private campus - state university

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    බුකියේ හැමතැනම වගේ දකින්න ලැබෙන දෙයක් තමයි private campus - state university වලිය. 🔫අපේ සල්ලි 🤑🤑 වලින් පිනට ඉගෙන ගත්ත හිඟන්නෝ වගේ ඒවා තමයි වැඩිපුර කියවෙන්නේ. මට මුලින්ම තේරුණේ නෑ private campus ලංකාවට ඕන නෑ කියලා, හැමෝටම නිදහස් අධ්‍යාපනය භුක්ති විඳින්න අවස්ථාවක් දෙන්න කියලා, uni intake එක වැඩි කරන්න කියලා, මහපොළ වැඩි කරන්න කියලා, අලුත් faculty ඉල්ලලා, hostel ඉල්ලලා කෑ ගහද්දී private campus ළමයි ඒ සටන් වලට විරුද්ධව කෑ ගහන්නේ ඇයි කියලා. 🤔 මට හිතුණේ intake වැඩි කරන්න වගේ දේවල් කියලා සටන් කරන්න ඕන state university ළමයි නෙවෙයි private campus ළමයි කියලා.🤔🤔🤔
    "අපේ සල්ලි වලින් පිනට ඉගෙන ගත්ත උන්"
    මේකෙත් ඇත්තක් තියෙනවා කියලා මට පස්සේ හිතුණා. 🙃
    ලංකාවේ 90% කට වඩා ළමයි ඉස්කෝලේ ගිහින් ඉගෙනගන්නේ අපි හැමෝගෙම සල්ලි වලින්. ඒකෙනුත් ඉහළ දක්ෂතා දක්වපු අතළොස්සකට උසස් අධ්‍යාපනය ලැබෙන්නේත් අපි හැමෝගෙම සල්ලි වලින්. 🎓 නමුත් අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත මේ හැම ළමයෙක් ම අපිට යමක් කරනවද? මං කියන්නේ uni ගියපු නොගියපු නමුත් නිදහස් අධ්‍යාපනයෙන් ඉස්කෝලේ වත් ගියපු අය?
    අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත ගොඩක් අය රට යනවා. 🛫 දියුණු වෙමින් පවතින ලංකාව අමාරුවෙන් වියදම් කරලා දහස් ගණන් ළමයින්ට උගන්නලා අන්තිමට ලංකාවට මොනවද ලැබෙන්නේ? 😕
    නිදහස් අධ්‍යාපනය ලංකාවේදී ආයෝජනයකට වඩා වියදමකට සමානයි. 😈 මොකද මේකට දාන input එකට හරියන output එකක් නොලැබෙන නිසා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න ඉල්ලලා පා ගමන් ගියත්, ළමයි මැරුණත්, මැතිවරණ පොරොන්දු දීලා බලයට පත් වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඒ වෙන් කිරීමෙන් වෙන ප්‍රයෝජනයක් රජයට පේන්නේ නැති නිසා වෙන්න පුළුවන්.
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත ළමයින්ගෙන් 95% ක් වත් තමන්ගේ උපරිමයට කිට්ටුවකින් වත් ආයෙත් රටට ලබා දෙන්නේ නෑ කියලයි මගේ හැඟීම. මොකද එහෙම වෙනවා නම් මේ රට සිංගප්පූරුවක් කරනවා කියලා ටෝක් දෙන්න ඕන නෑ.
    නමුත් මේක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත ළමයින්ගේ වැරැද්ද ද? ගොඩක් වෙලාවට නෑ. තමන් ඉගෙන ගත්ත දේවල් වලින් තමන්ට හැකි උපරිමය කරන්න පුළුවන් නම් ඒ ළමයි ගොඩක් දෙනෙක් ගොඩක් ආසාවෙන් ඒක කරයි. ඒත් ඒකට අවස්ථාවක් ලංකාව ඇතුළෙ නෑ. පළවෙනියට එහෙම අවස්ථා රජය විසින් හදලා දෙන්නේ නැති තරම්. ඊළඟට මේ රටේ මිනිස්සුම කවුරුහරි හොඳට වැඩ කරනවාට තියෙන අකමැත්ත. ඒකටත් හේතු ගොඩක් තියෙන්න පුළුවන්. වැඩ කරාම කැපී පෙනිලා එයාට promotion හම්බවෙයි, එහෙම නැත්නම් මටත් එයා වගේ කට්ට කාගෙන වැඩ කරන්න වෙයි, ... etc. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ?
    තමන්ගෙ උපරිමයට ළඟින් යන සේවයක් වත් දෙන්න බැරි වුණා ම "ලංකාව හරි යන්නේ නෑ බං. රට ගියා නම් හරි" කියලා තීරණය වෙනවා. ඒකත් සාධාරණයි. මොකද වෘත්තීයයෙන් තෘප්තියක් නොලැබෙන තරමට කළකිරෙනවා.💸💸💸
    නිදහස් අධ්‍යාපනය දෙනවා වගේම ඒකත් එක්කම රජයේ සල්ලි වලින් ඉගෙන ගත්ත ළමයින්ගෙන් රටට වැඩක් ගන්නත් ක්‍රමානුකූල රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය වීම අනිවාර්යයි. එසේ නොවන තාක් "අපේ සල්ලි වලින් තොපි ඉගෙන ගත්තා" සීන් එකක් තමයි තියෙන්නේ. එහෙම ප්‍රතිපත්ති රටට නැති තාක් නිදහස් අධ්‍යාපනය රටට ආයෝජනයක් නෙවෙයි තම පක්ෂ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා දරණ වියදමක් පමණක් කියලා පාලකයො හිතන්න පුරුදු වෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයො මේ ගැන හිතලා ප්‍රතිපත්ති හැදුවොත් තමයි සංවර්ධනයට අදාල මූලික අඩිතාලම සකස් වෙන්නේ. නිෂ්පාදන ආර්ථිකයකට වඩා සේවා සැපයීමෙන් තමයි අපේ රට ගොඩගන්න පුළුවන් කියලා මම හිතන්නේ.
    ආනන්ද කුමාරස්වාමි, සිරිල් පොන්නම්පෙරුම, සරත් ගුණපාල, ප්‍රීති ගුණරත්න වගේ විද්වතුන් ගැන ලංකාවේ කියලා උඩ දාගෙන කතා කරාට ඒ මිනිස්සු රටට කරන යෝජනාවක් වත් ක්‍රියාත්මක කරන්න රජය කොච්චර පසුගාමී ද?
    එහෙව් ආණ්ඩු වලට ඡන්දෙ දෙන රටක පිනට ඉගෙන ගත්ත උන් අතපය අකුල ගෙන තාම හිරවෙලා ඉන්නවා. 😲
    - මීට උඹලාගේ සල්ලි වලින් පිනට ඉගෙන ගත්ත එකෙක්.
     
    • Like
    Reactions: D_Mad and Ridila™

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    mattonta free degree ekak newei bn, 10k dunnath u mattama thamai. mahansi wela hamba karana un gewana tax salli waste karana eka thamai karanne anthimata. weda bari kehi ballo tikak thamai mata nam hemadama dakinna lebenne owa walin eliyata apu.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මේ බූරුවන්ට තේරෙන්නෑ මේවට සල්ලි ඕනෙ කියන එක
    සල්ලි හොයන්න නම් ටැක්ස් ඕනෙ
    ටැක්ස් වැඩී නම් උද්දමනය වැඩී
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    Our country is plagues with corruption. It is not only money but also other incentives that matter. We saw Judges/Magistrates being accused of corruption. At least two are charged. Then Priests taking a defence that a baby elephant was left by unknown person in his Asapuwa(Temple?). We saw two of the top Civil Servants being convicted by High Court but next day they developed some Non Communicable Diseases and bail was granted. All or most of them are products of Free Education, and funded by Tax payer's money. All are paying indirect taxes(including beggars) eg VAT.
    We cannot blame for brain drain. Even Universities are not immune and partiality and discrimination is apparent. It is not only politicians , but every person has contributed to this fate.
    Way out- Yes we can do . Be an exception to the rule and face the music but never give in to bad corrupt officials from top to bottom.
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මරු කියවනවා දැන් ..පිං බතේ තරම දැන් තේරිලා කව්රු හරි පුක්ෂණය කරන්න ඇති ...ඔය freelancer හරි ඔය මොකක් හරි කරහන් අර 8 පාස් හරක් වගේ (උබලගේ බාසාවෙන්) රටට තවත් බරක් නොවී ...නැත්නම් රට හරි පලයන් අර රජයේ කැම්පස් එකකට යන්න පින නැති කුහක අනාථයෙක් වගේ ...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පිනට ඉගෙන ගත්ත උන් අතපය අකුල ගෙන තාම හිරවෙලා ඉන්නවා. 😲
    - මීට උඹලාගේ සල්ලි වලින් පිනට ඉගෙන ගත්ත එකෙක්.

    Job ekakata palayan :lol: job ekath pinata onane munta..

    Gov campus kiyala arts degree karala yana unta job na thamai ithin...sliit, nibm walin IT karala yana unta job thiyenawa...:lol: ithin ridila kaagahanawa private campus wahapalla kiyala :lol:

    Intake wadi karanne state uni wala melo rahak nathi degree karana un wadi karala thawa oya uba kiyanawa wage un hadannada?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ අද ඊයේ නෙමෙයිනේ ඔය පොන්න ටොක් එක දුන්නේ.. උබ සෙනාල්ගෙන් අහගත්තා දවසක් පුක චූන් වෙන්න. පරන ත්‍රේඩ් බලපන් උබේ. මට අද වගේ මතකයි තො ඒකේ නාපු නැම.