Pregnant Help Help Help

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    හදිසි උපත් පාලන පෙති එහෙමත් නැත්නම් Morning After Pills ගැන දැනුවත් වෙන්න හිතන ඔබටයි මේ තොරතුරු



    යුවලක් විවාපත් උනාට පස්සෙ හැමෝම අහන ප්‍රශ්ණයක් තමයි නැද්ද මුකුත් වෙනසක් කියන එක. ඒ කියන්නෙ පවුලට කුළුඳුලේ දරුවෙක් ගේන දවස ගැන විවාපත් උන යුවලට වඩා උනන්දුව තියෙන්නෙ වට පිටේ අයට. නමුත් සැලසුමකට අනුව විවාහ ජීවිතය ගෙනියන්න හිතන බොහෝ දෙනෙක් දරුවෙක් ලබන්න සුදුසු කාලය එලඹෙනකම් පවුල් සැලසුම් ක්‍රම වලට යොමු වෙනව. බොහෝ විට ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් තමා මේ සම්බන්ධව උපදෙස් ලබාගන්නෙ. එහෙම භාවිතා වෙන උපත් පාලන පෙති ගැන අපි මීට කලින් ලිපියකදී කතා බහ කලා. අද මේ කියන්න හදන්නෙ හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට ඔබට භාවිතා කල හැකි පෙති වර්ග සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැනයි.

    1. මොනවද මේ හදිසි ගැබ් ගැනීම් කියන්නෙ?



    MorningAfterPill-Trending-aniwa-01.jpg





    අනපේක්ශිත අවස්ථාවක අනාරක්ෂිත ලිංගික එක් වීමක් සිදු වුවහොත් සහ එයින් ගැබ් ගැනීමක් ඇති වුනොත් එය හදිසි ගැබ් ගැනීම් ගණයට ගැනෙනව. එහෙම වෙන්න පුළුවන් අවස්ථා විදියට ස්ත්‍රී දූෂණ අවස්ථාවක්, භාවිතා කරන කොන්ඩමය ක්‍රියාවලිය අතරතුරදී කැඩී යාම, සාමාන්‍යයෙන් භාවිතා කරන උපත් පාලන පෙති දින දෙකක් හෝ තුනක් බීමට මඟ හැරුණු අවස්ථාවක සිදුවන ලිංගික එක්වීමක් හෝ කිසිදු උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකෙරුන අනාරක්ෂිත ලිංගික එක්වීමක් හඳුන්වන්න පුළුවන්.

    2. මේ පෙති වලින් සිදුවන්නෙ හා සිදුනොවන්නේ මොකක්ද?



    MorningAfterPill-Trending-aniwa-02.jpg





    හදිසි උපත් පාලන පෙති මඟින් සිදු වන්නේ අනාරක්ෂිත ලිංගික ඇසුරකට පසු ඔබ ගැබ් ගැනීමේ අවධානම අඩු කිරීමයි. මෙයින් ගැබ් ගැනීම වැළැක්වීමක් මිසක ඇති වී ඇති ගැබ් ගැනීමක් ගබ්සා කිරීමක් සිදු නොවෙන බවත් මතක තබා ගන්න.
    ඒ වගේම ලිංගිකව සම්ප්‍රේශණය වෙන රෝග වලට කොන්ඩම් වලින් ලැබෙන ආකාරයේ ආරක්ෂාවක් මේ පෙති වලින් නොලැබෙන බවත් මතක තබාගන්න. එනම් මේ පෙති වලින් හුදෙක්ම සිදුවනුයේ ගැබ් ගැනීමක් වැළැක්වීම පමණයි.

    3. හදිසි උපත් පාලන පෙති වර්ග



    MorningAfterPill-Trending-aniwa-03.jpg






    • පළමු වර්ගය – මේ පෙති වර්ගය නම් Progestin හෝමෝනය පමණක් අඩංගු පෙති වර්ගයක්. මේ පෙති වලින් හෝමෝන දෙක තුනක් මිශ්‍ර වූ පෙති වලින් වගේ අතුරු ආබාධ ඇති වීම අඩුයි. 88%ක් පමණ ගැබ් ගැනීම් වලක්වන හැකියාව සහිතයි. මේ පෙති වර්ගය ඕනෑම අවස්ථාවක ලබාගන්න හැකි උනත්, අනෙක් පෙති වර්ග ලබා ගැනීමට ඔබට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනව.

    • දෙවන වර්ගයUlipristal Acetate අඩංගු මේ පෙති වර්ගය අනාරක්ෂිත ඇසුරකින් දින පහක් දක්වා කාලයක් තුල ලබාගන්න පුළුවන්. ඇමරිකාව යුරෝපය වගේ රට වල නම් වෛද්‍යවරයෙකුගේ නියමයට අනුව ලබා ගන්න පුළුවන් මේ පෙති වර්ගය හොඳින්ම ක්‍රියා කරනව කියලයි පැවසෙන්නෙ.


    • හතරවන වර්ගය – ඉතාම ප්‍රතිඵලදායක මේ පෙති වර්ගය සුළු වශයෙන් Mifepristone අඩංගු පෙති වර්ගයක්. රටවල් කීපයක පමණයි මේවා දැනට ලබාගත හැකි මට්ටමේ තියෙන්නෙ.

    4. භාවිතයේ ඇති අතුරු ආබාධ මොනවාද?



    MorningAfterPill-Trending-aniwa-04.jpg





    සාමාන්‍යයෙන් උපත් පාලන පෙති වර්ග භාවිතයේදී ඇති වෙන සුළු අතුරු ආබාධ කීපයක් මෙහිදීත් ඇති වෙන්න පුළුවන්. වමනය, කැරකැවිල්ල සහ සුළු උදර වේදනාවක් වගේම ඇතමුන්ට හිසරදය ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් ඇති වීම සාමාන්‍ය වුවත් දැඩි අපහසුවක් ඇති කරවනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
    මීට අමතරව ඔසප් චක්‍රයෙහි තාවකාලික වෙනස් වීමක් හෝ ඉතාම කලාතුරකින් රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. රුධිර වහනය වැඩි වුවහොත් හෝ දින කීපයක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. හැබැයි මේ තත්ත්වය ඉතාම කලාතුරකින් සිදු වෙන දෙයක් බවත් මතක තියාගන්න.


    5. හදිසි උපත් පාලන පෙති ගැන මිත්‍යා



    MorningAfterPill-Trending-aniwa-05.jpg
    Source – askmen.com



    • ගබ්සාවකට සමානයි කීම – කලිනුත් කිව්ව වගේ හදිසි උපත් පාලන පෙති වලින් කිසිසේත්ම දරු ගැබක් ගබ්සා වීමක් සිද්ධ වෙන්නෙ නෑ. එයින් සිදු වන්නේ ගැබ් ගැනීමක් වැළකීමක් පමණයි.

    • වෛද්‍ය සහතිකයක් අනිවාර්ය වීම – පොස්ටිනොර් වගේ පළමු ගණයේ පෙති ඔබට ඕනම ෆාමසියකින් ලබාගන්න පුළුවන්.

    • එක් වරකට වඩා භාවිතය නුසුදුසුයි කීම – අනාරක්ෂිත සබඳතාවයක් ඇති වෙන්නෙ එක වරක් විතරයි නෙවෙයිනෙ. ඔබට මේ පෙති වර්ගය එහෙම සැක සහිත අවස්ථාවල භාවිතා කරන්න බාධාවක් නැහැ.

    • ලිංගිකව සම්ප්‍රේශණය වන ලෙඩ වැළකීම – කිසිසේත්ම හදිසි උපත් පාලන පෙති මඟින් ලිංගිකව සම්ප්‍රේශණය වෙන රෝග වැළකීමක් වෙන්නෙ නෑ. ඒ සඳහා අනිවාර්යෙන් කොණ්ඩමයක් පැලඳිය යුතුමයි.

    6. ලංකාවේ ඔබට ලබාගත හැකි හදිසි උපත් පාලන පෙති වර්ග



    MorningAfterPill-Trending-aniwa-06.jpg






    1. පොස්ටිනෝර් 1 – Levonorgestrel අඩංගු පොස්ටිනෝර් 1 අනාරක්ෂිත ඇසුරින් පැය 72ක් ඇතුලත දී ලබාගන්න. පළමු පැය 12 තුල ලබාගන්නවා නම් වඩාත් ප්‍රතිඵලදායකයි. මෙයින් එක් පෙත්තක් පමණක් ලබාගන්න. පෙත්ත ගෙන පැය දෙකක් ඇතුලත වමනය සිදු වුවහොත් ඔබට නැවත පෙත්තක් ලබාගැනීමට සිදු වන්නට පුළුවන්. ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගන්න.
    2. පොස්ටිනෝර් 2 – Levonorgestrel අඩංගු මේ පෙති පැකට්ටුවේ පෙති දෙකක් තියෙනව. පළවෙනි පෙත්ත ගෙන පැය 12කින් දෙවැනි පෙත්ත ලබාගන්න. පොස්ටිනෝර් 1 වගේම පැය 72ක් ඇතුලත ලබාගත යුතුයි.
    3. Emcon – Levonorgestrel අඩංගු මේ පෙති වර්ගයත් එක පෙත්තක් පමණක් පාවිච්චි කරන පෙත්තක්. වඩාත් ප්‍රතිඵලදායක වීමට අනිත් පෙති වර්ග සේම පැය 72ක් ඇතුලත ලබාගන්න.
    4. Madonna – Levonorgestrel අඩංගු මේ පෙති වර්ගය පෙති දෙකක මාත්‍රාවක්. පොස්ටිනෝර් 2 වගේම පළමු පෙත්ත ගෙන පැය 12කින් අනිත් පෙත්ත ලබාගන්න. වඩාත් ප්‍රතිඵලදායක වීමට අනිත් පෙති වර්ග සේම පැය 72ක් ඇතුලත ලබාගන්න.

    7. ඔබ දැන ගත යුතුම දේ



    MorningAfterPill-Trending-aniwa-07.jpg






    • නැවත නැවත කීප වතාවක් භාවිතා කලත් එය සාමාන්‍ය උපත් පාලන පෙති වර්ගයක් ලෙස භාවිතයට නොගත යුතුයි.

    • එක් හදිසි උපත් පාලන පෙත්තක් ක්‍රියාකාරී වන්නේ එක වතාවක එක්වීමකට පමණයි. ඔබ අනාරක්ෂිත ඇසුරකින් පැය 72ක් ඇතුලත පෙති ලබාගෙන එම පැය 72 ඇතුලත නැවත වතාවක් අනාරක්ෂිතව හැසිරුනා නම් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.

    • එමෙන්ම මේ පෙති වර්ග එකක්වත් 100% ගැබ් ගැනීම් වලින් ඔබව ආරක්ෂා කරන්නේ නැහැ. මේ පෙති ලබාගත්තත් ඔබ ගැබ් ගැනීම සිදුවිය හැකියි.

    • හදිසි උපත් පාලන පෙති ලබාගත්තාට පසුවත් ඔබ ගැබ් ගත්තොත් එයින් දරුවාට හෝ ඔබට හානියක් නැති බවයි නව සොයාගැනීම් වලින් කියවෙන්නෙ.

    8. හදිසි උපත් පාලන පෙති නොගත යුතු අවස්ථා



    MorningAfterPill-Trending-aniwa-08.jpg





    ඔබ ගැබ් ගෙන ඇත්නම් මේ පෙති වර්ග භාවිතය නුසුදුසුයි. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු ඔබ හදිසි උපත් පාලන පෙත්තක් ලබා ගත්තේයයි සිතන්න. මේ පෙත්ත ලබාගෙන පැය 72ක් යාමට මත්තෙන් ඔබ නැවතත් අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුකලොත් එවිට දෙවැනි වර හදිසි උපත් පාලන පෙති ලබාගැනීමට පෙර ගැබ් ගෙන ඇත්දැයි පරික්ෂා කර බලා සැකහැර දැනගන්න.

    • පියයුරු පිළිකා ඇති අයට මේ පෙති භාවිතය නුසුදුසුයි.

    • අනාරක්ෂිත ඇසුරකට පසු නොදන්නා හේතුවකට රහස් ප්‍රදේශයෙන් රුධිර වහනයක් වෙනවා නම් මෙම පෙති ගැනීමෙන් වැළකී වෛද්‍ය උපදෙස් ලබාගන්න.

    • පැකට්ටුවේ සඳහන් අඩංගු ද්‍රව්‍ය වලින් එකකට හෝ ඔබට ආසාත්මිකතාවයක් පවතී නම් ලබා ගැනීමෙන් වලකින්න.

    • ඔබ ලබාගත් පැකට්ටුව පළුදු වී හෝ කල් ඉකුත් වී ඇත්නම් භාවිතයෙන් වළකින්න.


    උපුටා ගැනීම - http://www.aniwa.lk/2017/05/26/1705261-morning-after-pill/
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,347
    8,479
    113
    Mewa gena meeta wada denuwath karanna oni.... mewa kiyala dena eka paw weda newei, mewa nodana owa karala lamai nathi karaganna eka meeta wada kochchara pawakda
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නියමයි මචං දිගටම දාපන් ඔය වගේ ටෙඩ් තාම ලංකාවේ ඔය පිලිබද දැනුම අන්තිමයි! රෙප් ++
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක

    නියමයි මචං දිගටම දාපන් ඔය වගේ ටෙඩ් තාම ලංකාවේ ඔය පිලිබද දැනුම අන්තිමයි! රෙප් ++

    එල එල
    රේප් කොලා

    Subscribed


    Thanx මචන්ලා

    Title???????

    ;););)