පෞද්ගලිකව මම මගේ අදහස මෙහෙම කියන්නම් මේ උපන්දින සාදය සම්බන්ධව .ඒ තමා මේ සාදය ගත්ත එකා හොඳ සල්ලි කාරයෙක් කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ .ඒ වගේම මේක උගේ ආතල් එක නම් ඒ ආතල් එකට වියදම් කරන්නේ ඌම නම් මෙතන එකෙක්ටවත් කිසි අවුලක් වෙන්න විදිහක් නැහැ .කොටින්ම කිව්වොත් අපිට මෙකේන් වැඩක් නැහැ .හැබැයි ගැටළුව තියෙන්නේ ගත්ත පාර්ටි එකේ නෙමේ .එකේ අරගෙන තිබ්බ කන්සෙප්ට් එක සහ එම කන්සෙප්ට් එක සහිත මෙමෙ පාර්ටියට සමාජීය වශයෙන් ඇතමුන් අතර යම් වටිනා කමක් ලබාදීමෙන් .මොකද කන්සෙප්ට් එක ප්ලේ බොයි .ඉතිං ප්ලේබොයි මෙහෙ කරා කියලා අපි ඇමරිකාව වෙන්නේ නැහැ .ඒත් අපේ සමහරක් උන් හිතන්න පුළුවන් මෙවැනි දේවල් කරහම අපේ රට දියුණු රටවල් වල මට්ටමට වැටෙනවා කියලා .එහෙම හිතලා ඔය වැනි දේවල් සමාජයේ සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් අන්න ඒක භයානකයි .උදාහරණයක් හැටියට .
…මම කාමරේකට වෙලා තනියම සිගරට් පැකට් එකක් ගැහැව්වොත් එකේ ප්‍රතිවිපාක මට .සිගරට් පැකට් එකේ සල්ලි මගේ .එතකොට කාටත් ප්‍රශ්නයක් නැහැ නේ .හැබැයි මම ඔය සිගරට් පැකට් එකම මිනිස්සු ඉන්න තැන් වල බිව්වොත් .එහෙමත් නැත්තම් සිගරට් එකක් බීම හෙන පොරක් වෙන දෙයක් කියලා ඒත්තු ගැන්නුවොත් කාට හරි .එහෙම කරලා උන්ටත් පෙව්වොත් අන්න ඒ දේ භයානකයි .සමහටක් විට මම කිව්වොත් ශාරුක් ඛානුත් සිගරට් බොනවා උඹලා බිව්වොහ් උඹලත් ශාරුක් ඛාන් වගේ වෙයි කියලා අන්න භයානකම තැන .ඉතිං මේ දේත් අන්න ඒ වගේ තමා .