POSON Sithuvili !!!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!


    බුදු සරණයි... !!බුදු සරණයි... !!බුදු සරණයි... !!බුදු සරණයි... !!බුදු සරණයි... !!



    Hibiscus_Buddha.ss.jpg






    ලෝකයාම සොයන සතුට,සැනසීම,දියුණුව හා සහජීවනය බුදු දහමේ පැහැදිළිව ගැබ් වී ඇත.
    එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඇතිවූ ආනේකවිධ දෘශ්ඨීන්,මත,අදූරදර්ශී සංකල්ප හා අදවන විට පුහුදුන් නිසා නිරායාසයෙන්ම
    මිනිසා තුල ඇතිවන තන්හාව නම්වූ ධර්‍මතාවය හේතුකොටගෙන ඇතිවන මමත්වයත්,ඒහා බැදුනු තරහව,වෛරය,පිළිගැනීම හා
    තරග කාරීත්වය මෙන්ම ධනයට හා බලයට පොරකෑමේ ප්‍රවනතාවයට හසුවී නොදැනිම මුලාවට පත්වී ඇත.මේ නිසා ලැජ්ජා-භය පේන මානයේ නැත.

    දහම යනු සොබා දහම හා බැදුනු සකල මානවයාටත් සියළු සත්වයිව්ටත් ගහකොළ ඇතුලු පරිසරයටම බද්ද වූ දර්ශණයකි.
    එය පැහැදිලිවම යථාර්තයෙන්ම අවබෝධ කරගත් උත්තමයා බුදුහිමි වහනසේය.බුදුදහම යනු සත්‍ය අවබොදයයි.

    සියලු සත්වයින් අතර දියුණුකරගත හැකි මනසක් ඇති එකම සත්වයා මිනිසාම නිසා , බොධි සත්වයෙකු වශයෙන් මිනිසෙක්ව
    ඉපිද මනස හෙවත් සිත උපරිම කාලයකට දියුණුකරගත් තැනැත්තා "බුද්ධ" යන නාමයෙන්ද "බුදු හිමි" යනු සියලුම මානවයාට පොදු වූ
    ආධ්‍යාත්හික වස්තුවක් බවද පළමුව වටහා ගනිමු.

    මුලින්ම නිර්‍මලව පැවති බුදුදහම කාලයාගේ ඇවෑමෙන් සියල්ල වනස් වන "අනිත්‍ය, යන ධර්මතාව අනුව, පසුකලෙක නිර්‍මණය
    වී ඇති විවිධ ඇදහීම් අනුව, නිකායභේද , ආගමික භෞද , ජාති-භේද , පක්ෂ භේද , උසස්-පහත් භේද හේතු කොටගෙන
    මිනිසා අද වන විට භෞද-භින්න වී දැවෙමින් , තැවෙමින් , අසහනයෙන් ජීවත් වී , පිං බලයෙන් ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ
    වටිනාකම තේරුම් නොගෙන මුලාවී හැගීම් වලට වහල් වී , මෙලොව පමණක් නොව පරලොවද අසරණ භාවයට පත්කරගෙන ඇති බව නම් නොරහසකි.

    බුදුහිමිපාණෝ ආදර්ශයෙන්ම අනුදැන වදාළේ මිනිසාම පමණි නිමක් නැති මේ සංසාර ගමනින් නිදහස් විය හැක්කේ ඒ සදහා
    අනුගමනය කල යුතු ක්‍රියාමාර්ගය ඉතා පැහැදිලිව හා අර්ථවත්ව පෙන්වාදී ඇත්තේ , අප්‍රමාදීව ප්‍රායොගික වශයෙන්
    සිහිකල්පනාවෙන් දිවිගෙවමින් , තණ්හා , මාන , දිට්ඨී , අවිජ්ජා ආදියෙන් විනිර්මුක්තව ශාක්-සාත් කරගතහැකි ප්‍රතිඵලයක් ලෙසය.
    ඒ අනුව ඕනෑම මිනිසෙකුට ආර්‍ය්‍ය පුද්ගලයෙකු මුණගැසී , අසා දැනගෙන , තම උත්සාහය තුලින් සසර ජයගත හැකි දර්ශණයකි මෙහි ඇත්තේ
    , මෙය මෙය වටහාගත් ඕනෑම කෙනෙකු තම ජීවිතය ජය ගැනීමට ඒකාන්තයෙන්ම උත්සුක වනු ඇත. ඒ අනුව ඔවුන්ගේ ජීවිතය හා
    චරිතයද යහපත් වීම සමස්ත ප්‍රජාවටම ආශීර්වාදයක් වනු ඇත.


    සෑමට ගුණවත්/ හරවත් පොසොන් සමයක් වේවා !!!!!
    බුදු සරණයි... !!








    GT අයියේ මම පොඩි ඉල්ලිමක් කරනවා අපි බුදුහිමිපාණෝ ශ්‍රාවකයෝ වශයෙන්
    මේ thread එක පොසොන් ඉවර වෙනකන් වත් පොඩ්ඩක් Sticky කරලා තියෙනවද කරුනාකරලා...
    :) :)
     
    Last edited: