post ur 1st interview experience

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,018
    532
    113
    Nugegoda
    මම මුලින්ම ඉන්ටර්වීව් එකකට ගියේ මීට අවුරුදු 10කට කලින්. ඩයලොග් එකේ. තනියම ගියේ. ඒකත් ගමේ ඉඳන්. ගමේ ඉඳන් කොළඹට යන්න පැය පහකට වඩා වැඩි වෙලාවක් යනව. අන්තිමට කොටුවෙන් බැහැල පයින් ගියා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට. පයින්ම ගියේ වෙන මොකුත් නිසා නෙවෙයි,,, පාර වරදීවි කියන බයට. උසට උසේ තියෙන පිට්ටු බම්මු දෙක වගේ බිල්ඩින් දෙක දිහා බලන් පයින් ඇවිද්දම නෙවෙයි. දිව්ව. ඒ මම තනියම කොළඹ ආව පළවෙනි වතාව.
    උදේට මොකුත් කාලත් නෙවෙයි හිටියෙ. මට මතක හැටියට වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ 27 වෙනි තට්ටුවෙ තමයි ඉන්ටර්වීව් එක තිබුණෙ. මම එතනට යද්දිත් ඉන්ටර්වීව් එක පටන් අරන්. හෙන සේනාවක් හිටිය. මට තේකක්නම් හම්බුණා. ඒ විතරක් නෙවෙයි මාව තමයි අන්තිමටම ඉන්ටර්වීව් කරෙත්.
    මාව ඉන්ටර්වීව් කරපු ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ හිටියෙ එක්කෙනෙක් විතරයි. කඩ්ඩෙන් තමයි ඉන්ටර්වීව් එක කරේ. මුලින්ම මම ගැන විස්තර ඇහුව. පස්සෙ එයා මගෙන් ඇහුව දැන්ම ජොබ් එකක් කරන්න හිතුවෙ ඇයි කියල. මමත් ඉතින් දන්න විදියට උත්තර දුන්න. ඒ කාලෙ ඉංග්‍රීසි කතා කරන්න වැඩිය බෑ මට.
    කියන්න සතුටුයි... ඉන්ටර්වීව් එක ෆේල්. බැරි වෙලාවත් පාස් වුණානම් අද මම මේ ඉන්න තැනට කවදාවත් එන්න වෙන්නෙ නෑ...:yes::yes::yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අහන අහන එකට බෑ කිව්වා.. හැබැයි මට ජොබ් එක දුන්න කියපන්කො

    මොකක්ද මචං ජොබ් එක..? එළු පට්ටියක් බලාගන්නද?