband ලණුව හොදටම ගිලිනවා. එයා හැරෙන තැපෑලෙන් රිප්ලයි කරනවා "මම ඔයාට උදව් කරන්න ඉතාම කැමතියි, නමුත් මේ ඩොකියුමන්ට්ස් ගැන මට කිසිම අවබෝධයක් නැහැ" කියලා.

    Ann රිප්ලයි කරනවා
    "Oh shit මම හිතන්නේ මට අංකය වැරදුනා! කරුණා කරලා ඔය ටික ඩවුන්ලෝඩ් කරා නම් ඩිලීට් කරන්න" කියලා. විනාඩියකින් විතර ආපහු Ann මැසේජ් කරනවා
    "ප්ලීස් මගේ ජොබ් එකත් නැති වෙයි කාටවත් මේක කියන්න එපා. Confidential ඩොකියුමන්ට්ස් වගයක්" කියලා.

    Husband ලණුව තදටම ගිලිනවා.
    "බයවෙන්න එපා ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන්. BTW මගේ නම Sam. මම **** ටවුන් එකෙන්"

    Ann ටිකක් වෙලා සද්ද කැතුව ඉදලා "Thank you Sam. මම විශ්වාස කරනවා ඔබ හොද මහත්මයෙක් කියලා. මමත් ඒ කිට්ටුව පදින්චිය" කියලා.

    PI ලා හුගක් වෙලාවට ෆේක් සෝශල් මීඩියා Profile ගොඩක් මේන්ටේන් කරනවා. Ann නුත් මේ නම්බර් එක ඒ වගේ ෆේක් FB, Instagram, LinkedIn වගේ ඒවට කලින්ම ලින්ක් කරනවා. WhatsApp user name එකත් දාන්නේ අර ෆේක් Profile වල නම මයි. Location එකත් දානවා කිට්ටු තැනක්. Sam ඔක්කෝම හෙව්වොත් තව හොදටම අහුවෙන්න වැඩේ ප්ලෑන් කරනවා.

    අන්තිමට එදා හවස Sam මැසේජ් කරනවා "මම හිතනවා මීටින් එක හොදට ඉවර වෙන්න ඇති කියලා!"

    Ann "ඔව්. මම මේ ජොබ් එකට අලුත්. තව පොඩ්ඩෙන් අද මට රස්සාවත් නැතිවෙන්නත් තිබුනා. ස්තූතියි!" කියලා.

    ඔය විදිහට එහාට මෙහාට මැසේජ් 6-7ක් හුවමාරු වෙනවා. දෙන්නාම හිතවත් වෙනවා. දෙන්නාගේ ඔෆිස් දෙකත් තියෙන්නේ 5-6km දුර. පදිංචියත් 12km වගේ Ann දෙන විදිහට. දවස් දෙකකින් හවසක Ann ට මැසේජ් එකක් එනවා
    "මම ඔයාගේ ඔෆිස් එක කිට්ටුව වැඩකට එනවා, හවස Free නම් Coffee එකකට එළියට යමු" කියලා. Ann හොදට අවස්ථාව ප්‍රයෝජනයට අරං රිප්ලයි කරනවා.
    "සොරි මම ගොඩක් බිසී අද. ඔයාට පරක්කු වෙන්නැති නම් අපි හවස 7ට ඩිනර් එකකට මීට් වෙමු. අද මගේ කාර් එකත් නැහැ ඔයාට මාව පික් කරන්න පුලුවන්ද?" කියලා.

    Ann ට ඇත්තටම වෙන විශේෂ වැඩක් නැහැ. නමුත් එයාට අවශ්‍ය වෙනවා Sam කැපකිරීමක් කරලා ඉන්නවාද බලන්න. ඔය අතර Ann ක්ලයන්ට කෝල් කරලා දැන ගන්නවා Sam හවස කොහේද ඉන්නේ කියලා. Sam හවස ඇත්තටම ඉන්නේ ඔෆිස් එකේ. එයා වයිෆ්ට කියනවා එදා ගොඩක් වැඩ එන්න රෑ වෙයි කියලා.


    හවස 7ට හරියටම Sam කියපු තැනට ඇවිත් Ann පික් කරන් රෙස්ටුරන්ට් එකකට යනවා. දෙන්නා සාමාන්‍ය ෆ්‍රෙන්ඩ්ලි චැට් එකක් යනවා. ඩිනර් එක ඉවර වෙලා Sam එකපාරටම විශේෂ කතාවක් කියනවා.
    "මම ස්මාර්ට් කෙනෙක්, මට තේරෙනවා වයිෆ් මං ගැන සැක කරනවා. එයා මා ගැන හොයන්න PI කෙනෙක්ට දීලා කියලා මම සැක කරනවා" කියලා.
    Ann ටික වෙලාවකට බ්ලෑන්ක් වෙනවා.
    "මිනිස්සු ඇත්තටම හස්බන්ලා ගැන හොයන්න PI ලා යූස් කරනවාද?" කියලා දෙන්නාම හිනා වෙනවා. Ann මුහුනේ ඇති වුන වෙනස වහගන්න වචන පාවිච්චි කරනවා.

    එදා Ann කලින් ප්ලෑන් කරපු තැනකට Sam ලවා ඩ්‍රොප් කරගන්නවා. Sam යනකොට හග් එකක් දීලා ආපහු මීට් වෙමු කියලා යනවා. Sam පෞද්ගලික දේවල් Ann ට කියන්න පටන් ගන්නවා. කලින් ආශ්‍රය කරපු කෙල්ලෝ, කරපු කියපු දේවල් වගේ ගොඩක් දේවල් කියනවා. ඔය විදිහට දවස් 4-5 කට පස්සේ ආපහු Coffee shop එකක දෙන්නා හම්බුවෙනවා. නමුත් Sam කිසිම වෙනසක් පෙන්වන්නේ නෑ. කලින්ට වඩා හිතවත් ස්වරූපයකින්, දන්න අදුනන කෙනෙක් විදිහට හැසිරෙනවා. දවස් කිහිපයකින් ආපහු ඩිනර් අවූට් එකකට Sam ඉන්වයිට් කරනවා. එදා ටිකක් ෆැන්සි රෙස්ටුරන්ට් එකකට.

    Sam ඇවිත් එදා ඩ්‍රොප් කරපු තැනින්ම Ann පික් කරනවා. එදා ඩිනර් එක වෙලාවේදී Sam වෙනදාට වැඩිය ටිකක් මවාගත්තු වැදගත් හැසිරීමක් පෙන්නනවා.
    "මම දෙයක් කියන්නම්, කලබල වෙන්න එපා." (එහෙම කියනකොටම Ann ගේ මූණ ටිකක් වෙනස් වෙනවා.)
    "මම හිතනවා ඔයා තමයි මගේ වයිෆ් හයර් කරපු PI කියලා. හැබැයි මම ඒක ගැන කෙයාර් කරන්නෑ. ඔයා කවුරු වුනත් මම ඔයාට කැමතියි!" කියලා.

    Ann එහෙම කෙනෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න බොරුවට උත්සාහ කරනවා. අන්තිමට බොරු තරහාකුත් මවා ගන්නවා. හැබැයි Sam ඒ කිසිම දෙයක් කෙයාර් කරන්නෑ. පහුවදා Ann වෙච්ච හැමදේම, චැට් හිස්ට්‍රි, වොයිස් රෙකෝඩ්ස් ඔක්කෝම වයිෆ් ට දෙනවා. නම්බර් එකත් ෆේක් එකවුන්ට් ටිකත් ඔක්කෝම ඩිඇක්ටිවේට් කරනවා.
    ------ Post added on Oct 12, 2021 at 6:07 PM
    okatanam mahaloku deyakk akranana na ,, mama oyath ekka jingi jika karanna kamathii kiyala masg 1 ka dammanam cheat karanwa kiyala oppu karanna puluwan aparade effort 1
     
    • Haha
    Reactions: sanguine

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    Koheda uba hitiye?
    PR ganna bari une ai?
    ඒක ටිකක් දිග කතාවක්. මං හිතන්නේ මම ඒක අනාගතයට ඉතුරු කරන්නම්. ආපහු යන්න පුලුවන් වුනොත් සියල්ල වෙනස් වෙයි
     
    • Like
    Reactions: shenat

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    සමාවෙන්න. මටත් වැඩ එක්ක අමතක වුනා මෙහෙම වැඩක් කරපු බවත්. හෙට දෙනවා ඊලග කතාව
    පිස්සු කරන්න එපා පුතා.. ඔයාගේ රසික පිරිස අමතක කරන්න එපා ඊලග එපිසෝඩ් එක එනකම් බලාගෙන ඉදලා බැරිම තැන තමයි තව නැද්ද කියලා ත්‍රේඩ් එකට රිප්ලයි කලේ