උඹේ වාසනාව මචන්,
මමනම් අයිත් ඕකෙන් සීඩී එකක්වත් ගන්නෙ නෑ.
යුනිටි එකෙන් මම මීට කාලෙකට කලින් ලැප් එකකුයි, කැස්පර්ස්කි වයිරස් ගාඩ් එකකුයි ගත්ත.
ගෙදර ගෙනල්ල ඉන්ස්ටෝල් කරන්න සීඩී එක දාද්දි සීඩී එක ඩිටෙක්ට් වෙන්නෙ නෑ, එරර් එකක් ආව.
වෙන මැශින් වලත් දාල බැලුව ඒත් එහෙමමයි.
ඊට පස්සෙ අයෙත් ගමේ ඉදන් ගියා යුනිටි, උන් කියපි සීඩී එකේ පැකින් කඩල නිසා කිසිදෙයක් කරන්න බෑ, ඔයගොල්ල මේක ඩැමේජ් කරගෙන ඇති කියල.
අපි ඒක රොම් කීපයක් ට්‍රේ එකට දාපු එක විතරයි කලෙ. අඩුම තරමින් මේසයක් උඩින්වත් තිබ්බෙ නෑ.
ඒකට ගිය සල්ලි එතනින්ම ඉවරයි.
ලැප් එකත් අවුරුද්ද යන්න අලින් හුටස් වුනා, උන් ඊට පස්සෙ වොරන්ටි ක්ලේම් කරන්න කැමතිම නෑ, අපි අරක කරල මේක කරල කිය කිය මගාරිනව.
අන්තිමට හොද කටවාචාල පොරක් එක්ක ගිහින් දෙකක් කතාකරල තමයි, දවස් දෙක තුනකට පස්සෙ හාඩ් එක රිප්ලේස් කරල දුන්නෙ, ඒකටත් උන් දාල තියෙන්නෙ අඩු ස්පීඩ් 5400RPM (තිබ්බෙ 7200RPM එකක්) එකක්, ඒකත් යූස්ඩ් කසිකබලක්, බෑඩ් සෙක්ටර්ස් පිරිල. බොහොම අමාරුවෙන් අවුරුදු එක හමාරක් විතර පාවිච්චි කලේ.![]()








වගේ ඒව ගැනනම් මම දන්නෙ නෑ මචන්, සමහරවිට ඒවත් හොද ඇති.


