Project IGI සම්පූර්ණ කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    1991දි සෝවියට් සමූහාණ්ඩුවෙ බිද වැටීමත් එක්ක ඇමරිකාව සමග තිබ්බ සීතල යුද්ධය අවසන් වුණත්, යුද්ධයේ අතුරු ප්‍රතිපල තව කාලයක් යනතුරු විදින්න හැම රටකටම සිද්ධවුණා. සීතල යුද සමය තුළ දෙරට විසින් එක් රැස් කළ අවි ආයුධ ජාත්‍යන්තර කළුකඩයේ විකිණීමත් , ඒ හරහා විවිධ ත්‍රස්ත කණ්ඩායම් හිස එසවීමත් දකින්න ලැබුණා. මෙයට පිළියමක් ලෙස ඇමරිකානු සෙනෙට් සභාව විසින් මේ ත්‍රස්ත කණ්ඩායම් වලට එරෙහිව රහස් මෙහෙයුම් දියත් කිරීමට විශේෂ සටන් බලකායක් නිර්මාණය කරනවා. මේ අතර තමයි ඇමරිකාවෙන් සොරාගත් න්‍යෂ්ඨික අවියක් පිළිබද තොරතුරු ඔවුන්ට ලැබෙන්නෙ. ඒ තොරතුරු පසුපස පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් එස්ටෝනියාවට ඇතුළුවන ඩේවිඩ් ජෝන්ස්ට තම ඉලක්කය කරා යෑමට හැකිවෙයිද? මේ Institute for Geo-tactical Intelligence විශේෂ බලකායේ රහසිගතම මෙහෙයුමේ කතාවයි.