Palaroid සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය පිළිබදව පසුගියදා එළිදක්වනු ලැබුවා. ඒ Polaroid Socialmatic කැමරාවයි.
14-megapixel front Camera , 2-megapixel Back Camera, 4.5” touchscreen LCD display, wi-fi and Bluetooth ආදී පහසුකම් වලින් මෙන්ම කුඩා Ink Printer 1කින් ද සමන්විතය. එමෙන්ම මෙම කැමරාව android මෙහෙයුම් පද්ධතිය සමග ක්‍රියාකිරීමද තවත් විශේෂත්වයකි.
යම් ඡායාරූපයක් ගත් සැනින්ම එය Facebook, Twitter ආදී සමාජ ජාල වෙබ් අඩවි සමග share කිරීමටත්, 2x3 ප්‍රමාණයේ කුඩා පින්තූරයක් එම මෙහොතේම print කරගැනීමටත් මෙහි පහසුකම් තියෙනව. එමෙන්ම එම කුඩා රූපයේ Corner 1ක print වන QR Code 1 ස්කෑන් කිරීමෙන්, අන්තර්ජාලය හරහා එම ඡායාරූපයේ Original Copy 1ක් ගැනීමට ද හැකියාව තිබෙනවා.
4GB internal memory ක් මෙන්ම SD card ඇතුලත් කිරීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම මෙහි මිල $ 299ක් ලෙස දැක්වෙනවා.
