අද මට පුදුම සන්තෝසයක් තියෙන්නේ. එදා මැච් එක කැත විදියට පැරදුනාට අද ඉන්දියාවට කැත විදියට CB කුසලාන තරඟාවලියේ අවසන් තරඟ වලට එන්න අපේ සිංහ කොල්ලෝ ඉඩ දුන්නේ නැහැ. මේ අද දිනපු එක මට හොඳටම ඇති. ෆයිනල් හරි එන්න පුළුවන් උන එක අපේ මහේල ඇතුළු හැමෝගෙම සහයෝගයෙන් අපේ රට ලබා ගත්තු ලොකු ජයග්‍රහණයක්. ඔහොම යමු ඔහොම යමු. දැන් CB කුසලානේ, තව ටික දවසකින් ආසියානු කුසලානේ. අපේ ලංකාවේ ටීම් එකට ජයෙන් ජය.
