Prageeth Part2

badsectorguy

Member
Jun 13, 2007
200
11
0
ඡන්දයක්‌ ඔන්න මෙන්න කියා තිබියදී දේශපාලන විරුද්ධවාදීන් අපකීර්තියට පත් කිරීමට පොඩි පොඩි "ගේම්" සෙට්‌ කිරීමට ප්‍රගීත්ට හැකියාවක්‌ ඇත. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු හා මා එක්‌ව මෙවැනිම පොඩි "ගේමක්‌" දුන්නේය. 2001 දී එ.ජා.ප. යට දේශපාලන විරුද්ධවාදීන් දෙපිරිසක්‌ සිටියේය. එක පැත්තකින් ජ.වි.පෙ. ය තවත් පැත්තකින් පොදු පෙරමුණය. ජ.වි.පෙ. විපක්‍ෂයේ ඡන්ද ගන්නා නිසා ඔවුන් එ.ජා.ප. යට හිසරදයක්‌ විය. ප්‍රගීත් ඒ අවස්‌ථාවේ මට කියා සිටියේ 1980 ගණන්වලදී ජ.වි.පෙ. දෙවැනි කැරැල්ල අවස්‌ථාවේදී දළදා මාලිගාවට පහර දීමට ගිය එක්‌ තරුණයෙක්‌ ඔහු හඳුනන බවයි. මේ තරුණයා එම කැරැල්ලේදී කරන ලද නොයෙක්‌ අපරාධවලට පොලිසියෙන් සොයමින් සිටි නිසා දශකයකට වඩා වැඩි කාලයක්‌ ගමට යැමට නොහැකිව සිටින බවත් ජ.වි.පෙ. තුළ තව දුරටත් දේශපාලනය නොකරන මෙවැනි අය වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක්‌ නොතිබෙන නිසා ඔහු ජ.වි.පෙ. සමග කේන්තියෙන් පසුවන බවයි. ඔහු ජනමාධ්‍යට ඉදිරිපත් කොට දළදා මාලිගාවට කොටි පහර දීමට කලින් ජ.වි.පෙ. එයට පහර දුන් බව මිනිසුන්ට මතක්‌ කර දිය යුතු බවයි. මෙය හොඳ අදහසක්‌ යෑයි සිතුනෙන් මම ප්‍රගීත් සමග ගොස්‌ මේ තරුණයාව මුණගැසුනෙමි. පසුව මේ දෙදෙනාම රැගෙන ගොස්‌ ලසන්ත වික්‍රමතං=ගට හඳුන්වා දුන්නේය. ලසන්තගේ පළමු බිරිඳ වූ රේන් වික්‍රමතුංග මේ තරුණයාගෙන් එවෙලේම ප්‍රකාශයක්‌ ලබා ගත්තේය. ඉන් පසුව චමුදිත සමරවික්‍රම විසින් මොහු "ටී. එන්. එල්." රූපවාහිනිය ඉදිරියට ගෙන යන ලදී. ඔහු කළ හෙළිකිරීම්වලින් පසු මේ තරුණයාට කලක්‌ යනතුරු සැඟවී සිටීමට සිදුවන බවත් එයට යම් මුදලක්‌ අවශ්‍ය වන බවත් ප්‍රගීත් කිවේය. මම මෙය ලසන්තට කීවේය. ඔහු මලික්‌ සමරවික්‍රමට කතාකොට මෙම තරුණයාට රුපියල් ලක්‍ෂ 2 ක මුදලක්‌ ලබා දුන්නේය. දැන් ප්‍රගීත් අතුරුදන්වීමෙන් කර ඇත්තේ ද මීට සමාන "ගේමකි."

යමෙකුට මෙතෙක්‌ කල් සැඟවී සිටිය හැකි දැයි කවුරුන් හෝ අසනු ඇත. ප්‍රගීත් යනු පරණ වාමාංශික ක්‍රියාකාරිකයෙකි. ඔහු 1980 ගණන් වලදී දයාන් ජයතිලකගේ කණ්‌ඩායමේ අය ඇතුළුව විවිධ වාමාංශිකයන්ට ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවෙන් සැඟවී සිටීමට උදවු කළ අයෙකි. මෙය "යූජී" (අන්ඩ ග්‍රවුන්ඩ්) යැමක්‌ හැටියට හඳුන්වන ලදී. එකල යමෙක්‌ "යූජී" ගිය පසු මාස ගණන් අවුරුදු ගණන් යන තුරු එළියට එන්නේ නැත. රෝහණ විඡේවීර ඇතුළු ජ. වි. පෙ. නායකයන් අවුරුදු 6 කට වැඩිය "යූජි" සිටි බව අපි අමතක කළ යුතු නැත. ප්‍රගීත් ගේ වාමාංශික පසුබිම නිසා දීර්ඝ කාලයක්‌ සැඟවී සිටීම ඔහුට එතරම් ප්‍රශ්නයක්‌ නොවේ. එපමණක්‌ නොව රටේ පාලු ප්‍රදේශවල හා මූකලානවල ප්‍රගීත්ට ඕනෑ තරම් සම්බන්ධකම් තිබිණි. ඒ ආචාර්ය නිවුටන් ගුණසිංහ සමග සමාජ විද්‍යාත්මක වැඩවලට සහභාගිවූ කාලයේ සිට විය හැක.


http://www.divaina.com/2010/05/11/feature01.html