PITAVALA PATHANA - පිටවල පතන

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පිටවල පතන

    image-CB8B_4C490A0A.jpg

    මාතලේ ලග්ගල මාර්ගයේ කිලෝමීටර් 37 සහ 38 කණුව අතර පිටවල පතන පිහිටා ඇති අතර එය නරඹන්නන් අතර ඉතා ජනප්‍රියවී ඇත. පිටවල පතන විස්තර කවුළුව අසලින් ඉදිරියට ඇති මාර්ගයේ මද දුරක් ගමන් කිරීමෙන් පුංචි ලෝකාන්තය නැරඹිය හැකිය. ඒ වගේම මෙම ප්‍රදේශය නකල්ස් රක්ෂිතයේ එක් කොටසකට අයත් වෙනවා.

    image-636E_4C490A0A.jpg
    image-0CB7_4C490A0A.jpg

    image-A20B_4C490A0A.jpg
    image-7DA3_4C490A0A.jpg

    image-22DB_4C490B41.jpg

    image-30DF_4C490B41.jpg
    image-45CC_4C490B41.jpg

    image-38FA_4C490B41.jpg

    • Like
    Reactions: MAXPAYNE1

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Nice. more details please.

    Nice panorama pix

    more info plz

    පිටිවල පතනේ අසිරිය

    ඇඟ හිරිවැටෙන සීතල සුළං රැළි හමා යද් දී සුදෝ සුදු හිමකැටවන් මීදුම් සළු විත් ගත වෙළාගන්නා දුලබ නැවුම් මිහිරක් අත්විදීමට ඔබත් සතුටු ඇති.මාතලේ දිස්ත‍්‍රික්කයේ ලග්ගල මැතිවරණ කොටසේ 'රිවස්ටන්' හා 'පිටවල පතන' ප‍්‍රදේශයේ දී ඒ විරල ගණයේ අත්දැකීම් ලබන්නට අපට ද අවස්ථාවක් ලැබුණි.රත්තොට නගරය පසු කර යන විට දැකුම්කළු තේ වතු කීපයක් ද, ඉන් ඔබ්බට යන විට 'විඩ්කාර්' වතුයායේ රූස්ස වන මැද වගාකර ඇති 'එනසාල්' වගාවක් ද දකින්නට ලැබේ. අධික වංගු සහිත මාර්ගය ඇති කරවන්නේ තරමක බියකි. කඳු මුදුනට පිවිසෙන විට හමුවන්නේ තද සුළං හමන කපොල්ලකි. 'බට දඩුකන්ද' නමින් හඳුන්වන මේ කඳුවැටිය සිසාරා දිගට වැඩුණු 'බටදඬු' පඳුරු දැකිය හැකි ය.කඳු මුදුනේ සිට මාර්ගය ඔස්සේ පහළට බැසීම ප‍්‍රවේශමෙන් කළ යුත්තකි. හදිසියේ මීදුමෙන් වැසීයන නිසා ප‍්‍රපාතය නොපෙනී ගොස් සිදුව ඇති අනතුරු එමටය. ඈතින් - ඈතට අනන්තය දක්වා පෙනෙන කඳුවැටි සහ හරිත වනපෙතත් ඇති කරවන්නේ අපූරු හැඟීීම් සමුදායකි. මිනිස් වාසයක් - කටහඬක් නොපෙනෙන, නොඇසෙන වනාන්තරයෙන් ඇසෙන ඉමිහිරි කුරුලු ගී නාදය කා තුළත් ඇතිකරවන්නේ නැවුම් සතුටකි.කලකට ඉහත තේ වගාවන් සඳහා යොදාගෙන තිබු 'බ්‍රේ ගෲප් වතුයාය පුරා දැන් දකින්නට ඇත්තේ 'පැඟිරි මානා' පදුරුයි. අක්කර සියගණනක් පුරා මේ 'පැඟිරි මානා' වගාව තිබෙනවා. පැඟිරි මානා පිරි කුඩා කඳු ගැට හා තැනිතලා බිම් පසුකරන විට ගස් කොළන් නැති පතන් බිමක් දකින්නට ලැබෙනවා. ඒ පිටවල පතනයි.මේ 'පතන' ප‍්‍රදේශයේ හා 'රිවස්ටන්' කොටසේ ඉතා මිටි කුරු ගස් වර්ගයක් සුලබව දැකිය හැකියි. වසර 100 - 200 පවා ඉක්මවූ මෙම ගස් අපූරු රටාවකට නැමී - ගුලි වී තිබෙනවා. 'බොන්සායි' වැනි වූූ මෙම ගස් ඇතැම් අය 'පිග්මි' වනාන්තර ලෙසත් හඳුන්වනවා.මේ ප‍්‍රදේශයේ පොළොව තුනී පස් තට්ටුවකින් යුක්ත වන අතර අඩි 1 - 2 පමණ යට විශාල ගල් තට්ටුවක් ද දැකිය හැකිය හැකි ය. මෙම පිහිටීම හා වසරේ වැඩි කාලයක් අධික සුළංවලට මුහුණ දීමට ගස්කොළංවලට සිදුවීම මේ 'කුරු ගස් ඇතිවන්නට හේතුව විය හැකි ය.මේ 'බටදඬුකන්ද' 'රිවෙස්ටන්' පිටවල පතන ආදී ප‍්‍රදේශ දුම්බර කඳු වලල්ලට හෙවත් නකල්ස් කඳු පංතියට අයත් වනවා. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි ආරක්‍ෂිත ප‍්‍රදේශයක් ලෙස සැලකෙන මෙම ප‍්‍රදේශ මහවැලි පෝෂක ප‍්‍රදේශයකි.පිටවල පතන කෙළවර ඇත්තේ පුංචි ලෝකාන්තයයි. කන්ද කඩාවැටුනාක් මෙන් පෙනෙන මේ කොටසේ ඇත්තේ දරුණු ප‍්‍රපාතයක්. මේ ප‍්‍රදේශයේ බොහෝ විට තද මීදුමෙන් වැසී තිබෙන අතර, මීදුම් නැති අවස්ථාවන්වල දර්ශනීය වනාන්තර ප‍්‍රදේශයක් දැක ගැනීමට වාසනාව ලැබේ. අධික සුළං පවතින මේ පුංචි ලෝකාන්තය අප තුළ ඇති කළේ සතුට මුසු අපූරු බියක්.පිටවල පතන මැදින් කුඩා දොළපාරක් ද නිසොල්මනේ ගලා බසින්නේ සුන්දරත්වය මේ යැයි කියමිනි. දොළ පහරේ පහළ කොටසේ කහට - නෙල්ලි, වේවැල්, මඩු වැනි ගස් වර්ග සුලබව දැක ගැනීමට හැකි ය.මේ පතන ප‍්‍රදේශයේ කුළු මීමුන්, ගෝනුන්, මුවන් ගැවසෙන අතර ඉදහිට දිවියා ද දැකීමට හැකි බවට ගැමියන් පවසන්නේ ආඩම්බරයෙනි.පිටවල පතනේ අසිරිය විඳිමින් ඉදිරියට ගමන් කරන විට ඉලුක්කුඹුර ගමේ පුංචි කඩවීදිය හමුවේ. එය පසු කළ විට ලංකාවේ නොඉඳුල් ම කඳුවැටිවලින් ගලා බසින තෙලිගමු ඔය දැකිය හැකි ය. රත්වනමල් - කුඹුක් - කරඳ - ඇටඹ, පිහිඹිය ආදී තුරුවඳුලු මැදින් සුන්දර ලෙස ගලාබසින තෙලිගමු ඔය ඇත්තෙන් ම සොබාදහමේ අපූරු මැවීමකි.ලග්ගල උඩසියපත්තුවට අයත් ඉපැරැණි ගම් රැසක් අදත් දැක ගත හැකිය. පිටවල - රත්නින්ද - මහලකොටුව - ඇටන්වල – කහගල- ඉළුක්කුඹුර - පුවක්පිටිය – පොත්තවෙල - දම්මන්තැන්න ආදී පැරණි ගම් අපේ ශිෂ්ටාචාරයන් සුරකින ගම් ලෙස හැදින්වීම නිවැරැදියි. ලංකාවේ දී ඔබට අත් විඳිය හැකි සියලු ම දේශගුණික තත්ත්වයන් මේ කිලෝමීටර් 10 පමණ ප‍්‍රදේශයේ තුළ පිහිටා තිබීම සුවිශේෂී ය. අපේ රටේ ඇති සියලුම වනාන්තර වර්ගත් මෙම සුවිශේෂ භූමියේ දී ම හමුවේ.අපූරු දේශගුණික විපර්යාසයන් සතුන් – සිව්පාවුන් - තුරුලතා - කුරුල්ලන් මාළු වාර්ග – දකින ඔබ සොබාදහමේ මේ ආශ්චර්යවත් මජටීමෙන් මුසපත්වනු නො අනුමානය.රිවස්ටන් හා පතන සිසාරා දිස්වෙන සුන්දර දර්ශන ඔබ වගි කරවනු නිසැක ය.සතුන්ට සිව්පාවුන්ට කදිම අභය භූමියක්අධ්‍යාපනය ලබන්නන්ට මෙය ස්වභාවික විශ්වවිද්‍යාලයෙකි.අධ්‍යාත්මික සුවය සොයන්නට කදිම තෝතැන්නකි.සංචාරකයන්ට විවේකය අගය කරන්නට සුන්දර පරාදීසයකි.මහවැලියේ ජල පෝෂක ප‍්‍රදේශයක් ද වන "රිවෙන්ටන්" හා "පිටවල පතන ප‍්‍රදේශය ඔබ දැකිය යුතු අසිරිමත් ම සොබාදහමේ මැවීමකි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    thanks, any hotels close by to this area ? phone numbers or websites ?
     
    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    Pitawala patha ethamath sundara parisarakin hebi sthanayak.. etha thibena punchi lokanthaya ehi sundarathwa thwath sundara karawai.. me pitwala pathane sita apa waisin ganna lada sudara pinturayak

    Uploaded with ImageShack.us

    karunakara oba ehi paya thabanawa nam .. oba ehi pa salakiunu panaka ithura kara ennata waga bala ganna :)