ඇමරිකාව විතරක් නෙමෙයි බං, ලෝකේ ඕන තරම් හොඳ රටවල් තියෙනවා. ඇමරිකාව වගේ රටවල ව්‍යවසායකයොන්ට හොඳ අවස්ථා තියෙනවා. ඒ වගේම සුදු කරපටි රස්සා කරන එවුන්ට හොඳම පඩියක් හම්බ වෙනවා. ඇමරිකාවේ ගියත් ඔය කියන චාන්ස් එක හැමෝටම හම්බ වෙන්නේ නැහැ. කැනඩාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, දකුණු කොරියාව, බටහිර යුරෝපයේ නම නොකියවිච්ච රටවල් ඇතුළු දියුණු රටවල් විතරක් නෙමෙයි, මැදපෙරදිග, අග්නිදිග ආසියාව වගේ දියුණු වෙමින් තියෙන රටවලුත් හොඳයි.
*මොකද ඒවායේ දියුණු රටවල තරම් ලොකු ජීවන වියදමක් නැති නිසා පඩිය ගොඩක් ඉතිරි වෙනවා.
*අනික ඒවා දියුණු වෙමින් තියෙන රටවල් නිසා අලුත් අලුත් ව්‍යාපෘති එක්ක වැඩි වැඩියෙන් රැකියා හැදෙනවා.
*දියුණු රටවල ඒ තත්වේ නැහැ. උන් දැන් දැන් සංක්‍රමණික නීති තද කරනවා.
*අනික දියුණු වෙමින් තියෙන රටවලට යන්න ලොකු තරගකාරිත්වයකුත් නැහැ.
හොඳට සල්ලි හම්බු කරනවා නම් ඩීසන්ට් විදිහට ඉන්න ලෝකේ ගොඩක් රටවල පුළුවනි.
