මම ඉගෙන ගත්තෙ ජාවා වලින් හැබැයි බේසික් ටික පුලුවන් උන ගමන් C/C++ කරා. ගොඩක් අය කියන දෙයක් තමයි C වලින් ඉගෙන ගන්න කියලා ඒත් ප්‍රෝගැමින් වලට ආධුනික කෙනෙක්ට C වල තියන සමහර දේවල්(විශේශයෙන් pointers වගේ ඒවා) එක සැරේම අල්ලගන්න අමාරු වෙන්න පුලුවන්. ඒක නිසා මුලින් ජාවා හරි C# වලින් හරි මූලික කන්සෙප්ට් ටික පුරුදු වෙලා (control statements, loops වගේ දේවල්) ප්‍රෝගැමින් කියන්නෙ මොකද්ද කියලා තේරුම් ගනිපු ගමන් C කරන එකෙන් ටිකක් පුළුල් විදියට ඉගෙන ගන්න පුලුවන් වෙයි. මගේ පුද්ගලික අදහස තමයි ප්‍රෝගැමින් කරන කෙනෙක් C අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනෙ කියන එක සහ OOP ඉගන ගන්න කලින් සෑහෙන්න දුරට C ඉගෙන ගන්න කියන එක.
OOP කන්සෙප්ට් හරියටම ඉගෙන ගන්න නම් C++ තමයි කරන්න ඕන.