ශ්‍රී ලාංකිකයෙකු නම් සිංහල කතාකරන්න ඕන, සීගිරිය නැගලා තියෙන්න ඕන, බදුල්ලට කෝච්චියේ ගිහින් තියෙන්න ඕන යැයි අපේ පැරැන්නන්ගේ මතයක් තිබුනා.ඔය කතාව කීවේ කටකහනවාට නොවන බව මගේ මතයයි.
ලෝකයේ කිසිම රටක නැති ඉතා අලංකාර දුම්රිය මාර්ග පද්ධතියක් අපේ ලංකාවේ තියෙනවා කියලා අවිවාධයෙන් සඳහන් කරන්න පුළුවන්.
ඒකට ප්‍රධානම හේතුව වන්නේ අපේ රටේ ප්‍රධාන දුම්රිය මාර්ගයයි. එනම් කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගය.
බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දුර කිලෝ මීටර 292ක්. දුම්රිය ස්ථාන 79ක් මේ ගමනේදී අපිට හම්බ වෙනවා. බිංගෙවල් 43ක්, තේවතු, දිය ඇලි,තුරුලතා අතරින් ගමන් කරන මේ සොඳුරු ගමනට ගතවන කාලය පැය 12ක්.
එසේ සිදුකල තවත් සොඳුරු සංචාරයක විස්ථර ගෙන එන්නයි මගේ සූදානම.
බදුල්ලට - කොළඹ අතර ප්‍රධාන වශයෙන් ධාවනය වන්නේ දුම්රිය 03ක් පමනයි.
1. පොඩි මැණිකේ #1005,1006
(කොළඹින් පිට වීම උදේ 5.55ට. බදුල්ලෙන් පිටත් වීම උදේ 8.50ට)
2. උඩරට මැණිකේ #1015,1016
(කොළඹින් පිට වීම උදේ 9.40ට. බදුල්ලෙන් පිටත් වීම උදේ 5.50ට)
3. රාත්‍රී තැපැල් දුම්රිය #1045,1046
(කොළඹින් පිට වීම රාත්‍රී 8.00ට. බදුල්ලෙන් පිටත් වීම සවස 6.00ට)
මගේ ගමන සිදු උනේ රාත්‍රී තැපැල් දුම්රියේ බදුල්ලටත්,බදුල්ලේ සිට පොඩි මැණිකේ දුම්රියෙන් කොළඹටත්.
එහෙනම් ගමන පටන් ගමු.
අපි ගමන් කලේ දෙවෙනි පන්තියේ නිදන මැදිරිවල. මාගේ අවවාදය නම් ඔබ බදුල්ලේ ගමන් කරනවා නම් පළමු පන්තියේ හෝ තුන්වෙනි පන්තියේ නිදන මැදිරි වල ගමන් නොකරන ලෙසයි. දෙවෙනි පන්තිය මම මුලින් සඳහන් කල පන්ති දෙකටම වඩා පිරිසිදුයි. සුව පහසුයි.
ඔන්න තුන් වෙනි පන්තිය - හිර කූඩු වගේ.
පේරාදෙනියේදී තැපැල් පෙට්ටිය ගලවනවා දුම්රියෙන්. මේ ඒ අවස්ථාව.
M5 එකකින් ගලවා ඉවත්කරන තැපැල් පෙට්ටිය
නානු ඔය ඉස්ටේසම උදේ පාන්දර. සීතල ගැන කියන්න ඕන නෑ නේ.
ඔහියට එනකොට එලිය වැටිලා. ලොක් කරලා තිබුන දොරවල් 04ම ඇරගෙන බැස්සා ෆුට් බොර්ඩ් එකට.
වේගයෙන්.
NFS

ඉදල්ගස්හින්නට එනකොට හොඳටම එලිය වැටිලා.
මෙතනට පැහැදිලි දවසක හම්බන්තොට මුහුද පේනවා.
පේනවා නේ තුන්වෙනි පන්තියේ නිදන මැදිරිවල තරම. හිර කූඩු වගේ. ඉන්දියන් මල ජරාව.
හපුතලේ
ඉදිරියටම යව්!
මේ පින්තූරය ගැන සටහනක් කරන්නම්. උය ඉස්සරහින් යන ඇංජින් දෙක ගැන. බදුල්ල තැපැල් දුම්රිය පෙට්ටි 13ක්. තනි ඇන්ජිමකට කොහොමවත්ම තැන්නේදී ඇරෙන්නට බෑවුම් වලදී බෑ ඒ බර අදින්න. ඒ නිසා කොළඹින් පිටත් වෙච්ච නයිට් මේල් එකට රඹුක්කනදී තව ඇන්ජිමක් (banking loco එකක් කියලයි කියන්නේ) පිටුපසින් එක් කරනවා. ගොඩක් වෙලාවට මේක M5 එකක්. ඒ විදියට රඹුක්කන ඉඳලා කඩුගන්නාවට එනකන් පස්සෙන් තල්ලු කරන ඇන්ජිම කඩුගන්නාවේදී ගලවනවා. ආයේ කඩුගන්නාවී ඉඳලා ගම්පොලට යනකන් තැන්න. ආයේ ගම්පොලදී තවත් banking loco එකක් නයිට් මේල් එකට සෙට් කරනවා. ඒක M6 එකක්. ඒ M6 එක පිටිපස්සෙන් තල්ලු කරගෙන එනවා පට්ටිපොලට වෙනකන්. පට්ටිපොල ඉඳලා බැස්ම. ඒ නිසා පට්ටිපොලදී පිටුපසින් ආපු banking loco එක දුම්රියේ ඉස්සරහට අමුනනවා. ඒ බැස්මේදී තිරිංග යෙදීම සඳහා. ඔය ඉස්සරහින් ඉන්නේ ගම්පොලදී අමුනපු M6 - 786


. පිටුපස්සෙන් ඉන්නේ කොලඹ ඉඳන් ආපු M6 -795.
දියතලාවට ආවා.
කෝච්චියේ අනිත් කෙර්වල. දිග පේනවා නේ.
බන්ඩාරවෙල අභිමානය
කීණිගම
ඈතින් පේන්නේ කොළඹ එන උඩරට මැණිකේ.
ඇම් 6 -783 එක්ක කොළඹ යන උඩරට මැණිකේ
නැරඹුම් මැදිරිය.
අපේ වලිගය.
දෙමෝදර
අවසාන බිංගෙය Tunnel #43
බදුල්ලට එනකොට උදේ 8යි
කොළඹ ඉඳන් අපිව ගෙනාපු අපේ යාළුවා
Thanks Buddy!









