Plane eke rape karala

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු, එය සිදු කළ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ.

    අද උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානය තුළ මෙම ලිංගික අතවරය සිදු කර තිබේ.

    මොහු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙකි. ඔහු මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාව වෙත වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාම සදහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙකි.

    සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල , ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිටියහ.

    ඔවුන් අතරින් අවුරුදු 08 යි මාස 10 ක් වයසැති කුඩා දැරිය මෙසේ මෙම ඉන්දීය ජාතිකයා විසින් ලිංගික අතවරයකට ලක් කර තිබූ අතර , ඒ පිළිබඳව ගුවන් යානා කාර්යය මණ්ඩලය වෙත පැමිණිළි කිරීමට මෙම මව පියවර ගෙන තිබුණි.

    ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට ගුවන් යානා කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබුණි.

    මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් යොමු කර තිබේ.

    ඉන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

    මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂක චන්දන , පොලිස් සැරයන් 38220 දිසානායක සහ කාන්තා පොලිස් කොස්තාපල් 12168 සෙව්වන්දි යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Dhanushka Gunathilaka ta wage $100,000 withara ape lawyers lata indiawen gewan awruddak withara accommodation walata indiawen wiydam karan lankawe naduwa ahaida balamu... :lol: anika meka child rape..

    mu amma issaraha child rape karala mattu welath indiawen kiwwa gaman anthimata usawiyedi podi lamaya muwa rape kala wei da danne naha..
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113
    යකෝ ඒ වීඩියෝ ඵකේ කොමන්ට් වල ඔක්කොම බැණල තියෙන්නේ ඒ කෙල්ලගේ අම්මට නේ..ඵතකොට කරපු ඵකා හොඳයිද..මට මතකයි අර සේයාගේ නිව්ස් ඵකෙත් බැන්නේ කරපු ඵකාට වඩා අම්ම තාත්තට.ඒක නම් ගේකදි වුනා කියතෑකි..මේක ප්ලේන් ඵකක් අැතුලේ වෙලා තියෙන්නේ..ප්ලේන් ඵකේදී ඔහොම වෙයි කියල කවුද හිතන්නේ..අනික ප්ලේන් ඵකේදී කොහොමත් කට්ටිය නිදාගන්නවා..අනික කවුද දන්නේ ඵක ළග සීට් ගන්න බැරි වුනාද කියලා..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    අම්මා එහා පැත්තේ ඉඳලා ද? වින්ඩෝ සීට් එක දීලා නැද්ද ඒ මනුස්සයා?

    දස්පයෝ නම් සාරියේ හැට්ට යටින් පෙන බඩ දැක්කත් ඇති උන්ට පයර් වෙන්න... එවැනි අසහනයක් තියෙන්නේ
     
    • Sad
    • Like
    Reactions: Any.key and imhotep

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,822
    23,510
    113
    ඔය වගේ කේස් වලට කරන්න දෙයක් නෑ බන්. සාක්ෂි නෑනෙ. අපයෝජනය කිවුවට ඉතින් ඔය අතපත ගාපුවනෙ. ඕවට වෛද්‍ය පරීක්ෂණ වලින් හොයන්න පුලුවන් දේකුත් නෑ. කැමරා එකකවත් රෙකෝඩ් වෙලා තිබ්බොත් තමයි. එක්කො ඉතින් සාක්ෂි දෙන්න දැකපු සෙට් එකක් ඉන්න ඕනෙ. එහෙම හොයන්න වෙන්නෙත් නෑ ලේසියට. අනික ඕක අපේ දේශ සීමාවෙන් එලියෙ උනානන් නීති තියෙනවද දන්නෙත් නෑ ක්‍රියාත්මක කරන්න.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    ඔය වගේ කේස් වලට කරන්න දෙයක් නෑ බන්. සාක්ෂි නෑනෙ. අපයෝජනය කිවුවට ඉතින් ඔය අතපත ගාපුවනෙ. ඕවට වෛද්‍ය පරීක්ෂණ වලින් හොයන්න පුලුවන් දේකුත් නෑ. කැමරා එකකවත් රෙකෝඩ් වෙලා තිබ්බොත් තමයි. එක්කො ඉතින් සාක්ෂි දෙන්න දැකපු සෙට් එකක් ඉන්න ඕනෙ. එහෙම හොයන්න වෙන්නෙත් නෑ ලේසියට. අනික ඕක අපේ දේශ සීමාවෙන් එලියෙ උනානන් නීති තියෙනවද දන්නෙත් නෑ ක්‍රියාත්මක කරන්න.
    It's molestation and a chargeable offence. I am not sure of the mechanics of this but the ICAO amended the Montréal Protocol somewhere in 2020s.
     
    • Like
    Reactions: Asmodeus

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    යකෝ ඒ වීඩියෝ ඵකේ කොමන්ට් වල ඔක්කොම බැණල තියෙන්නේ ඒ කෙල්ලගේ අම්මට නේ..ඵතකොට කරපු ඵකා හොඳයිද..


    That is how SL society works.

    If you get raped, it's your fault.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    9ff890b8-ce57-4683-86d9-2c9b851be432.jpg
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    යකෝ ඒ වීඩියෝ ඵකේ කොමන්ට් වල ඔක්කොම බැණල තියෙන්නේ ඒ කෙල්ලගේ අම්මට නේ..ඵතකොට කරපු ඵකා හොඳයිද..මට මතකයි අර සේයාගේ නිව්ස් ඵකෙත් බැන්නේ කරපු ඵකාට වඩා අම්ම තාත්තට.ඒක නම් ගේකදි වුනා කියතෑකි..මේක ප්ලේන් ඵකක් අැතුලේ වෙලා තියෙන්නේ..ප්ලේන් ඵකේදී ඔහොම වෙයි කියල කවුද හිතන්නේ..අනික ප්ලේන් ඵකේදී කොහොමත් කට්ටිය නිදාගන්නවා..අනික කවුද දන්නේ ඵක ළග සීට් ගන්න බැරි වුනාද කියලා..
    උඹ හිතන්නේ ඔතන comment කරලා තියෙන උන් ඔහොම දෙයක්වත් තෙරුම් ගන්න පුලුවන් එවුන් කියලාද?
     
    • Like
    Reactions: Honda.putha