ඇත්තටම මචන්ලා මම නම් දෙවියො ඉන්නවද නැද්ද කියන එක කියන්න දන්නෙ නෑ. මේ ලොකෙ සාමාන්‍ය මිනිස්සු වන අපිට දීලා තියෙන මොලෙනුත් 1000න් පන්ගුවයි වැඩ කරන්නෙ. කොහොමටත් දේවවාදී ආගම් නම් මම දැනට විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව ඒ ගොල්ලො දෙවියන්ව අදහන නිසා, සහ දෙවියන්ට මුවා වෙලා කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම මේ දේවවාදීන් කරනවා. ඉතින් වර්තමාන දෙවියා කියන්නෙ බොරුවක් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නවීන විද්‍යාව එල ඒක තමයි හොඳම ධර්මය කියල අදහන අය තේරුම් ගන්න ඕන නවීන විද්‍යාව කියන්නෙත් ළදරු විද්‍යාවක් කියන එක,අන්ග සම්පූර්ණ විද්‍යාවක් තියෙනවනම් උත්තර නැති ප්‍රශ්න තියෙන්න බෑ.. මූලිකව අඩුගානෙ ජිවය ඇති වුනේ කොහොමද කියලවත් හරියටම හොයාගෙන නැති තරම්. එහෙම හොයාගත්තත් කවුරුවත් දන්නෙ නෑ පෘතුවිය විශ්වය වගේ දේවල්වල 0 කියන අවස්ථාව ඇති වුනේ කොහොමද කියන එක? උදාහරනයක් හැටියට පුරාතන යුගයේ ඇතිවුන කිඹුලා ඉබ්බා වගේ සත්තු තාමත් එහෙමම ඉන්නව නමුත් මෑතකාලීනව ඇතිවුන වඳුරා කියන සතාට ඉක්මනට පරිනාමය වෙලා වෙනත් ජීවියෙකු බවට පත්වෙලා ලෝකෙම ආක්රමනය කලේ ඔය ඇයි? ඒකට හේතුව මොකක්ද?
මේවට පිලිතුරු නෑ විද්‍යාවෙ ඒකක් තියා ඇතෙස්ට්ලා වගේ අය අධි මානසික ශක්තීන් වගේ දේවල් පිලිගන්නෙත් නෑ, එතකොට ඒලියන්ත වයිට් ලෙඩ හොඳ කරන්නෙ කොහොමද? කියන එකටවත් හරි හමන් පිලිතුරක් නවීන විද්‍යාව කියන ඇටවුමේ නෑ, දැන් තියෙන නවීන විද්‍යාවත් කවුරු හරි ලියපු කරපු දේවල් විශ්වාස කරන එකමයි කරන්නෙ. ඒ හින්දා ඔය දෙවර්ගයටම නම් දෙකක් තිබුනට පාදම එකයි. ඒ හින්දා නවීන විද්‍යාව සහ දේව ඇදහීම් යන දෙකටම පරිබාහිරව වෙනත් විකල්පයක් අවශ්‍යයි...
මම නම් පෘතුවියේ ජීවය 0 කියන අවස්තාව ඇති කලේ පිට සක්වල ජීවීන් කියන එක දැනට විශ්වාෂ කරනවා.ඒකට හේතුව මම අර කලින් කිව්ව වඳුරා පමණක් පරිවර්තනය වීමත්. පුරාන ඊජිප්තු පිරමීඩ ගොඩ නැගූ ආකාරයත්, අප්‍රිකානු මහද්වීපය අසල ඇති දූ පතේ ඇති අති විශාල පිලිමත්. මේවා කාබන් පරීක්ෂනවලින් අවුරුදු ලක්ෂ 1-2 පමන පරන වෙන්න පුලුවන් කියලා නීර්නය කරලා තියෙනව, ඉතින් අවුරුදු ලක්ෂ 2 කට කලින් අතිවිශාල පිලිම නැව් වලින් ගෙනිහින් කෙලින් කරන්න තරම් තාක්ෂනයක් තිබුනනම් ඩාවින්සිගෙ පරිනාම වාදය බොරුවක් වෙලා ඉවරයි. තවත් ඕන තරම් නවීන විද්‍යාව කියලා කියන මිත්‍යාවට හොයාගන්න බැරි දේවල් තියෙනව, වෙලාවකට මට හිතෙනව මේ දේවවාදී ආගම්වල දෙවිවරු කියලා හඳුන්වන්නෙ පිටසක්වල ජීවීන්ද කියලත්.
කොහොමටත් වෙනත් ග්‍රහලෝක වල ජීවීන් නැහැයි කියලා කාටවත්ම කියන්න බෑ. දැන් තියෙන තත්වෙ අනුව නම් ජීවීන් අනිවාර්යයෙන්ම ඉන්නවා කියන එකනම් කියන්න පුලුවන්.හුඟක් වෙලාවට පෘතුවිය කියන්නෙ වෙන්ත් ජීවීන්ගේ යම්කිසි ස්ථානයක් වෙන්න පුලුවන්.
කොහොමටත් බෞද්ධ දර්ෂනයේ හැටියට විශ්වය ගැන හොයන්න යන එක තේරුමක් නැති දෙයක් කියලා තමයි තියෙන්නෙ. එහෙම මිනිසුන්ට අදාල නැති දේවල් හොයන එකෙන් මිනිසාගේ පැවැත්ම නාස්ති වෙන එකලු වෙන්නෙ. මෙහෙම කිව්වෙ අවුරුදු 2600 කට කලින්.