Post Your Story About ElaKiri.com

drcurry1406

Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    හැම දේම කාලෙත් එක්ක වෙනස් වෙනවා.. එහෙම වෙන්න බැරි උනොත් විනාස වෙලා යනවා.ඒක තමා ලෝක යථාර්තය.. හැමෝටම හැමදාම රැඳිලා ඉන්න බෑ.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ගොඩක් හොඳ යාලුවෝ ටිකක් අඳුර ගත්තා.. එළකිරි.කොම් එකට සදා ජය....:D:D
    Ela kiri Danushka aiye... adhahas liwwata godak isthuthi :yes:...

    Budusaranai
    Suba Dhavasak :D
    KiT Wewa ;)
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    කෝරලේමහත්තයා;12788450 said:
    පරණ මැම්බර් මහත්තුරුන්ගේ හොද හොද කතා මෙතනින් අහන්න ලැබෙයි.
    Adhahas dakwuwata bohoma isthuthi sahodaraya... :)

    Jaya Wewa ;)
    Suba Dhavasak
    Budusaranai
     

    Nohim Ys

    Well-known member
  • Nice one malla !
    for me it was 2007-2009 ! :D ....miss those days anyway still there r plenty who contribute 2 da community ...but something is missing !

    and hv 2 agree with u , rep system n tags made some of our gd members 2 leave :(

    and further more i remember da day u came ... those days i ws also so addicted 2 EK..
    and truly admire ur presence .....



    :):):):):):):):):):):):):):):):):):)
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    එලකිරිය ගැන කියන්න වචන නෑ......මුළු ලංකාව වටේම යාලුවෝ ගොඩක් හම්බ උනා......ඕනෙම පැත්තකට ගිහිල්ල හදිස්සියකට කෝල් එකක් දීල ගෙන්න ගන්න එකෙක් දෙන්නෙක් ඉන්නවා අනිවාර්යෙන්....මට නං එලකිරියෙන් හම්බ උනා ලොකුම දේ තමය් යාලුවෝ.......තවමත් ඒ බොක්කේ ෆිට් ඒ විදිහටම තියෙනවා.....නිවාඩු දවසක් දෙකක් තිබ්බොත් දැනුත් අනිවා කොහේ හරි වටයක් ගහන්න යනවා ඒ යාළුවොත් එක්ක........
    Bohoma isthuthi Dilum aiye adhahas dakwuwata :)...

    Suba Dhavasak Sahodaraya :D
    Budusaranai
    Jaya Sri ;)
     

    Nohim Ys

    Well-known member
  • මම Thread එක එහෙන් මෙහෙන් කියෙව්වා.
    සිරාවට පට්ටම Thread එක:yes:.
    EK එකට ආස හිතෙන කතා තියෙනවා.
    වෙලාවක් දාලා ඔක්කොම කියවන්න ඕන:)
    ජය වේවා ;)
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    512
    113
    යාළුවොත් එක්ක
    මටත් එලකිරියට කියන්න කතාවක් තියෙනවා.:yes:
    කතාව ටිකක් දිග වැඩියි :( :(
    වෙලාවක් ඉඩක් ලැබුන වෙලාවක මම දාන්නම් සහෝදරයා :) මේදවස් වලනම් විදිහක් නෑ:sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ela kiri aiye :)
    Bohoma isthuthi set unata...

    Suba Dhavasak :D
    Budusaranai
    Jaya Wewa :)
    රන්දීර් මලය කාලයක් තිස්සේ සැබෑ කරගන්න හිතපු සිහිනයක් මේ දවස් වල සැබෑ කරගෙන තියෙනව කියල මා හට පෙනී යනවා.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරා කථාව මචන්. මමත් එළකිරි එකට ආවෙ මුලින්ම සින්දු ඩව්න්ලොඩ් කරන්න.ඒ 2007. මම 2009 තමයි දැන ගත්තෙ මේ ෆොරම් සෙක්ශන් එක ගැන ඉදා ඉදන් මම මේ ෆොරම් එකෙන් ගත්ත දේවල් ගොඩයි. මම 2009 ඉදන් වෙන අයිඩ් එකකකින් තමයි ලොග් උනේ. නමුත් 2010 ඉදන් මම අලුතින්ම අයිඩි එකක් හදාගෙන එළ කිරි එකෙ යාවජීව සාමාජිකයෙක් උනා.එදා ඉදල මම මේකෙන් ඉගෙනගත්ත දේවල් බොහොමයි. අලුත් යාලුවො හම්බ උනා. උදව් ගත්ත. උදව් දුන්න. ඇත්තටම එළකිරි ඩොට් කොම් එකට ලොග් නොවී ඉන්නෙ නැති දවසක් තිබ්බෙම නැහැ.

    2009 - 2010 ගැන කියනවනම් ඒ තමයි මේකෙ තිබ්බ අන්තිමම හොදම කාලේ. ඉස්සර ගොඩක් වටින ලිපි අපේ එළකිරි එකේ තිබ්බ. ගොඩක් ලස්සන නිසදැස් කවි තිබ්බ.ලස්සන කෙටි කථා ලිව්ව. ඒ තමා එළකිරි තිබ්බ සුන්දරම කාලය. ඒ කාලෙ ගැන මතක් කරනකොටත් මාර ගැම්මක් එනව. ඉස්සර එළකිරි එකෙ සාමාජිකයෙක් කියන එක මාරම හැගීමක්. එළකිරි ටැග් එක සින්දුවල ඇහෙනකොට මාරම හැගීමක් එන්නෙ. එඊ කාලෙ තමා මේකෙ තිබ්බ ස්වර්ණමය අවදිය කිව්වොත් හරි( මට හිතෙන විදිහට )

    නමුත් දැන් දැන් එළකිරි එක එන්න එන්නම පිරිහීමට පත් වෙලා. ඉස්සර සාමාජිකයො අතර දැන් වෙන තරම් රණ්ඩු තිබ්බෙ නැහැ. එහෙම ඒව තිබ්බත් පොඩි පොඩි ඒව. ඒ රණ්ඩු ඒ වෙලාවෙන් ඉවරයි. අනිත් එක හැම සාමාජිකයෙක්ම එළකිරි එකට යමක් දිය යුතුයි කියන අදහසින් හිටිය. හැමෝටම වැදගත් වෙන යමක් හැම සාමාජිකය අතින්ම ලිය උනා. දැන් වගේ සාමාජිකයො කුණුහරුපෙන් බැන ගත්තෙ නැහැ. කුණු හරුපෙන් ටැග් දැම්මෙ නැහැ. කුණු හරුපෙන් බැනල කමෙන්ට් දැම්මෙ නැහැ. කාලයත් එක්ක හැම දේම වෙනස් වෙලා.

    ඉස්සර පොඩි ලමයෙක්ට උනත් බය නැතිව එළකිරි එකට එන්න පුලුවන් කම තිබ්බ . නමුත් දැන් ඒ තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. කාටවත් දැන් කියන්න අමාරුයි එළකිරි එකට එන්න ලොග් වෙන්න කියල. පොඩි ලමයෙක් තියා අපිත් වැඩ කරන තැනක එළකිරි ලොග් වෙන්නෙ චකිතයකින්. මොනා තියෙයිද දන්නෙ නැහැ. කුණුහරුප,අසභ්‍ය පින්තූර දාන්න තරම් සමහර මන්ද මානසික පුද්ගලයො බිහි වෙලා. මේකෙ සමහර ත්‍රෙඩ් දැන් porn සයිට් එකක් වගේ. සමහරු එලි පිටම ලින්ක් බෙදනව. දැන් අපිට කටක් ඇරල කියන්න පුලුවන්ද පොඩි ළමයෙක්ට එළකිරි එකට එකතු වෙන්න කියල.

    දැන් දැන් එළකිරි එකෙන් දෙන සින්දුත් අඩු වෙලා ඒකට හේතුවනම් මම දන්නෙ නැහැ.අනිත් එක දැන් ඉන්න සාමාජික පිරිස වැඩි නිසා ඇඩ්මින් ඇතුලු පිරිසට මේකෙ වෙන සමහර දේවල් පාලනය කර ගන්නත් අමාරුයි. ඉස්සර කුණුහරුපයක් දැම්ම ගමන්ම එක්කො බෑන් කරනව නැත්නම් අවවාද කරල පෝස්ට් එක මකනව. නමුත් දැන් ඉන්න සාමාජිකයො ප්‍රමාණය අනුව පාලනය කරන්න ටිකක් අමාරුයි.

    අවසානයට කියන්න තියෙන්නෙ මට එළකිරි එකෙන් ලබාදුන්න දේවල් ලැබුනු අත්දැකීම් , මතකයන් සේරම කියල නිම කරන්න බැරි තරම් වටිනව. මොන සාමාජිකයන් ආවත් ගියත් එළකිරි එක හැමදාම තියනව. පරන සාමාජිකයො දැන් එලකිරි එකෙ ක්‍රියාකාරි නොවුනත් හැමෝම දවසකට එක පාරක් හරි එළකිරි එකට ලොග් වෙන්න අමතක කරන්නේ නැහැ. මොකද එළකිරි ඩොට්කොම් ඒ තරම්ම අපිට සමීපයි.


    ELAKIRI.COM