Plata O Plomo (රිදීද? ඊයම්ද?)

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Plata O Plomo (රිදීද? ඊයම්ද?)

    අද මම කතාකරන්න යන්නේ ටිකක් වෙනස්ම දෙයක් ගැන දෙයක් කිවුවට ඇත්තටම කෙනෙක් ගැන. කට්ටිය කැමති වේවි කියලා හිතලා තමයි දාන්න හිතුවේ.

    හරි කට්ටිය කල්පනා කරනවා ඇති මොකද්ද මේ නුලේ නමේ තේරුම කියලා, ඇත්තටම මේ මම කියන්න යන පුද්ගලයාගේ ප්‍රධාන කියමනක් තමයි මම නුලේ නම හැටියට දැම්මේ.

    pablo_escobar2.jpg


    හරි දැන් බලමු කවුද මේ පුද්ගලයා කියල සමහරවිට මෙයා ගැන දන්නවත් ඇති මෙයාගේ නම තමයි පබ්ලෝ එස්කොබර් (Pablo Emilio Escobar Gaviria). ඇත්තටම 1975 - 1992 වගේ කාල වකවානුවලනම් මෙයාගේ නම ඇහුවත් ඇග සලිතවෙලා යනවා මොකද මෙයා ඒ තරම්ම දරුණු පුද්ගලයෙක්. 1993-12-02 දා මෙයා මේ ලෝකෙන් සමුගත්තා නමුත් මෙයාව තමයි මත්ද්‍රව්‍යය ලෝකයේ රජ්ජුරුවෝ (The King of Cocaine) විදියට අදටත් සලකන්නේ.

    හරි දැන් අපි බලමු මෙයා ගැන විස්තර ටිකක්. මෙයා ඉපදෙන්නේ 1949 දෙසෙම්බර් මාසේ 1 වෙනිදා කොලොම්බියාවේ මෙඩලින් කියන නගරයේ. මෙයාට සහෝදර සහෝදරියෝ 6 හිටියා. මේ රටේ කොහොමත් මත්ද්‍රව්‍යය ජාවාරම සරුවටම කෙරෙන නිසා ඉතා කුඩා කාලයේදීම පබ්ලෝ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වලට සම්බන්ද වුනා එකේ ප්‍රතිපලයක් විදියට 70 දශකයේදී පබ්ලෝ නීතිවිරෝදී කොකේන් මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්දවෙනවා. කොහොම හරි ඉතාමත් කෙටි කාලයකින්ම ඔහු එම ජාවාරමේ හිමිපෙත්තටම නගිනවා. ඒ කියන්නේ 80 දශකය වෙනකොට ඇමරිකාවට සපයන නීතිවිරෝධී කොකේන් වලින් 80% වක්ම සපයන ලද්දේ මේ පැබ්ලෝ විසින්. ඒ ප්‍රමාණය කොතරම්ද කියනවනම් වර්ෂයකදී ඔහුගේ ශුද්ධ ලාභය පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 22ක් විතර වෙලා තියනවා. මොහුව තමයි ලෝකයේ ජීවත්වුණා ධනවත්ම අපරාධකාරයා. ඒ කියන්නේ 1990 ආසන්න වසයෙන් තක්සේරු කරන ලද විදියට ඔහුගේ එවක මුළු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 30 ක් එය අද දිනයේ ඇමරිකානු ඩොලර් බිලියන 55 කට ආසන්න අගයක්.

    තවත් මොහුගේ විස්තර ටිකක් කෙටියෙන්.

    කුඩාකල මොහු සහ මොහුගේ සහෝදරයෙකු එක්වී සොහොන්ගල් (tombstones) හොරකම් කර එහි ඇති සටහන් මකා දමා නැවත විකුණා ඇත,

    මොහුගේ කටින් නිතර කියවුන වාක්‍යය "Plata O Plomo" එහි තේරුම "පාගා මුදල් බාර ගන්න නැතිනම් මරණය වැලද ගන්න"

    මොහුගේ ජාවාරමේ උච්චතම අවස්ථාවේදී ඔහුගේ සතියක අදායම ඇමරිකානු ඩොලර් මිලියන 420ක්

    පබ්ලෝ වසරක් ඇතුලතදී ඉතාමත් පහසුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 30ක් උපයනවා. මේ නිසා මොහුව 1987 සිට 1993 දක්වා කාලය තුල ලෝක ප්‍රසිද්ද ෆෝබ්ස් සගරාවෙන් ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයන්ගේ නාම ලේකනයටද ඇතුලත් කරා. 1989දී එහි මොහුගේ ස්ථානය වුනේ 7වන ස්ථානයයි.

    මොහුට ඉතා විශාල ප්‍රමාණයෙන් මුදල් ලැබෙන නිසා එම මුදල් මිටි බැදීම සදහා ඔහු විසින් සතියකට ඇමරිකානු ඩොලර් 2500ක රබර් බෑන්ඩ් මිලදීගෙන තිබෙනවා.

    වසරකට ඔහුගේ අදායමෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ මුදල් මියන් කෑම, වතුර වැටීම, ගිනිගැනීම් වගේ දේවල් වලින් විනාශ වෙනවා.

    මොහුගේ ජාවාරමට සම්බන්ද ගුවන්යානා පදවන කපිතාන් වරුන්ගේ එක ගුවන් පියාසර ගමනක් සදහා ඇමරිකානු ඩොලර් 500,000 පමණ මොහු වැටුප වශයෙන් ගෙවා තිබෙනවා.

    1980 දශකයේ ඇමරිකාවේ පැවති ඉහල කොකේන් ඉල්ලුම නිසා පබ්ලොගේ මත්ද්‍රව්‍ය ජාලය (Pablo Escobar’s Medellín cartel ) දිනකට කොකේන් මෙට්‍රික් ටොන් 15 බැගින් දිනපතාම ඇමරිකාවට ගෙනගොස් තිබෙනවා.

    පබ්ලෝ විසින් ලියර් ජෙට් (lear jet)වර්ගයේ ගුවන්යානයක් ඔහුගේ මුදල් ප්‍රවාහනයට පමණක් යොදාගෙන තිබෙනවා. එමෙන්ම සමහර වේලාවන්වලදී ඉක්මනින් මුදල් ප්‍රවාහනය කිරීම සදහා ඉතා මිල අධික සුපර් සොනික් ජෙට් යානා පවා මොහු යොදාගෙන තිබෙනවා.

    පබ්ලෝ මිනීමැරුම් 4000 - 5000 අතර ප්‍රමාණයකට වගකිවයුත්තෙක්.

    එකවරක් මොහු සහ මොහුගේ පවුලේ උදවිය ආරක්ෂක අංශ වලින් පැනයමින් සිටියදී ඔහුගේ දියණිය රෝගාතුරවීම හේතුවෙන් ඇයට උණුසුම ලබාදීමට ඔහු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක ප්‍රමාණයක් පුළුස්සා දමා තිබෙනවා.

    එකවරක් කොලොම්බියාවේ අපරාධකරුවන් පිටුවහල් කිරීමේ නිතිය වෙනස් කිරීම සදහා ඔහු විසින් කොලොම්බියා රාජ්‍යය විසින් අනිකුත් රටවලට ඇති සියලු ණය ගෙවා දැමීමට ඔහු කැමැත්ත ප්‍රකාශ කරා. එම මුදල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10ක්.

    ඔහු විසින් ඔහුට සිරගත වීම සදහා ඉතා සුඛෝපභෝගී La Catedral නම් හිරගෙදරක් නිර්මාණය කරන ලදී.

    අම්මෝ දැන්නම් අතත් රිදෙනවා, මීට වඩා විස්තර ඕනිනම් ගුගල් මාමිගෙන් අහන්න....


    pablo-escobar-zoo.jpg


    pablo-escobar-3.jpg


    Pablo-Facts.jpg


    pablo-escobar-criminal.jpg


    10-Pablo-Escobar.jpg


    688414ed0bfd87905deba20ce0cc0861.jpg


    pablo-escobar-cocaine-pure.jpg


    pablo-escobar-death.jpg


    tumblr_nscxm9Mqyy1roqv59o1_500.png
    CsdZ4AIWcAAWnaD.jpg


    pablo-escobar-was-making-60-million-a-day-never-had-2308741.png


    pablo-escobar-facts.jpg


    tumblr_nud9wdeblo1r30hj7o1_500.jpg


    tumblr_ntugwmgnAk1r30hj7o1_500.jpg



    tumblr_nlzan6Z6cY1ririjeo1_500.jpg



    quote-only-those-who-went-hungry-with-me-and-stood-by-me-when-i-went-through-a-bad-time-at-pablo-escobar-102-2-0276.jpg



    හැමෝටම බුදුසරණයි!

    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    මේකට ලැබෙන ප්‍රතිචාර අනුව තවත් මේවගේ විස්තර දාන්න මට හිතේවි...

    මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.


    Bacteria Work as Hard Drives
    හාජි ලේන් (Haji Lane)
    ජපනගේ එකේ දිග....
    බිසේෆලස් Bucephalus
    බැටරි නැති මොබයිල් ෆෝන්
    දැන් වයස අවුරුදු 20යි
    ඔබ දන්නවාද 10:10
    ඉගිලෙන සබ්මැරීනය
    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
    ම්රියා An-225
    මේවා අහල තියනවද?
    Chernobyl-2
    තවත් සුපිරි රුසියන් බඩුවක්....
    ගේලැන්ග් (Geylang) [20+]
    ඩෙස්කර් පාර (Desker Road) [20+]

    [/QUOTE]
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්දගෙයි පැබ්ලෝ එස්කබාර් ගෙයි මහලොකු වෙනසක් නැහැ. එක කාලයක් පැබ්ලෝ එස්කබාර්ව කොලොම්බියන් රොබින් හුඩ් කියලත් හැදින්නෙව්වා. අපේ හරක් මහරජා කිව්වා වගේ තමයි. අන්තිමට බල්ලෙක් වගේ මැරිලා ගියා.