බුකියේ හැමතැනම වගේ දකින්න ලැබෙන දෙයක් තමයි private campus - state university වලිය.
අපේ සල්ලි 
වලින් පිනට ඉගෙන ගත්ත හිඟන්නෝ වගේ ඒවා තමයි වැඩිපුර කියවෙන්නේ. මට මුලින්ම තේරුණේ නෑ private campus ලංකාවට ඕන නෑ කියලා, හැමෝටම නිදහස් අධ්‍යාපනය භුක්ති විඳින්න අවස්ථාවක් දෙන්න කියලා, uni intake එක වැඩි කරන්න කියලා, මහපොළ වැඩි කරන්න කියලා, අලුත් faculty ඉල්ලලා, hostel ඉල්ලලා කෑ ගහද්දී private campus ළමයි ඒ සටන් වලට විරුද්ධව කෑ ගහන්නේ ඇයි කියලා.
මට හිතුණේ intake වැඩි කරන්න වගේ දේවල් කියලා සටන් කරන්න ඕන state university ළමයි නෙවෙයි private campus ළමයි කියලා.


"අපේ සල්ලි වලින් පිනට ඉගෙන ගත්ත උන්"
මේකෙත් ඇත්තක් තියෙනවා කියලා මට පස්සේ හිතුණා.
ලංකාවේ 90% කට වඩා ළමයි ඉස්කෝලේ ගිහින් ඉගෙනගන්නේ අපි හැමෝගෙම සල්ලි වලින්. ඒකෙනුත් ඉහළ දක්ෂතා දක්වපු අතළොස්සකට උසස් අධ්‍යාපනය ලැබෙන්නේත් අපි හැමෝගෙම සල්ලි වලින්.
නමුත් අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත මේ හැම ළමයෙක් ම අපිට යමක් කරනවද? මං කියන්නේ uni ගියපු නොගියපු නමුත් නිදහස් අධ්‍යාපනයෙන් ඉස්කෝලේ වත් ගියපු අය?
අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත ගොඩක් අය රට යනවා.
දියුණු වෙමින් පවතින ලංකාව අමාරුවෙන් වියදම් කරලා දහස් ගණන් ළමයින්ට උගන්නලා අන්තිමට ලංකාවට මොනවද ලැබෙන්නේ? 
නිදහස් අධ්‍යාපනය ලංකාවේදී ආයෝජනයකට වඩා වියදමකට සමානයි.
මොකද මේකට දාන input එකට හරියන output එකක් නොලැබෙන නිසා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න ඉල්ලලා පා ගමන් ගියත්, ළමයි මැරුණත්, මැතිවරණ පොරොන්දු දීලා බලයට පත් වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඒ වෙන් කිරීමෙන් වෙන ප්‍රයෝජනයක් රජයට පේන්නේ නැති නිසා වෙන්න පුළුවන්.
රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත ළමයින්ගෙන් 95% ක් වත් තමන්ගේ උපරිමයට කිට්ටුවකින් වත් ආයෙත් රටට ලබා දෙන්නේ නෑ කියලයි මගේ හැඟීම. මොකද එහෙම වෙනවා නම් මේ රට සිංගප්පූරුවක් කරනවා කියලා ටෝක් දෙන්න ඕන නෑ.
නමුත් මේක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත ළමයින්ගේ වැරැද්ද ද? ගොඩක් වෙලාවට නෑ. තමන් ඉගෙන ගත්ත දේවල් වලින් තමන්ට හැකි උපරිමය කරන්න පුළුවන් නම් ඒ ළමයි ගොඩක් දෙනෙක් ගොඩක් ආසාවෙන් ඒක කරයි. ඒත් ඒකට අවස්ථාවක් ලංකාව ඇතුළෙ නෑ. පළවෙනියට එහෙම අවස්ථා රජය විසින් හදලා දෙන්නේ නැති තරම්. ඊළඟට මේ රටේ මිනිස්සුම කවුරුහරි හොඳට වැඩ කරනවාට තියෙන අකමැත්ත. ඒකටත් හේතු ගොඩක් තියෙන්න පුළුවන්. වැඩ කරාම කැපී පෙනිලා එයාට promotion හම්බවෙයි, එහෙම නැත්නම් මටත් එයා වගේ කට්ට කාගෙන වැඩ කරන්න වෙයි, ... etc. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ?
තමන්ගෙ උපරිමයට ළඟින් යන සේවයක් වත් දෙන්න බැරි වුණා ම "ලංකාව හරි යන්නේ නෑ බං. රට ගියා නම් හරි" කියලා තීරණය වෙනවා. ඒකත් සාධාරණයි. මොකද වෘත්තීයයෙන් තෘප්තියක් නොලැබෙන තරමට කළකිරෙනවා.


නිදහස් අධ්‍යාපනය දෙනවා වගේම ඒකත් එක්කම රජයේ සල්ලි වලින් ඉගෙන ගත්ත ළමයින්ගෙන් රටට වැඩක් ගන්නත් ක්‍රමානුකූල රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය වීම අනිවාර්යයි. එසේ නොවන තාක් "අපේ සල්ලි වලින් තොපි ඉගෙන ගත්තා" සීන් එකක් තමයි තියෙන්නේ. එහෙම ප්‍රතිපත්ති රටට නැති තාක් නිදහස් අධ්‍යාපනය රටට ආයෝජනයක් නෙවෙයි තම පක්ෂ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා දරණ වියදමක් පමණක් කියලා පාලකයො හිතන්න පුරුදු වෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයො මේ ගැන හිතලා ප්‍රතිපත්ති හැදුවොත් තමයි සංවර්ධනයට අදාල මූලික අඩිතාලම සකස් වෙන්නේ. නිෂ්පාදන ආර්ථිකයකට වඩා සේවා සැපයීමෙන් තමයි අපේ රට ගොඩගන්න පුළුවන් කියලා මම හිතන්නේ.
ආනන්ද කුමාරස්වාමි, සිරිල් පොන්නම්පෙරුම, සරත් ගුණපාල, ප්‍රීති ගුණරත්න වගේ විද්වතුන් ගැන ලංකාවේ කියලා උඩ දාගෙන කතා කරාට ඒ මිනිස්සු රටට කරන යෝජනාවක් වත් ක්‍රියාත්මක කරන්න රජය කොච්චර පසුගාමී ද?
එහෙව් ආණ්ඩු වලට ඡන්දෙ දෙන රටක පිනට ඉගෙන ගත්ත උන් අතපය අකුල ගෙන තාම හිරවෙලා ඉන්නවා.
- මීට උඹලාගේ සල්ලි වලින් පිනට ඉගෙන ගත්ත එකෙක්.
"අපේ සල්ලි වලින් පිනට ඉගෙන ගත්ත උන්"
මේකෙත් ඇත්තක් තියෙනවා කියලා මට පස්සේ හිතුණා.
ලංකාවේ 90% කට වඩා ළමයි ඉස්කෝලේ ගිහින් ඉගෙනගන්නේ අපි හැමෝගෙම සල්ලි වලින්. ඒකෙනුත් ඉහළ දක්ෂතා දක්වපු අතළොස්සකට උසස් අධ්‍යාපනය ලැබෙන්නේත් අපි හැමෝගෙම සල්ලි වලින්.
අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත ගොඩක් අය රට යනවා.
නිදහස් අධ්‍යාපනය ලංකාවේදී ආයෝජනයකට වඩා වියදමකට සමානයි.
රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත ළමයින්ගෙන් 95% ක් වත් තමන්ගේ උපරිමයට කිට්ටුවකින් වත් ආයෙත් රටට ලබා දෙන්නේ නෑ කියලයි මගේ හැඟීම. මොකද එහෙම වෙනවා නම් මේ රට සිංගප්පූරුවක් කරනවා කියලා ටෝක් දෙන්න ඕන නෑ.
නමුත් මේක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත ළමයින්ගේ වැරැද්ද ද? ගොඩක් වෙලාවට නෑ. තමන් ඉගෙන ගත්ත දේවල් වලින් තමන්ට හැකි උපරිමය කරන්න පුළුවන් නම් ඒ ළමයි ගොඩක් දෙනෙක් ගොඩක් ආසාවෙන් ඒක කරයි. ඒත් ඒකට අවස්ථාවක් ලංකාව ඇතුළෙ නෑ. පළවෙනියට එහෙම අවස්ථා රජය විසින් හදලා දෙන්නේ නැති තරම්. ඊළඟට මේ රටේ මිනිස්සුම කවුරුහරි හොඳට වැඩ කරනවාට තියෙන අකමැත්ත. ඒකටත් හේතු ගොඩක් තියෙන්න පුළුවන්. වැඩ කරාම කැපී පෙනිලා එයාට promotion හම්බවෙයි, එහෙම නැත්නම් මටත් එයා වගේ කට්ට කාගෙන වැඩ කරන්න වෙයි, ... etc. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ?
තමන්ගෙ උපරිමයට ළඟින් යන සේවයක් වත් දෙන්න බැරි වුණා ම "ලංකාව හරි යන්නේ නෑ බං. රට ගියා නම් හරි" කියලා තීරණය වෙනවා. ඒකත් සාධාරණයි. මොකද වෘත්තීයයෙන් තෘප්තියක් නොලැබෙන තරමට කළකිරෙනවා.
නිදහස් අධ්‍යාපනය දෙනවා වගේම ඒකත් එක්කම රජයේ සල්ලි වලින් ඉගෙන ගත්ත ළමයින්ගෙන් රටට වැඩක් ගන්නත් ක්‍රමානුකූල රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය වීම අනිවාර්යයි. එසේ නොවන තාක් "අපේ සල්ලි වලින් තොපි ඉගෙන ගත්තා" සීන් එකක් තමයි තියෙන්නේ. එහෙම ප්‍රතිපත්ති රටට නැති තාක් නිදහස් අධ්‍යාපනය රටට ආයෝජනයක් නෙවෙයි තම පක්ෂ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා දරණ වියදමක් පමණක් කියලා පාලකයො හිතන්න පුරුදු වෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයො මේ ගැන හිතලා ප්‍රතිපත්ති හැදුවොත් තමයි සංවර්ධනයට අදාල මූලික අඩිතාලම සකස් වෙන්නේ. නිෂ්පාදන ආර්ථිකයකට වඩා සේවා සැපයීමෙන් තමයි අපේ රට ගොඩගන්න පුළුවන් කියලා මම හිතන්නේ.
ආනන්ද කුමාරස්වාමි, සිරිල් පොන්නම්පෙරුම, සරත් ගුණපාල, ප්‍රීති ගුණරත්න වගේ විද්වතුන් ගැන ලංකාවේ කියලා උඩ දාගෙන කතා කරාට ඒ මිනිස්සු රටට කරන යෝජනාවක් වත් ක්‍රියාත්මක කරන්න රජය කොච්චර පසුගාමී ද?
එහෙව් ආණ්ඩු වලට ඡන්දෙ දෙන රටක පිනට ඉගෙන ගත්ත උන් අතපය අකුල ගෙන තාම හිරවෙලා ඉන්නවා.
- මීට උඹලාගේ සල්ලි වලින් පිනට ඉගෙන ගත්ත එකෙක්.
job ekath pinata onane munta..