එහෙ ස්ටුඩන්ට් ගිහින් පොඩි කෝස් එකක් කරපංකො. ඔය එකෞන්ටින් IT ලබ්බො වගේ කට්ට කන්න ඕන නෑ උඹට ලේසියෙන් ජොබක් හොයාගන්නත් පුලුවන් වෙයි එක්ස්පීරියන්ස් තියෙන නිසා. ලොකු ගනන් වියදම් කරන්න ඕන නෑ ඔය ටේෆ් වගේ එකකට පලයන්. ඕස්ට්‍රේලියාවෙ මං දන්න හැටියට එහෙම ලොකු PR ගන්න අමාරුවක් නෑ බං උඹ හරි ෆීල්ඩ් එකක ඉන්නව නං. ඔය පඳුරකට ගැහුවම විසික් වෙන accounting/ IT ලබ්බො නිසා තමා ඔය අමාරුයි වගේ පේන්නෙ. ලෝ හරි මෙඩිසින් හරි එහෙම වගේ කෝස් වලට ස්ටුඩන්ට් ගිය උන්ට නතින් PR හම්බවෙනවා. ඔය අමාරුයි අමාරුයි කියන එකෙක්ගෙන් අහල බලපං මොකද්ද උගේ කොලිෆිකේශන් එක කියලා. එක්කො accounting නැත්තන් civil නැත්තන් IT. උඹ අහල තියෙනවද ලෝ මෙඩිසින් ඇග්‍රිකල්චර් සොෆ්ට්වෙයර් ඉන්ජිනියරින් කරන උන් ඔය වගේ අඬනවා. කන්ස්ට්‍රක්ට්ශන් කියන්නෙත් ඔය වගේ හොඳ ෆීල්ඩ් එකක්.
ඔය පොයින්ට්ස් ගන්න දඟලන්න ඕන pro rata ජොබ් ලිස්ට් එකේ තියෙන උන්ට බං. ඒ කියන්නෙ උඹ වැඩි පුර පොයින්ට්ස් ගන්න තරමට වාසියි. ඔකියුපේශන් එකක් pro rata දාන්නෙ ඩීමාන්ඩ් එකට වඩා සප්ලයි එක වැඩි උනාම. මේ බලපං non pro rata කොච්චර කට්ටිය අවුරුද්දකට ගන්නවද කියලා. මෙහ් උදාහරන කීපයක් විතරයි.
View attachment 129851
View attachment 129852
View attachment 129853
View attachment 129854
View attachment 129855
ඔය කතාව පොතේ ඔහොම උනාට ඇත්තට වෙන්නෙ ඔහොම නෙවෙයි දකින විදිහට. Nurses ලට, Doctors ලට මේ දවස්වල 65 න් උනත් යන්න පුළුවන්. ඒක covid එක්ක ඔච්චර වැඩි උනේ. කොහොම උනත් මේ දවස්වල health, medical අයට ලේසියි visa ගන්න. ඒක මම හැම තැනම කියල තියෙනවා. මං කියන්නෙ ඔයා කියන එක වැරදියි කියල නෙවෙයි. ඕක ඔය කියනව වගේ සරල නෑ කරද්දි නං.
උදාහරණ කියන්නං ඔය ලිස්ට් එකෙන්ම.
Pro rata list එකේ occupations බලන්න.
Accountants, Electronics engineers, industrial, mechanical and production engineers, other engineering professionals, ICT business and systems analysts, software and applications programmers, computer network professionals
ඔය ටික. ඒ කියන්නෙ chances අඩු අය කියන එක නේද ඔයා අදහස් කරන්නෙ?
එතකොට ඉතුරු ඔක්කොම non pro rata.
එතකොට software engineers ලට visa වැඩිපුර හම්බ වෙනවද? එහෙම වෙන්න බෑනෙ ඒගොල්ලො pro rata එහෙම නැත්නම් limited කොටසට වැටෙන්නෙ.(software engineer කියලා වෙනම category එකක් නෑනෙ.) අනිත් අතින් civil engineers, construction managers, electricians, plumbers, carpenters and joiners, motor mechanics ඔය ඔක්කොටම වගේ ගන්නවා කියන ගාන උඩ තියෙන list එකේ හැම එකකටම වඩා වැඩියි. (Nursing ඇරුණාම.) එහෙම වෙන්නෙ කොහොමද එතකොට?
ඒ විදියට බැලුවම software අයට demand අඩුයි civil අයට වඩා. පොතේ හැටියට.
ඒ වගේම list එක හොඳට බලන්න. අප්‍රේල් 21 වෙනකොට visa දීල තියෙන ගාන.
1.nurses 658
2. Medical laboratory scientists 261
After some health sector occupations,,
Civil engineering professionals 141
ඒ වගේ,
Agricultural and forestry scientists <20
Software and application programmers 0
ICT and business analysts 0
Database and systems administrators and security specialists 0
Computer network professionals 0
Civil අයට හම්බ උනේ නෑ , software engineers ලට හම්බුනා කියන එක වැරදියි නේද එතකොට?
තවදුරටත් කිව්වොත්,
Non pro rata occupations ගොඩක invitations 0
Pro rata occupations එකක් වෙන industrial, mechanical and production engineers 121
ඉතින් ඔන්න ඔහොමයි. කිසිම සම්බන්ධයක් නෑ real numbers වලයි pro rata , non pro rata වලයි statistics බැලුවම.
මං දැන් මේකෙන් කියන්න හදන්නෙ මොකක්ද. Civil eng ලට demand වැඩියි කියලද? නෑ.

ඔය ලිස්ට් එකයි ඇත්තටම දෙන විදියයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා මට නං පේන විදියට. එතකොට List එක ignore කරලද? එහෙමත් නෑ.
උන් visa දෙන විදිය ඔහොම ලේසියෙන් බලන්න බෑ කියන එකයි මං කියන්නෙ.
