Power supply unit එකක ප්‍රතිදාන(connectors)...
*Standerd Molex connector
*Floppy disk drive connector
*SATA Power connector
*P4 power
Molex connector (female)
සාමාන්‍යයෙන් පරිගණකයක වැඩියෙන්ම දැකගත හැකි Power cable වර්ගය මෙය යැයි කියන්න පුලුවන්. Molex කේබල් එක භාවිතා වන්නේ Hard Disk, CD/DVD Drives, Fans, නවීන VGA card ( මේ සඳහා Molex connector එක වෙනත් connector එකක් බවට පරිවර්තනය කෙරෙනවා.), කුඩා පරිමාණයේ liquid cooling system වැනි උපාංග සඳහායි. SATA power connectors නැති අවස්ථා වලදී molex connector එක SATA power connector එකක් ලෙස convert කරගන්නා අවස්ථාද තියෙනවා. පහත රූපයේ දැක්වෙන්නේ molex to SATA converter cable එකක්. මෙහි තිබෙන molex connetor එක male connector එකක්.
මෙහි ඇති වයර 4න් කහ පැහැති වයරය +12V ද , රතු පැහැති වයරය +5V ද , කලු පැහැති වයර දෙක Ground ද වෙනවා. පහතින් දැක්වෙන්නේ VGA card සඳහා Molex connector වලින් බලය ලබා ගන්නා කේබල් එකක්. මෙහි ඔබට දකින්න පුලුවන් අවශ්‍ය ධාරාව ලබා ගැනීම සඳහා Molex connector දෙකකින් බලය ලබාගෙන ඇති ආකාරය.
Floppy disk drive connector
Floppy Disk drive එක කියන්නේ දැනට අප අතරින් ඈත්වී යන උපාංගයක්. මීට වසර 7,8 කට පෙර නම් මේවා බොහෝසෙයින් ජනප්‍රිය වී තිබූ බව සැවොම දන්නා කරුණක්. Floppy Disk drive පිලිබඳ අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. ගොඩක් වෙලාවට මේ අකාරයේ බලසැපයුම් වයර එකයි Power supply එකක දකින්න පුලුවන්. සාමාන්‍යයෙන් මේ cable එක සවි කල විට ලොක් වෙනවා. නැවත ගැලවීමේදී තරමක් දුරට පරිස්සම් විය යුතු අතර සොකට් එක ලඟින් ඉහලට ඔසවා ඇදීමෙන් පහසුවෙන් ගලවන්න පුලුවන්.
SATA Power connector
SATA - Serial ATA කියන තාක්ෂණයෙන් බල ගැන්වුනු උපාංග සඳහා බලය සැපයීමට භාවිතා වන මෙම cable නව බලසැපයුම් වල සුලබව දකින්න පුලුවන්. මෙහි ප්‍රධානම වෙනස තමයි Molex කනෙක්ටරයේ නොමැති 3.3V වෝල්ටීයතාවයක් ලබා දීමයි. නමුත් දැන් අපට ගැටලුවක් එනවා එතකොට Molex to SATA power converter වල මේ 3.3v සැපයුම නැතුව වැඩ කරන්නේ කොහොමද කියලා. අවශ්‍ය අවස්ථාවකදී භාවිතා කරන්න ඉඩ සලසා ඇති මෙම 3.3V බල සැපයුම බොහෝ නිශ්පාදකයන් මේ සැපයුම භාවිතා නොවන විදිහටයි තමන්ගේ උපකරණ නිශ්පාදනය කරන්නේ. අනික් කාරණය තමයි දැනට තියෙන බොහෝ Hard disk, CD/DVD drive වගේ ඒවා අවශ්‍ය වෝල්ටීයතාවයන් තම පරිපථ තුලින් 12V හෝ 5V බාවිතා කර නිපදවා ගන්නවා. නමුත් මෙම 3.3V භාවිතා වන උපකරණත් නැත්තේම නොවේ.
මෙම කනෙක්ටරයේ pin 15ක් දකින්නට ලැබෙනවා. එහි සැකැස්ම පහත දැකගන්න පුලුවන්.
මෙහි Staggered spinup/ Activity යන්න ඒ සදහා අනුකූලතාවය දක්වන ධාවක සමග ක්‍රියා කරනවා. සාමාන්‍යයෙන් පරිගණකය හා සම්බන්ධිත Hard disk එකක් ක්‍රියා කිරීමට පටන් ගැනීමේදී අධික ධාරාවක් ලබාගන්නවා. මෙම ක්‍රියාත්මක වීම හඳුන්වන්නේ Spin Up නමින්. SATA power භාවිතයේදී සියලු ධාවක එකවර spinup වීම වලකිනවා. ඒ වගේම තමයි මේ මගින් Disk Drive එකක ක්‍රියාකාරි තත්වය පිලිබඳ දත්ත සපයනවා. උදා: ධාවකය කාර්ය බහුල අවස්ථා වලදී.
P4 Power
Pentium 4 මාදිලියේ මවු පුවරු සඳහා අවශ්‍යතාවයක් වන මේ බල සැපයුම් වයරය අතිරේක 12V බල සැපයුම් දෙකක් ලබා දෙනවා. දැනටමත් ඔබට බලසැපයුම් වයර වල වර්ණ හුරුපුරුදු නිසා කහ පැහැති වයර 12 V සදහාත් කලු වයර Ground සඳහාත් වෙන් කර ඇති බව දන්නවා ඇති. සාමාන්‍යයෙන් මෙම බල සැපයුම අවශ්‍ය මවු පුවරු, මෙය නොමැතිව ක්‍රියා කරන්නේ නෑ. මෙම වයරය 24pin ප්‍රධාන සැපයුම් වයරයේ පින් 20 හා සම්බන්ධව එන පින් හතර හා පටලවා නොගත යුතුයි. මෙම කේබල් එක නොමැති ATX power supply වල Molex දෙකක් මගින් අවශ්‍ය බල සැපයුම ලබාගන්න පුලුවන්.
from :
www.kaniya.info

Last edited:

යාලුවා ස්තුතියි.... 