Post only Officially Confirmed News

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හැදුනුම්පත් 23ක් සමග පුද්ගලයෙක් කොටු

    දිවයින පුරා තවදුරටත් විවිධ සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙනවා.

    ඒ යටතේ සීදූව රද්දොළුගම නිවාස සංකීර්ණයේ සිදු කළ මෙහෙයුමක දී වායු රයිෆලයක් සහ කඩු 06ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ, පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකදීයි.

    විවිධ ප‍්‍රදේශවල මුස්ලිම් කාන්තාවන්ට අයත් ජාතික හැදුනුම්පත් 23ක් සමග පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පල්ලිවාසල්තුරෙයි ප‍්‍රදේශයේදීයි.

    පුත්තලම කරඹ ප‍්‍රදේශයේ තිබී ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් බවට සැක කෙරෙන ටී ෂර්ට් සහ හිස්වැසුම් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

    බදුල්ල ලූණුගල බටාවත්ත ප‍්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී නාවික සහ යුද හමුදා නිල ඇඳුම් රෙදි ළග තබාගෙන සිටි සුලෙයිමන් සියාරක් අලි නමැත්තෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුගේ නිවසේ තිබී විදෙස් ගමන් බලපත‍්‍ර 18ක් සහ ජාතික හැදුනුම්පත් 07ක් සොයාගත් බවයි.

    කිලිනොච්චිය ධර්මපුරම් ප‍්‍රදේශයේ නිවසක තිබියදී ද යුද හමුදා ඇදුම්වලට සමාන ඇදුම් කිහිපයක් සොයා ගැණුනා. අදාළ නිවෙස් හිමියා සොයා තවදුරටත් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

    කහටගස්දිගිලිය තල්ගහපොතාන සහ රඹෑව අතර ප‍්‍රදේශයේ තිබී ටී56 ස්වයංක‍්‍රිය ගිනි අවිවලට යොදා ගන්නා ජීව උණ්ඩ 23ක් අද පෙරවරුවේ සොයා ගැණුනා. පාලූ ස්ථානයක අදාළ ජීව උණ්ඩ දමාගොස් තිබු බවයි පොලිසිය පැවසුවේ.

    කිලිනොච්චිය පරන්තන් මාර්ගයේ තිබියදී ද ස්වයංක‍්‍රීය ගිනි අවිවලට භාවිත කරන උණ්ඩ 300ක් පමණ සොයාගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. යාපනය ගුරුනගර් ප‍්‍රදේශයේ තිබී ස්වයංක‍්‍රීය ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 07ක් ද අද සොයා ගැණුනා.

    මේ අතර ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් දස දෙනෙකු නයිජීරියානු ජාතිකයින් වන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස සහ වැලිකඩ යන ප‍්‍රදේශවලදීයි.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මානව හිමිකම් සංවිධානයක හැඳුනුම්පතක් සමග

    ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා වන සහරාන් හෂීම් සිදු කළ අන්තවාදී දේශන කිහිපයකට සහභාගී වී ඇති බව කියන හොරොව්පතාන මුක්කරවැව ප‍්‍රදේශයේ මව්ලවිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔහු මෙම දේශනවලට සහභාගී වී ඇත්තේ 2016 වසරේදී බවයි අනාවරණ වී ඇත්තේ.

    මේ අතර පිටකොටුව කෙසෙල්වත්ත - සුරියමල්පුර නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.

    සැකකරු අත්අඩංගුවට ගැණුනේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. මොහොමඞ් පවාස් නමින් හැඳින්වෙන මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකයේ තිබී විමර්ශනවලට අදාළ තොරතුරු රැසක් හමුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

    ඉකුත් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසුව මෙම පුද්ගලයා මෝටර් රථයකින් පිපිරීම් සිදුවූ ස්ථාන ඉදිරිපිටින් ගමන් කර අදාළ ස්ථාන සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති බවද සදහන්.

    සැකකරු සතුව තිබී රියදුරු බලපත‍්‍ර දෙකක්, මානව හිමිකම් සංවිධානයක සාමාජිකයෙකු බව සදහන් හැඳුනුම්පතක් ද සොයා ගෙන තිබෙනවා. අන්තවාදී අදහස් ප‍්‍රචාරය සදහා යොදාගත් ප‍්‍රකාශ සහ ඊට අදාළ වීඩියෝ දර්ශන ද ඔහුගේ ලැප්ටෝප් පරිගණකයේ තිබී හමුවුණා.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පන්සල් 50කට මරාගෙන මැරෙන ප්‍රහාර

    මොකුත් කියන්න ඕනේ නැහැ. වෙසක්, පොසොන්. මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්. කිසිම පින්කමක්. කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.

    අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් ලෙස මෙය සඳහන් කරන ලදි.

    අතුරුදහන් වී සිටිනවා යැයි සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අද (29) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව තිබූ නඩුව කැඳවනු ලැබු අතර මීට ඉහතදී හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ඥාණසාර හිමි වැරදිකරු කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම මහාධිකරණයේදී ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූ අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් මාස හයක සිර දඬුවම එහිදී අත්හිටුවනු ලැබීය.

    කෙසේ වෙතත් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50,000 ක වන්දි මුදලක් සහ ඥානසාර හිමිට එරෙහිව තිබුණු චෝදනා දෙකට රුපියල් එක්දහස් පන්සියය බැගින් වූ දඩ මුදල් දෙකක් එනම් රුපියල් 3,000 දඩ මුදල ගෙවීමට නියෝග කර තිබුණු අතර අද (29) දින එම මුදල් ගෙවනු ලැබිණි.

    ඒ අනුව මෙම නඩුව අද දින අවසන් විය.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දෙවැනි ප‍්‍රහාරයක් සූදානම්.. සියළු බලධාර&#3539

    පාස්කු ඉරිදා ප‍්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප‍්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ අනතුරු අගවා තිබේ. ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප‍්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්‍ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී තිබේ.

    ”තවත් ප‍්‍රහාර මාලාවක් ඇතිවෙන්න පුළුවන්”යයි ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂකවරයා විසින් අමාත්‍යවරුන්ට මෙන්ම අරක්‍ෂක අංශ වල සෙසු සාමාජිකයන්ට යවන ලද ලිපියක සඳහන් වේ. මෙම ලිපිය රොයිටර් පුවත් සේවය සතුව ඇත.

    ”මීට අදාළ තොරතුරු වලින් දැනගන්නට ඇත්තේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ විය හැකි අය හමුදා නිල ඇඳුම් වලින් සැරසී සිටිය හැකි අතරම වෑන් රථයක් ඒ සඳහා යොදාගත හැකි බවයි” යයිද ලිපියේ සටහන් වේ.

    රොයිටර් පුවත් සේවය විසින් කරන ලද විමසීමකදී ආරක්‍ෂක අංශ වෙතින් තමන්ට එවන් දැනුම් දීමක් කර ඇතැයි කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් මෙන්ම විපක්‍ෂ මන්තී‍්‍රවරු දෙදෙනෙක්ද තහවුරු කළහ.

    ”ඇමති ආරක්‍ෂක අංශය විසින් අපට ඒ ගැන දන්වා තිබෙනවා” යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා විසින් යවන ලද ලිපියට අනුව ඉරිදා හෝ සඳුදා මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකිය. ඒ සඳහා ස්ථාන 5 ක් තෝරාගනු ලැබ ඇති අතර එකක් මඩකලපුව බව කියැවේ. අනෙක් ස්ථාන සම්බන්ධයෙන් සඳහනක් නැත.

    කෙසේ වෙතත් ඉරිදා දිනය වූ ඊයේ (28 වැනිදා) කිසිදු ප‍්‍රහාරයක් කි‍්‍රයාත්මක නොවිණ. ශී‍්‍ර ලංකාව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් සිටිති.

    ආරක්‍ෂක අංශ වල සැකයට පාත‍්‍ර වී සිටින්නේ ජාතික තව්හීත් ජමාත් සංවිධානය හෝ ජමියතුල් මිල්ලතු ඊබ‍්‍රහිම් කණ්ඩායම් විසින් මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකි බවයි. කලින් පැවැති ප‍්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍යය (අයිසිස්) විසින් බාරගන්නා ලදි.

    පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව දිගින් දිගටම රාති‍්‍රයේ පනවන ලද ඇඳිරි නීතිය ඊයේ (28 වැනිදා) රාති‍්‍රයේ ඉවත් කරන ලදි. එසේ වුවත් දිවයින පුරාම සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක වෙයි.

    – lankadeepa
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,608
    1
    4,440
    113
    Matale
    අකුරණ අංකුඹුර ගල්හින්න හා නිරැල්ල වැනි එක සිංහලයෙක්වත් නැති ගම් සර්ච් නොකරන්නේ කාගේ බලපාමෙන්ද ? හම්බ හුලගටත් බය කාලකන්නි පාලකයෝ

    Eye mama Matale town 1k di dakka nuwara pattata army truck 6,7 k yanawa kattiya dagena. Hithuwe akurana, madawala, poojapitiya area search karai kiyala koheda ath ehema news 1k nam awe na. Kohomath oya area search kalanam wechcha dawaswalama bomb ekkama hoyaganna thibba. Dannam loweth un hangala athi owa
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,157
    113
    Panadura
    මොකුත් කියන්න ඕනේ නැහැ. වෙසක්, පොසොන්. මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්. කිසිම පින්කමක්. කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.

    අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් ලෙස මෙය සඳහන් කරන ලදි.

    අතුරුදහන් වී සිටිනවා යැයි සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අද (29) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව තිබූ නඩුව කැඳවනු ලැබු අතර මීට ඉහතදී හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ඥාණසාර හිමි වැරදිකරු කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම මහාධිකරණයේදී ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූ අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් මාස හයක සිර දඬුවම එහිදී අත්හිටුවනු ලැබීය.

    කෙසේ වෙතත් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50,000 ක වන්දි මුදලක් සහ ඥානසාර හිමිට එරෙහිව තිබුණු චෝදනා දෙකට රුපියල් එක්දහස් පන්සියය බැගින් වූ දඩ මුදල් දෙකක් එනම් රුපියල් 3,000 දඩ මුදල ගෙවීමට නියෝග කර තිබුණු අතර අද (29) දින එම මුදල් ගෙවනු ලැබිණි.

    ඒ අනුව මෙම නඩුව අද දින අවසන් විය.

    පාස්කු ඉරිදා ප‍්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප‍්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ අනතුරු අගවා තිබේ. ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප‍්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්‍ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී තිබේ.

    ”තවත් ප‍්‍රහාර මාලාවක් ඇතිවෙන්න පුළුවන්”යයි ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂකවරයා විසින් අමාත්‍යවරුන්ට මෙන්ම අරක්‍ෂක අංශ වල සෙසු සාමාජිකයන්ට යවන ලද ලිපියක සඳහන් වේ. මෙම ලිපිය රොයිටර් පුවත් සේවය සතුව ඇත.

    ”මීට අදාළ තොරතුරු වලින් දැනගන්නට ඇත්තේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ විය හැකි අය හමුදා නිල ඇඳුම් වලින් සැරසී සිටිය හැකි අතරම වෑන් රථයක් ඒ සඳහා යොදාගත හැකි බවයි” යයිද ලිපියේ සටහන් වේ.

    රොයිටර් පුවත් සේවය විසින් කරන ලද විමසීමකදී ආරක්‍ෂක අංශ වෙතින් තමන්ට එවන් දැනුම් දීමක් කර ඇතැයි කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් මෙන්ම විපක්‍ෂ මන්තී‍්‍රවරු දෙදෙනෙක්ද තහවුරු කළහ.

    ”ඇමති ආරක්‍ෂක අංශය විසින් අපට ඒ ගැන දන්වා තිබෙනවා” යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා විසින් යවන ලද ලිපියට අනුව ඉරිදා හෝ සඳුදා මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකිය. ඒ සඳහා ස්ථාන 5 ක් තෝරාගනු ලැබ ඇති අතර එකක් මඩකලපුව බව කියැවේ. අනෙක් ස්ථාන සම්බන්ධයෙන් සඳහනක් නැත.

    කෙසේ වෙතත් ඉරිදා දිනය වූ ඊයේ (28 වැනිදා) කිසිදු ප‍්‍රහාරයක් කි‍්‍රයාත්මක නොවිණ. ශී‍්‍ර ලංකාව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් සිටිති.

    ආරක්‍ෂක අංශ වල සැකයට පාත‍්‍ර වී සිටින්නේ ජාතික තව්හීත් ජමාත් සංවිධානය හෝ ජමියතුල් මිල්ලතු ඊබ‍්‍රහිම් කණ්ඩායම් විසින් මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකි බවයි. කලින් පැවැති ප‍්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍යය (අයිසිස්) විසින් බාරගන්නා ලදි.

    පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව දිගින් දිගටම රාති‍්‍රයේ පනවන ලද ඇඳිරි නීතිය ඊයේ (28 වැනිදා) රාති‍්‍රයේ ඉවත් කරන ලදි. එසේ වුවත් දිවයින පුරාම සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක වෙයි.

    – lankadeepa

    බම්පි
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇදුමි කට්ටල 600 ක් ඇතුළු උපකරණ රැසක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.

    කඩු 4ක්, ගිනි අවියක බැරලයක්, කිනිසි 2ක්, වායුරයිෆල් 1ක්, වෝකිටෝකියක කොටසක් , ව්‍යාජ රබර් සීල් 21ක්ද මේ අතර තිබී සොයා ගෙන තිබේ.
    මෙම ව්‍යාජ රබර් සීල් අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ගේ මුද්‍රාව , විදේශ කටයුතු අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ නිල මුද්‍රා සහ අරාබි සහ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ මුද්‍රා කිහිපයක්ද වේ.

    පොලිසිය සැක කරන්නේ මෙම ව්‍යාජ මුද්‍රා යොදා ගෙන පොලිස් සහතික සහ විදෙස් ගත වීමට අවශ්‍ය ලිපි ලේඛන සකසා ගෙන ඇති බවය.

    හමුදා නිලඇදුමට සමාන (කැමා ඇදුම් ) මසන ලද සම්පූර්ණ ඇදුම් කට්ටල 600 සමඟ යුධ හමුදා ඇදුමට සමාන රෙදි පීස් 05ක්ද සොයාගෙන තිබේ. ⁣මෙම සැකකාර පුද්ගලයන් සිව්දෙනාම එක ආසන්නයේම වෙසෙන අය බවද කියයි .

    image_71edf1bc5c.jpg

    image_30a4c94ed0.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

    පොලිස්පතිවරයා වෙනුවට වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට මඳ වේලාවකට පෙර පියවර ගත්තේය.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අකුරණ අංකුඹුර ගල්හින්න හා නිරැල්ල වැනි එක සිංහලයෙක්වත් නැති ගම් සර්ච් නොකරන්නේ කාගේ බලපාමෙන්ද ? හම්බ හුලගටත් බය කාලකන්නි පාලකයෝ

    ekanam aththa akuruna search karanam aniwa badu ahu wenawa eka 100% sure kudu hari ahu wenawa eth kisima deyak karanne na.
     
    • Like
    Reactions: Banned!

    devindamanabarana

    Active member
  • May 12, 2007
    768
    25
    28
    on line
    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

    පොලිස්පතිවරයා වෙනුවට වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට මඳ වේලාවකට පෙර පියවර ගත්තේය.
    nambu pitin yanna tibune:yes:lejjai....:yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා 2015 සිට මේ දක්වා තව්හීද් ජමාත් සංවිධානයේ අන්තවාදී පල්ලි 400 ක් පිහිටුවීම සදහා අනුමැතිය දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා තමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මෙවන් පල්ලි 50 ක් පිහිටුවීමට අනුමැතිය දී ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

    මෙම පල්ලි වහාම තහනම් කර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අදහස් ලබාගෙන ඉදිරි පියවර ගතයුතු බවද ජයසේකර මහතා කීවේය.

    ආගම්වලට වෙන වෙනම ඇමතිවරුන් පත්නොකර එක් ආගමික කටයුතු ඇමතිවරයෙක් පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

    මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අන්තවාදී ත්‍රස්ථවාදීන්ට දඩුවම් දීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවද හෙතෙම සදහන් කළේය

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    400 WTF nithiyak genna one owatanam hama minisu 10yakata ma paliyak thiyanawa ne.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    f475f5e931ac009921e2e67749ae2165_M.jpg

    නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.

    අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ඒ මහතා සිය පත්වීම ලබා ගත්තේය.

    ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් ඇති වු පුරප්පාඩුවට කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කුරුණෑගල නගරය හරහා ගලා බසින අපජලය සහිත ඇළ මාර්ගයේ දමා ගොස් තිබූ සැකකටයුතු මල්ලක තිබී ටී. පනස්හයේ ජීව උණ්ඩ 35ක් ඇතුළු උණ්ඩ තොගයක් අද(29) හමු වී තිබේ.

    කුරුණෑගල මූලස්ථාන පොලීසියේ හදිසි ඇමතුම් දුරකථන අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.

    පොහොර උරයේ තිබී ටී. පනස්හය ජීව උණ්ඩ 35 ක්, එස්. එල්. ආර් ජීව උණ්ඩ 06 ක්, යුද හමුදාව භාවිත කරන සංඥා උණ්ඩ 03 ක් සහ වෙඩිතැබීම් පුහුණුවීම් සඳහා භාවිත කරන උණ්ඩ 06 ක් හමුවූ බව පොලීසිය කියයි.

    මේ දිනවල සිදු කෙරෙන හදිසි සෝදිසි මෙහෙයුම් නිසා කිසිවකු විසින් මෙම උණ්ඩ දමාගොස් ඇති බව පොලීසිය සැක කරයි.

    අපජලය සහිත ඇළ මාර්ගය ආශ්‍රිත ගොඩනැගිලිවල සවිකර ඇති සීසීටීවි කැමරා මාර්ගයෙන් මීට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව සොයාබලන බව කුරුණෑගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පවසයි.

    image_8c66539937.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ කරන ලද මෙහෙයුමකදි මෙරට නිෂ්පාධිත තුවක්කුවක් , පතොරම් තුනක් , සහ කඩුවක් , කෙටේරියක් හමුව තිබේ.
    අද (29 ) ශ්‍රිලංකා යුධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මෙම මෙහෛයුම අරඹා තිබිණි.
    ඉකුත් 26 වැනිදා සයින්දමර්දු බොලිවියානු සුනාමි ගම්මානයේ නිවසක සිදුව බොම්බ පිපිරී‍මෙන් අනතුරැව මෙම ප්‍රදේශය පුර මෙහෙයුම් ආරම්භ කරනු ලැබිය.
    ඊයේ 28 වෙනි දින නින්දවුර් ප්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදි තුවක්කුවක් සහ පතොරම් 53 ක් ද කඩුවක්ද සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්විය.
    මෙම මෙහෙයුම් සදහා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ සහය ලැබෙමින් පවතින බවද ආරක්ෂක අංශ පවසයි.

    ශ්‍රි ලංකා යුධ හමුදාවේ 24 වෙනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා ගේ මෙහයවිමෙන් තුන්වන විජයබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි මේජර් ඩබ්.ආර්.ධර්මසේන මහතා ඇතුලු හමුදා අනුඛණ්ඩයකමෙහෙයුමට සහභාගි වු අතර අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ මෙහයවිමෙන් පොලිස් නිළධාරින් සහභාගි කරවනු ලැබිය.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    කොහෙන් කෙළවර වෙයිද මන්දා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇදුමි කට්ටල 600 ක් ඇතුළු උපකරණ රැසක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.

    කඩු 4ක්, ගිනි අවියක බැරලයක්, කිනිසි 2ක්, වායුරයිෆල් 1ක්, වෝකිටෝකියක කොටසක් , ව්‍යාජ රබර් සීල් 21ක්ද මේ අතර තිබී සොයා ගෙන තිබේ.
    මෙම ව්‍යාජ රබර් සීල් අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ගේ මුද්‍රාව , විදේශ කටයුතු අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ නිල මුද්‍රා සහ අරාබි සහ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ මුද්‍රා කිහිපයක්ද වේ.

    පොලිසිය සැක කරන්නේ මෙම ව්‍යාජ මුද්‍රා යොදා ගෙන පොලිස් සහතික සහ විදෙස් ගත වීමට අවශ්‍ය ලිපි ලේඛන සකසා ගෙන ඇති බවය.

    හමුදා නිලඇදුමට සමාන (කැමා ඇදුම් ) මසන ලද සම්පූර්ණ ඇදුම් කට්ටල 600 සමඟ යුධ හමුදා ඇදුමට සමාන රෙදි පීස් 05ක්ද සොයාගෙන තිබේ. ⁣මෙම සැකකාර පුද්ගලයන් සිව්දෙනාම එක ආසන්නයේම වෙසෙන අය බවද කියයි .

    image_71edf1bc5c.jpg

    image_30a4c94ed0.jpg

    Karima dial thamai
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අකුරණ අංකුඹුර ගල්හින්න හා නිරැල්ල වැනි එක සිංහලයෙක්වත් නැති ගම් සර්ච් නොකරන්නේ කාගේ බලපාමෙන්ද ? හම්බ හුලගටත් බය කාලකන්නි පාලකයෝ

    පොඩි නිවරදි කිරිමක් කරන්නම්. ඔය කියන පැති වලින් ගල්හින්න ඇරුනම අනිත් සේරම සිංහල ගම්.අකුරණ උනත් පාර දෙපැත්ත ඇරුණම ඇතුල් පැති සිංහල. අංකුඹුර ටවුන් එකටම තියෙන්නෙ මුස්ලීම් කඩ 2යි.එයිනුත් එකක අයිතිකාරයව මම පුද්ගලිකවම දන්නවා.අංකුඹර ඉදන් පූජාපිටියෙ පාරෙ එනකොට තමා ගල්හින්න හම්බවෙන්නෙ.අංකුඹුරෙ ඉදන් අලවතුගොඩ පාරෙ යනකොට තව මුස්ලීම් ප්‍රදේශයක් පහුවෙනවා. ගල්හින්න පැත්තෙ නන් මම හිතන්නෙ තදබල විදිහට මුස්ලීම් ආක්‍රමයට අහු වෙලා