ක්‍රිකට් තරඟ පරාජයට ප්‍රේක්ශකයොත් වගකිව යුතුයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලංකාවේ දේශපාලනය සහ ක්‍රිකට් යන දෙකේ ම තියෙන පොදු සමානකම වන්නේ මේ දෙක ම හුඟක් වෙලාවට cheap thrills මත දුවන ඒවා වීමයි.

    ලංකාවේ ඡන්ද දායකයන් මෙන් ම බහුතර ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ද cheap thrills වලින් බොහොම ලේසියෙන් උද්දාමයට පත්වෙන, හැඟීම්බර පිරිසක්. ලංකාවේ දේශපාලනයට වගේ ම ක්‍රිකට් වලටත් මේ ඉරණම අත්වීමට ලොකු හේතුවක් වන්නේ ඒකයි.

    ඒ කියන්නේ ඔවුන්ට ඇත්ත ප්‍රගතියක් ගැන අදහසක් නැහැ. මාස දෙක තුනකට පාරක් ලැබෙන cheap thrill එකකින් ඔවුන් ලේසියෙන් සතුටු කරන්න පුළුවන්. Cheap thrill එකක් ලැබුණු පසු ඔවුන්ට විශාල අභිමානයක්, 'ගැම්මක්', සිංහ සෙයියාවක් දැනෙනවා. ඔවුන් උඩ ගොස් බිම වැටෙන්නේ ඊයේ තරගය පැරදුණා වගේ ක්‍රිකට් කණ්ඩායම ලජ්ජා සහගත විදියට අන්ත පරාජයක් ලබනකොටයි.

    ලංකාවේ ක්‍රිකට් කියන්නේ අතිශයින් ම දූෂිත පද්ධතියක්. ක්‍රිකට් පරිපාලනය සොරුන්ගෙන්, දූෂිතයන්ගෙන් පිරී තිබෙනවා. ඉහළ සිට පහළට ම හොරකම ඔඩු දුවා තිබෙනවා. ක්‍රිකට් ප්‍රේක්ෂකයා මේ දූෂිත බව ගැන නොදන්නවා නෙවෙයි. ඒත් ක්‍රිකට් ප්‍රේක්ෂකයාට මේ දූෂිත බව ප්‍රශ්න කරන්න හිතෙන්නේ තරගයක් දෙකක් පරදිනකොට විතරයි. කාලයෙන් කාලයට ක්‍රිකට් පරිපාලනය කුමක් හෝ සංදර්ශනයක් පෙන්නපු ගමන් ක්‍රිකට් ප්‍රේක්ෂකයා cheap thrill එකෙන් උදම් වෙනවා. එතකොට දූෂණ, වංචා, පරිපාලනයේ වැරදි සියල්ල අමතක වෙනවා.

    සංගක්කාරලා, මහේල ලා, ඩිල්ෂාන් ලා විශ්‍රාම ගත් පසු අද දක්වා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව සහ ස්ථාවරව (consistently) දස්කම් දක්වන එක ම පිතිකරුවෙකුවත් අලුතෙන් ඇතුළත් වී නැහැ. මහත් බලාපොරොත්තු ඇතිව පැමිණි අලුත් ක්‍රීඩකයන් පවා අඛණ්ඩව දක්ෂතා දක්වන්න අසමත් වෙලා තියෙනවා. එක දවසක ලකුණු 50ක් 60ක් ගසා කණ්ඩායමේ තම ස්ථානය රැකගන්නා ක්‍රීඩකයා එයින් පසු ඉනිම් ගණනාවක් අසාර්ථක වෙනවා. ක්‍රිකට් කණ්ඩායම තුළත් මේ අස්ථාවර බව තියෙනවා. තරග දෙක තුනක් ජයග්‍රහණය කරන කණ්ඩායම තවත් තරග ගණනාවක දී ඉතා ම දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්වනවා. ඒත් ජයග්‍රහණය කරන තරග දෙක තුන නිසා දැනෙන cheap thrill එකට පින් සිදු වන්න ක්‍රීඩා ලෝලීන්ට අනෙක් සියලු ප්‍රශ්න අමතක වෙනවා.

    මේ ඊයේ පෙරේදා තරග 13ක් එක දිගට ජයග්‍රහණය කළා කියලා අප ලැබූ cheap thrill එකත් ඒ ආකාරයේ ම එකක්. මෙහෙම තරග 13ක් අපට දිනන්න ලැබුණේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරන්නට ලංකාවට සිදු වූ නිසයි. ඒ කාණ්ඩයට අයත් වුණේ ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පහළින් තියෙන දුර්වල කණ්ඩායම්. 1979 සිට කිසිම දවසක ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම එහෙම ලජ්ජා සහගත ඉරණමකට මුහුණ දී නැහැ. ඒත් අපට ලොකු වුණේ නැවත මෙවැනි ලජ්ජා සහගත ඉරණමකට මුහුණ නොදීම නෙවෙයි - සුදුසුකම් ලැබීමේ වටය ද ඇතුළත් කොට තරග 13ක් එකදිගට ජයග්‍රහණය කිරීම පිළිබඳ cheap thrill එකක් අප හදාගත්තා. ඒකෙන් කණ්ඩායම සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරන්න හේතු වුණු ඇත්ත හේතු සියල්ල ම යට ගියා.

    අද හුඟක් වෙලාවට ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙකු ඇතුළත් වෙන්න නම් කරන්න ඕනෙ දක්ෂතා දක්වනවාට වඩා හොඳ ෆේස්බුක් කැම්පේන් එකක් කිරීමයි. ඒ කියන්නේ ෆේස්බුක් එකෙන් කණ්ඩායම තෝරන ප්‍රවණතාවක් දැන් ඇති වී තිබෙනවා. තමන් ගේ ෆේස්බුක් කැම්පේන්වලට ඇතැම් ක්‍රීඩකයන් සහ ඔවුන් ගේ කළමනාකරුවන් විශාල මුදලක් වියදම් කරනවා. එහෙම වෙලා තියෙන්නෙත් cheap thrills වලින් චූන් වෙන ක්‍රිකට් යක්ඛ පුතුන් පිරිසක් මේ රටේ ඉන්න නිසයි. තාර්කික, තිරසර තීරණ ගන්නවා වෙනුවට මේ යක්ඛ පුතුන් ගේ cheap thrills සන්තර්පණය කිරීම ප්‍රමුඛතාවක් කරගෙන තියෙනවා.

    ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය වැනි රටවල් ඉහළ වෘත්තීයමයභාවයකින් යුතු, අඛණ්ඩව දස්කම් පෙන්වන ක්‍රීඩකයන් බිහි කරනවා. අප ඉන්නේ එතැන නෙවෙයි. අප ඉඳහිට එවැනි කණ්ඩායමක් පරාජය කරන්නේ ඔවුන් ගේ ඉතා ම නරක දවසක පමණයි.. එහෙම නැත්නම් ලංකාවේ කිසියම් ක්‍රීඩකයෙකු ඉතා ම සුවිශේෂී දක්ෂතාවක් දැක්වූවොත් පමණයි. මේ දෙක ම නිතර ම සිදුවෙන දේවල් නෙවෙයි. ඒත් ඉඳහිට හෝ එවැනි දෙයක් සිදු වූ දවසට අප ඉන්නේ ලෝක කුසලානය දිනුවා වැනි මානසිකත්වයකින්.. එහෙම දවසට "අපට දැන් ලෝකයට ම ගහන්න පුළුවන්" කියා හිතෙනවා. මේ නිසා ම අර කියපු tier 1 රටවල්වල වෘත්තීයමයභාවයට සහ දක්ෂතාවලට ළඟා වන්නට අප අසමත් වෙනවා.

    අපට විශාල ශාපයක් වී තිබෙන්නේ හැම දෙයක දී ම අපට දැනෙන විශාල "ගැම්මයි".. හේතුවක් නැතුව දැනෙන ආඩම්බරයයි. මේ ඕනැවට වඩා ලොකු ගැම්මත්, හේතුවක් නැතුව දැනෙන ආඩම්බරයත් හැඟීම්බර ජාතියක ලක්ෂණයක්.

    යකාගෙ හැටියට විමානය හැදෙනවා අපේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට හරියට ක්‍රීඩකයන් ටිකකුත්, ක්‍රීඩකයන්ට හරියට ප්‍රේක්ෂකයන් ටිකකුත් නිර්මාණය වී තිබෙනවා.

    ඊයේ ලැබූ ලජ්ජා සහගත පරාජය ක්‍රිකට් ලෝක කුසලානයේ තරගයක් දෙකක් දිනනකොට අමතක වෙනවා. කවි, ගී, සින්දු ලියන්න පටන් ගන්නවා. අර අමුතු ගැම්ම, හේතුවක් නැති ආඩම්බරය ඇවිත් ලෝක කුසලානය ම දිනන්න පුළුවන් කියලා හැඟීමක් එනවා. ඒ ගැම්මේ උපරිමයෙන් ම ඉන්න වෙලාවට ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබුවා වගේ ලජ්ජා සහගත පරාජයක් ලබනවා. ඊට පස්සේ අර ගැම්මෙන් ඉන්න ප්‍රේක්ෂකයා උඩ ගිහින් බිම වැටෙනවා. මේ cheap thrills cycle එක තවත් කාලයක් යනතුරු තියෙන බව මට විශ්වාසයි.

    Cheap thrills මත දුවන රටක් හැදෙන්නේත් නැහැ. ක්‍රීඩාවක් හැදෙන්නෙත් නැහැ.

    ඒ නිසා අප මේ රවුමේ දුවනකල් ක්‍රිකට් පරිපාලනය හැදෙන්නෙත් නැහැ. ක්‍රිකට් ක්‍රීඩකයන් හැදෙන්නෙත් නැහැ. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හැදෙන්නෙත් නැහැ.

    පිළිගන්නට කොච්චර අකැමැති වුණත් ඇත්ත ඒකයි.

    -
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,293
    3,886
    113
    හැම රෙද්දටම hot take එකක් 😅
    හැමෝම කිව්වොත් අහස නිල් පාටයි කියල එතකොට පැචුම කියනවා අහස නිල් පාට නෑ රතු පාටයි කියල.
    හැමවෙලේම ඕක කරද්දි හෙන බෝරින් ඕයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637

    👆Cheap thrills පිම්පියා 🤭:ROFLMAO:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,059
    54,741
    113
    Colombo

    එතකොට පැචුම් කියන්නෙ රෙනවට පුක වගකියන්න ඕන කියලද ??
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න අපි නම් ප්‍රේක්ෂකයෝ නෙමෙයි
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    පාස්කු ප්‍රහාරයට පල්ලියට ආපු එවුනුත් වගකියන්න ඕනි කියයි මූ ඉදියනම් හැබැයි
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ධනුෂ්ක ගුණතිලක ලිංගික අපරාධ චෝදනාවෙන් නිදහස් වීමේ ප්‍රවෘත්තිය අද උදේ ලැබුණ නිසා මේක අපට අපේ සුපුරුදු cheap thrill එක උපරිමයට දැනෙන වෙලාවක්.

    ඒ කියන්නෙ මේ මොහොතේ ලංකාවට ධනුෂ්ක ගුණතිලක කියන්නේ ජාතික වීරයෙක්. බොහෝ වෙලාවට ඔහු ලංකාවට එනකොට ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ලා ගිහින් මල්මාලා දාලා ධනුෂ්ක ගුණතිලක පිළිගනියි. ලංකාවේ විදියට නම් එයාපෝට් එකේ රතු පාවාඩයක් දාලා තිබුණත් මම ඒ ගැන එච්චර පුදුම වෙන්නෙ නැහැ.

    මේ cheap thrill එකේ උපරිමයේ ම ඉන්න නිසා අපට මේ හැම දෙයක ම 'පසුබිම' අමතකයි. මේවා මෙහෙම වුණේ කොහොමද කියන එක අමතකයි. මේ ලිංගික අපරාධ චෝදනා ඇත්ත වුණත් බොරු වුණත් මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්න පසුබිම හැදෙන්නේ ම ධනුෂ්ක ගුණතිලක රටට ඉතා ම වැදගත් ක්‍රිකට් සංචාරයක් අතරතුර "ටින්ඩර්" එකෙන් තමන්ට තියෙන වෙනත් අමාරුවක් සුවපත් කරගන්නට යාම නිසා බව අමතකයි.

    ඊට ටික කාලෙකට කලින් එංගලන්තයේ දී විනය විරෝධී කටයුත්තලට අහුවෙලා ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක් පැනවුණු බව අමතකයි. ඒ තහනමේ සම්පූර්ණ කාලය ගෙවෙන්න නොදී ඒක අතරමගින් අත්හිටුවලා මිනිහා නැවත ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කරගත් බව අමතකයි. මේ පටලැවිල්ලට ගුණතිලක අහුවුණේ එහෙම ගෙනත් වැඩි කාලයක් යන්න කලින් කියලත් අමතකයි.

    එංගලන්තයේ ඒ සිද්ධිය වෙන්න කලින් ලංකාවෙත් ධනුෂ්ක ගුණතිලකට විනය කඩකිරීම සම්බන්ධ චෝදනා රැසක් තිබුණා කියලත් අමතකයි. මේ වගේ ම "අමාරු සුවපත් කරගන්න" ගිහින් නයිට් ක්ලබ්වල ගුටි කෙළිවලට මැදි වුණා කියලා අමතකයි. මෙහෙම නැවත නැවතත්, එක ම විදියට විනය ප්‍රශ්නවලට මැදිවෙන ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවට නෙවෙයි අඩු තරමේ ජිල් බෝල ක්‍රීඩාවටත් ‍රටක් නියෝජනය කරන්න නුසුදුසුයි කියලා අමතකයි.

    මොන ක්‍රීඩාව කරන්නත් කලින් එහෙම එකෙක් පුනරුත්ථාපන කඳවුරකට යැවීම හෝ මානසික උපදේශනය ලබා දීම සිදු කළ යුතුයි.

    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් තරමට ම ප්‍රබල වුණේ අප කුඩා කාලයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් හුදෙක් ක්‍රීඩකයන් ම නොවී ක්‍රීඩාව සම්බන්ධයෙන් හොඳ Ambassadors ලා ද වුණ නිසයි. ඒ අයත් හොඳට කන්න බොන්න, රමණය කරන්න ඇති. ඒත් පොදුවේ මිනිසුන් අතර විහිළුවට ලක් නොවී, හත්පොළේ ජරාව ගා නොගෙන, හංවඩු ගැසීම් වලට ලක් නොවී, ක්‍රීඩකයන් විදියට රටේ ප්‍රතිරූපය රැකගන්න ඔවුන්ට පුළුවන් වුණා. ඒ හැම එකට ම වඩා තරග දිනන්නත්, අඛණ්ඩව දස්කම් පෙන්වන්නත් ඔවුන්ට පුළුවන් වුණා. මේ නිසා ටින්ඩර් නෙවෙයි "සෙක්ස් ටේප්" ලීක් වුණත් ඔවුන්ට මිනිසුන් ගේ තියෙන ආදරය අදටත් අඩු වෙලා නැහැ.

    ඒත් ධනුෂ්ක ගුණතිලක ලා, දික්වල්ලලා නිසා සිදුවුණු එක දෙයක් වුණේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම කියන 'සන්නාමය' ඇතුළට ත්‍රාඩ සංස්කෘතියක් කාන්දු වීම‍යි.

    ප්‍රශ්නය වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් කෑම, බීම, විනෝද වීම හෝ රමණය කිරීම නෙවෙයි. ඒවා ලෝකයේ කොහේ වුණත් වෙනවා. අතීතයේත් වුණා. ප්‍රශ්නය වන්නේ මෙන්න මේ ත්‍රාඩ සංස්කෘතියයි. පාදඩකරණයයි.

    ඒත් මේ වගේ cheap thrill එක උපරිමයට දැනෙන වෙලාවක ත්‍රාඩ සංස්කෘතිය ගැන එච්චර ලොකුවට කතා කරන එක වැඩක් නැහැ.

    ඒ නිසා ආයිත් පාරක් කැළේ පැනලා මොකක් හරි ජරා ගොඩක් පෑගෙනකල් චූන් එකේ ඉන්න ලංකාවේ ඉමෝෂනල් ක්‍රිකට් ෆෑන්ස්ලාට ජයවේවා!

    -

    රසික ජයකොඩි
    28 - 09 - 2023

    #lka #SriLanka #Cricket

    UpUp
    ------ Post added on Dec 29, 2023 at 7:47 PM