Pirated OS, software යූස් කරන එක පවක්ද?

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මාත් හරියට දන්නේ නැ
    දන්නේ නැති නිසා කියන්න යන්නේ නැ
    හරියටම නොදැන බොරුවක් කියල පවක් කරගන්නවාට වඩා දන්නේ නැ කියන එක හොදයි වගේ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පව් පින් ගැන නම් දන්නෙ නෑ. ඒත් ඕක කොච්චර දුරට සාධාරණීකරනය කරන්න පුලුවන්ද කියලා හිතන්න වෙනවා.

    software එකක් pirate කරා කියනවා කියන එකයි හොරකම් කරනවා කියන එකයි වෙනස්. සාමාන්‍ය දෙයක් හොරකන් කලොත් ඒකේ අයිතිකාරයට ඒක නැතිවෙනවා. ඒත් software එකක ගන්නෙ copy එකක්, ඒකෙන් අයිතිකාරයට කෙලින්ම පාඩුවක් වෙන්නෙ නෑ.

    පාවිච්චි කරන්නේ තමන්ගේ පුද්ගලික වැඩවලට මිසක් ඒකෙන් ලාබ බලාගෙන නෙවෙයි නම්, මිලදි ගන්න වත්කමක් නැත්නම්, අසාධාරණ මිලක් වෙනවා නම්, ඉගෙනගන්න කෙනෙක් නම් ඒක ලොකු වැරැද්දක් නෙවෙයි කියලා හිතන්න පුලුවන්
    ex: pirate කරපු Photoshop පාවිච්චි කරලා තමන්ගේ photo එකක් edit කරනවා

    හැබැයි ලාබ බලාගෙන කරනවා නම් ලොකු වැරැද්දක්
    ex: pirate කරපු Photoshop පාවිච්චි කරලා service එකක් විදියට photo edit කරලා සල්ලි හොයනවා. (freelance/ studio)

    අනිත් එක අසාධාරණ මිල. ඒක වැඩියෙන්ම බලපාන්නේ ලංකාව වගේ රටවල්වලට. පිටරටක මාසෙට 1000$ වගේ සාමන්‍ය ආදායමක් තියෙන කෙනෙක්ට මොනවහරි service එකකට 50$ ගෙවන එකට සාපේක්ෂව ලංකාවේ 200$ වගේ ආදායමක් තියෙන කෙනෙක්ට 50$ ගෙවන්න අමාරුයි. Adobe, Autodesk වගේ multi billionaire software companies තනිකරම ලාබේ විතරක් බලාගෙන software වල මිල තීරණය කරනකොට සාමන්‍ය කෙනෙක්ට ඒවා ගන්න අමාරු වෙනවා. Movies, TV series වලටත් ඒක අදාලයි දැන්. streaming service ගොඩකට subscribe කරලා වෙන වෙනම ඒවට ගෙවන්න වෙන මිල හැමෝටම ගැලපෙන්නෙ නෑ. lifetime license එක වෙනුවට monthly subscription ගෙවන එක හැමෝටම ගැලපෙන්නෙ නෑ. එතකොට එයාලා users ලා ගැන හිතන්නෙ නැති එක නිසාම pirate කරන එක සාධාරණය කරන්න පුලුවන්. මොකද එයාලා ලාබ හොයන්නෙත් අසාධාරණ විදියට

    ඒත් අපි individuals ලාගේ small companies වල software, digital assets pirate කරොත් ඒක ලොකු වැරැද්දක්. මොකද ඒ අයගේ මහන්සිය වටිනාකම අපි මංකොල්ලා කනවා වෙනවා. එයාලට අර multi billionaire software companies වගේ ස්ථවර බවක් නෑ. තමන් මාස ගාණක් මහන්සිවෙලා හදපු දේක වටිනාකම ගන්න කලින් ඒක pirate කලාම ඒ අය කඩා වැටෙනවා.

    කොහෙන්හරි අඩුවට Windows keys / games / accounts අරගෙන "අපි නම් pirate කරන්නෙ නෑ " කියලා පංපෝරි ගහන අය හිතන්න එපා එයාලා වැරැද්දක් කරේ නෑ කියලා. pirate කරන අයටත් වඩා ලොකු වංචාවක් එයාලා කරලා තියෙන්නේ. එක පැත්තකින් software එක හදපු අයට යන්න ඕනි ලාබේ වෙන කොහෙවත් ඉන්න හොරු ටිකකට යනවා. අනිත් අතට එයාලා original කියලා වංචාවක් promote කරනවා.

    සරලවම කිව්වොත් piracy වැරදි දෙයක්. ඒත් කරන හේතුව මත වැරැද්දේ තරම වෙනස් වෙනවා. හරිම දේ කරන්න ඕනි නම් pirate නොකර open source software පාවිච්චි කරන්න පුලුවන්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    පවක්. අදින්නාදානා කැඩෙනවා. 😐

    ඕක ඔච්චර ගලපන්න දෙයක් නෑ බන්. නොදුන් දෙයක් ගැනීම අදින්නාදානා සිල්පදය කැඩීමක්. ඒකෙදී ඌ කොච්චර ලාභ ගන්නවද මිල සාධාරණද කියන වගේ කාරනා අදාල වෙන්නෙ නෑ.
    ------ Post added on Mar 21, 2021 at 12:53 PM
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ගෙවලා ගන්න ඕනේ softwares වල මිල දරන්න බැරි නම් ඒ වෙනුවට freeware පාවිච්චි කරන්න එක තමයි වෙන්න ඕනේ.
    paid ඒවා තරම් ලේසි නැති එක හරි. ඒත් උත්සාහ කරන්න පුළුවන් නම් ගොඩක් පහසුකම් free ඒවායෙත් තියනවා.
    උදාරහණයකට ms office word වෙනුවට විකල්පයක් විදියට libre office writer එක ගත්තොත්, ms office word වලින් කලින් මම කළ හැම වැඩක්ම libre office writer එකෙනුත් කරන්න පුළුවන්. හොයාගෙන යනකොට සමහර දේවල් ms word වලටත් වඩා ලේසියි.
    ms word වල නැති දේවලුත් තියනවා. (මං මේ කියන්නේ වචන ටිකක් ටයිප් කරන එක විතරක් නෙවෙයි, professional document හදන එක ගැන)
    සමහර පහසුකම් ගන්න coding දැනුම ඕනේ (macros එකක් විදියට add කරගන්න). ඒත් linux forum වල අවශ්‍ය code එක්ක සරල පියවර වලින් ඕනේ තරම් කරන විදිය තියනවා.
    අවශ්‍ය result එක ගන්න නිවැරදිව google search කරන විදිය විතරයි දැනගන්න ඕනේ.

    අපිට පොඩිකාලේ ඉඳන්ම උගන්නන්නේ හොරු වෙන හැටි. හරියට කන්න බොන්නවත් නැති ළමයින්ට උගන්නන්නේ paid softwares පාවිච්චි කරන හැටි.
    උගන්වන තැන්වල පවා තියෙන්නේ cracked os, softwares.
    හැබැයි මේවගේ freeware softwares උගන්වන්න තැන් නෑ. අපේම උත්සාහයෙන් තමයි ඉගෙනගන්න ඕනේ. හැබැයි ඒක තමයි හොඳම ඉගෙනීම වෙන්නෙත්.

    හොරකම කියන්නේ හොරකමම තමයි. අපි කොයිතරම් හිත හදාගන්න දේවල් කිව්වත් ඒක තමයි ඇත්ත.

    අපේ පොඩි උන්ටවත් උගන්නන්න ඕනේ හොරකමෙන් මිදෙන හැටි මිස ඒක කරගෙන යන්න නිදහසට කාරණා හොයන හැටි නෙවෙයි.
     
    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43

    අඩෝ ඒක බොක්කටම වැදුනා :(:(
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ද.ගැ.පි. අහන්නේ :)
    It's the stealth of Intellectual Property. Whether it's a sin or not is another issue. The reality is that many around the world are using pirated software -whether it's OS or applications.
    China, Russia, Iran, India, Malaysia, Philippines, Brazil, US, Europe, Germany.... etc. It's probably hard to find a country that's not doing so. In China even the Government sector uses pirated stuff.
    Only about North Korea no one knows because there's no data available. In many countries the piracy ranges in the 70% mark or above, except for the US and Western Europe it's estimated to be around the 20% mark.