මේක ඒ තරම් තේරුමක් ඇති දෙයක් නෙමෙයි
මොකද Oneplus චාජරෙත් Dash charge නැති ඩිවයිස් එකක් චාජ් කරද්දි ගන්න පුලුවන් උපරිම 2.4A
MI 20000 පවර්බෑන්ක් එකේ Quick Charge තියෙන්නෙ ඒක වන් ප්ලස් වල ඩෑශ් චාජ් එක්ක කම්පෙටිබල් නැහැ
එක්කො 2.4A දෙන්න පුලුවන් චාජරේකින් චාජ් කරන්න ඕන එහෙම නැත්නම් Quick Charge සපෝට් කරන චාජරේකින් චාජ් කරන්න පුලුවන්
මගේ ලගත් MI 20000mAh සහ 10000mAh පවර්බෑන්ක් දෙකක් තියනවා (10000 එකේ Quick Charge නැහැ)
මම චාජ් කරන්නෙ Aukey 5 Port(65W) චාජරේකින් ඒකෙ Quick Charge තියනවා මේකෙන් මම මේ පවර්බෑන්ක් දෙකයි ෆෝන් දෙකක් විතරයි එකසැරේ ගහලා චාජ් කරනවා චාජරේ පොඩ්ඩක්වත්ම රත් වෙන්නෙ නැහැ
රෑ එලිවෙනකන් ගහලා තියනවා ඒත් චාජරේ නම් රත් වෙන්නනෙ නැහැ
චාජරේ රත් වෙන්න හේතු කීපයක් තියෙන්න පුලුවන්
ප්‍රදානම හේතුව තමයි චාජරෙන් ගන්න පුලුවන් උපරිම ඇම්පියර් ගාන ලොකු කාලයක් ගන්න එක. චාජරේ 3A කියලා ශුවර්ද මොකද සාමාන්යෙන් ෆාස්ට් චාජින් නැති චාජර් වල තියෙන්නෙ 2.4A. ඔය තියන උපරිම ඇම්පියර් ගාන ටිකක් පොඩි කාලයක් ගන්න සහ ඊට වඩා අඩු ඇම්පියර් ගානක් දිගටම ගන්න තමයි ගොඩක් වෙලාවට ඕව ඩිසයින් කරලා තියෙන්නෙ
හේතුව ලිතියම් අයන් බැටරි චාජ් කරද්දි මුලින් කොන්ස්ටන් කරන්ට් එකකින් තමයි චාජ් කරන්නෙ හැබැයි ඒ ගොඩක් ලොකු කාලෙකට නෙමයි ඒ කාලෙ තීරනය වෙන්නෙ බැටරිය අනුව,ෆෝන් එකට ආපු චාජරයක් නම් ඩිසයින් කරලා ඇත්තෙ ෆෝන් බැටරියෙ හැටියට. මේක ටිකක් වැඩි ධාරාවක්
පස්සෙ බැටරිය කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකකින් චාජ් කරනවා මේ කාලෙ ටිකක් වැඩි කාලයක් හැබැයි අඩු ධාරාවක් ගන්නෙ
ඔන්න ඕකට හරියන්න තමයි ෆෝන් වලට එන චාජර් ඩිසයින් කරලා තියෙන්නෙ. ඒක නිසා ඒවයෙන් අනවශ්‍ය විදියට ලොකු ධාරාවක් ගොඩක් වෙලා ගන්න ගියාම චාජරේ රත් වෙනවා. මොකද ඔය චාජරේ හදලා ඇත්තෙ උපරිම 3000mAh වගේ ෆෝන් බැටරියක් චාජ් කරන්න ඒකෙන් 20000mAh එකක් චාජ් කරාම හරියන්නෙ නැහැනේ
ඒක නිසා ඔය ලොකු කැපෑසිටි බැටරි චාජ් කරන්න Aukey/Anker වගේ මොකක් හරි හොද බ්‍රෑන්ඩ් එකකින් ටිකක් ලොකු වොට් ගානක QC එහෙම තියන චාජරයක් ගන්න