"ඔයාට තියෙන්නෙ ඔයාගෙ අම්මගෙ ඇස්..."
සමහර මිනිස්සු ආදරේ කරනවා... ඒ ආදරේ සීමාවක් සාමාන්‍ය කෙනෙකුට නිකමටවත් හිතා ගන්න බැරි වෙන තරමටම... ආදරේ කරනවා විතරක් නෙවෙයි ඒ ආදරේ ජීවිත කාලය පුරාවටම හරි පිරිසිදුව ආරක්ෂා කරනවා... හිමිවීම-අහිමිවීම කියන්නෙ ඒ මිනිස්සුන්ගෙ හිත් වල පරිස්සමට රැකිලා තියන ආදරේ වෙනස් කරන සාධකයක් නෙවෙයි... හුස්ම එක්කම බැඳුන ඒ මිනිස්සුන්ගේ ආදරේ නවතින්නෙ මරණයත් එක්ක... ඒ ආදරේ හිතේ පැලපදියම් වෙච්ච දවසෙ ඉඳන් එකතු කරගෙන පරිස්සම් කරපු මතකයන් මිය යන්නෙත් ඒ දවසෙමයි... ඔබ ආත්මීය බැඳීම් විශ්වාස කරන කෙනෙක් නම් මරණයෙන් ඒ ආදරේ සහ ඒ මතකයන් කෙලවරක් නැහැයි කියලා විශ්වාස කරත් ප්‍රශ්නයක් නැහැ.

අවාසනාවකට ඒ මිනිස්සුන්ට තමන්ගෙ හිතේ තියන ආදරේ ප්‍රකාශ කරන්න තේරෙන්නෙ නෑ... ඉතින් කියන්න දේවල් දාහක් තියෙද්දි ඒ මිනිස්සු තනියෙන්ම ඒ ආදරේ බර හිතේ දරාගෙන ඉන්නවා...

හැමදාම හැරී පොටර්ගෙ ඇස් දෙකෙන් දැක්ක ලිලී පොටර්ගෙ ඇස් දෙක ප්‍රොෆෙසර් ස්නේප්ට අයිති වුනා නම් ස්නේප්ට අපි කවුරුවත්ම සම්පූර්ණ හැරී පොටර් කතා මාලාවෙ අවසානය වෙනකන්ම වෛර කරන එකක් නෑ... ඒත් නොකියපු දාහක් දේ හිතේ තියන් ස්නේප් තමන්ගෙ ආදරේ හංගගන්න හැම වෙලාවකම දුෂ්ඨයෙක් වුනා...

මේ ටික මම ලිවුවෙ කාලෙකින් ගොඩක් අය අද ආයෙමත් බලපු J.K Rowling ගෙ හිතේ මැවුන හැරී පොටර් ෆැන්ටසිය ඇතුලෙ මම දැකපු මේ ලෝකෙ සුන්දරම ආදරවන්තයා වෙනුවෙන්...

ප්‍රොෆෙසර් ස්නේප්... J.K Rowling ඔයාට ලිලීව නොදුන්න එක හොඳයි... නැත්නම් ඉක්මනින් තරහා යන දුෂ්ඨයොන්ගෙ හිත් ඇතුලෙ හැංගුන ආදරේ දිග පළල අපිට පුංචි කාලෙදිම දැන ගන්න වෙන්නෙ නෑ...

-----
Dumbledore watched her fly away, and as her silvery glow faded he turned back to Snape, and his eyes were full of tears.
"Lily... After all this time?"
"Always," said Snape.
- (Harry Potter and the deathly hallows by J.K Rowling)

####COPIED FROM FACEBOOK