මචන්, ටිකක් දිග කතාවක්නේ PLC එකක් කියන්නේ. මම නම් PLC වල වැඩ කරලා තියනවා. program කරලත් තියනවා. හැබැයි ලොකු දැනුමක් නම් නැහැ. මම දන්නා තරමින් PLC එකක් Pre-PROGRAM කරලා තියෙන්නේ. ඒ program එක අපිට ඕනි විදිහට customize කරලා හදා ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ.
මැෂින් එකක් තියනවා එකේ තුඩ A ඉදල Z වලට එනවා.
A________________________Z
දැන් මේ A ඉදල Z වලට එන ගමනේදී අපිට අවශ්‍යයි P , Q හා R යන ස්ථාන වල නැවතිලා යම්කිසි දෙයක් කරලා යන්න. මගේ දැනුමේ හැටියට PLC එකක A ඉදල Z වලට pre-program කරලා තියනවා. P , Q හා R යන ස්ථාන වල නැවතිලා කරන්න ඕනි දේ අපි විසින් අදාළ දත්ත ලබාදීමෙන් කරන්න පුළුවන්. තෙරුනේනම් නැතුව ඇති නේ?
කිරුලපන තියනවා කියල තැනක්. පොඩ්ඩක් කතා කරලා බලන්න.
Nikini Automation Systems (Pvt) Ltd.
No.249, High Level Road,
Colombo -05.
Tel. : +94 011 2826894