Proxies & VPNs භාවිතයෙන් ආරක්ෂාවීම ගැන......

archangel_enc

Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    Proxies & VPNs භාවිතයෙන් ආරක්ෂාවීම ගැන......

    11401500_796790483769853_3175458833358871436_n.jpg
    ලංකාවේ අපි ගොඩ දෙනෙක්ගේ isp තමයි telicom. ඒත් මේ "ටෙලිකොම්" ඔයාලගේ පුද්ගලිකත්වය හොරකම් කරමින් ඔබගේ අන්තරජාල කටයුතු trace කරන බව ඔබ දන්නවාද?. දැනට ලංකාවේ pirating/hacking වගේ දේවල් සම්බන්ධයෙක් ලොකුවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ගොඩක් රටලව torrent block කරලා තියෙනවා මේ pirating ගැටලුව නිසා. pirating කියන්නේ ව්‍යාජ ක්‍රමයට ඕනෑම දෙයක් ලබා ගැනීම, නැත්තම් හොරකම්කිරීම) .
    නමුත් ලඟදීම රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන බව දැනටමත් ප්‍රකාශ කරලා ඉවරයි. හැමදාම නෑ නෑ කිය කිය හිටියට එක පාරටම මේවා ගැන නීති තදට ක්‍රියාත්මක කලොත් එහෙම ගොඩ දෙනෙක් හිරේ තමයි.

    ඒ නිසා දැන් දැන් අපේ ආරක්ෂාවට ගන්න ඕන පියවර වැඩි කරන්න ඕන. සාමාන්‍යයෙන් නොදැනුවත්කම නිසා සමහරුන් ආරක්ෂාවට web-browser වල privacy mode එක භාවිතා කරනවා. ඒත් ඒකෙන් ආරක්ෂා වෙන්නේ පරිගණකයේ දත්ත රැදීමෙන් පමණයි. ගොඩක් වෙලාවට එහෙමවත් වෙන්නේ නෑ. මම මේ කියන්නේ proxy හා vpn යොදාගෙන ආරක්ෂා වෙන්නේ කොහොමද කියලයි.

    හොදයි, මුලින්ම අපි මේ වචන වල තේරුම් සරලවම හදුනගෙන ඉම්මු. මම පුලුවන් තරම් සරලව කියන්නම්.
    Proxy
    Proxy කියන්නේ මොකක් හරි server එකක්. මෙයා අතරමැදියෙක්. මෙයාලගේ ජාති දෙකක් ඉන්නවා public proxies & private proxies කියලා. ගොඩක් අය යන්නේ public අය ගාවටනේ, මොකද නොමිලේ නිසා. හරි, අපි මොකක් ම හරි proxy එකකට ලොග් උනා කියමුකෝ. (සම්බන්ධ උනා). දැන් අපි කෙලින්ම අපේ පරිගණකයේ local connection (සරලවම කියනවනම් නෙට් කනෙක්ෂන් එක) එක proxy එක හරහා සම්බන්ධ වෙනවා. දැන් අපි මොන වෙබ් අඩවියකට යන්න හැදුවත් ඒ වෙබ් අඩවිය අපට ලැබෙන්නේ proxy එක හරහා. ඒ කියන්නේ අපි ෆේස්බුක් ආවොත් මුලින්ම proxy එක ෆේස්බුක් වෙබ් අඩවියට ගිහිල්ලා අදාල දත්ත proxy server එකෙන් ඉල්ලා හිටින විදියට අරගෙන ඉවරවෙලා අපිට දෙනවා. අපි මොකක් හරි කලොත් ඒ වෙනස්ගම proxy එකෙන් කරන විදියට ෆේස්බුක් වෙත ගෙනිහින් දෙනවා. බැලූ බැල්මට පේන්නේ අදාල proxy එක මේ දේවල් කරනවා කියලයි. අපේ ip address එක වෙනුවට පෙන්වන්නේ proxy server එකේ ip address එක.

    මේකේ අවධානම එන්නේ public proxy, ඒ කියන්නේ hidemyass වගේ වෙබ් අඩවි නොමිලේ දෙන ඒවා භාවිතා කිරීමේදී තමයි. ඕනනම් proxy server එකේ අයිතිකාරයට ඔබේ username/ password වගේ දේවල් හොරකම් කරන්න පුලුවන්. ඇතැම් වෙලාවට මේ නිසා ඔබේ පුද්ගලික අනන්‍යතාව අහිමිවෙන්න පුලුවන්. විසදුම තමයි anonymous paid proxy යොදාගැනීම. ඒත් ඒකට ඉතින් ගෙවන්න වෙනවා. අපිට උනත් proxy සේවවක් ආරම්භ කරන්න පුලුවන්. ඒ ගැන පස්සේ කියන්නම්.

    VPN - Virtual private network : අපි සාමාන්‍යයෙන් ඉන්ටනෙට් එකට යනකොට, අපි අන්තරජාලයට පිවිසෙන්නේ ISP ගේ Servers (පරිගණක) හරහා. එතකොට අපිට ටෙලිකොම් හෝ වේවා වෙන isp කෙනෙක් හෝ වේවා, අපිට දෙන ip address එක විතරයි ලැබෙන්නේ. නිකම් අපේ ගෙදර ලිපිනය වගේ තමයි ip address එක.

    ඒත් අපි VPN එකක් හරහා ඉන්ටනෙට් එකට පිවිසෙනවනම්, මුලින්ම වෙන්නේ අපේ ISP හරහා අපිව Direct VPN Server එකකට සම්බන්ඳවෙන එක. මේක ගැන වැඩිය හිතන්න එපා. මේකෙන් කියන්නේ අපි ටෙලිකොම් හරි වෙන isp කෙනෙක් හරි හරහා මුලින්ම සම්බන්ධ වෙන්නෙ වෙන පරිගණකයකට කියන එක.

    එතකොට අපි අන්තරජාලයට පිවිසෙන්නේ VPN එක හරහා. VPN එකෙන් එන දත්ත, ඒ කියන්නේ අපේ විස්තර ISP ට වත් ලබාගන්න බෑ. රීඩ් කරන්නත් බෑ. VPN එකක් භාවිතය නිසා අපේ ආරක්ෂාව වැඩි වෙනවා., නමුත් බොහෝ VPN Providers (VPN ලබාදෙන අය) (මේකට VPN Provider කෙනෙක් ලඟට නොයා අපිටම server එකක් හදාගන්න පුලුවන්. ඒ ගැන පස්සේ ලිපියක් දාන්නම්) ලා අපේ logs (කරන වැඩ) තියාගන්න නීතියෙන් බැදිලයි ඉන්නේ. ඒකට කියන්නේ comply with DCMA කියලා. එහෙම කෙනෙක්ගෙන් කවදාවත් VPN සේවාව ලබාගන්න එපා. මොකද එයාලා ඔයාලගේ දත්ත store කරගන්නවා. එහෙම කරන ප්‍රසිද්ධ අය තමයි, Hotspot Shield, Cyber Ghost, VPN Book කියන අය.

    මොකක්ද මේ DCMA ගැටලුව?
    මේක දික් කලොත් කියන්නේ Defense Contract Management Agency කියලයි. අපි VPN එකක් හරහා යම් නීතිවිරෝධී දෙයක් කලොත් එහෙම අපේ VPN provider DCMA ට සහයෝගය දෙනවනම් අපිව පහසුවෙන්ම අල්ලගන්න පුලුවන්. ඒ කියන්නේ හිරේ තමයි

    නමුත් ඇතැම් VPN Providers ලා අපේ දත්ත (logs) තියාගන්නේ නෑ. මෙයාලත් අන්තරජාලය තුල රහසේ සේවා සපයන අය. ඒ කියන්නේ සරලවම කම්බ හොරු. මෙයාලගෙන් service එක ගත්තොත් ඔයාලා ආරක්ෂිතයි. ගොඩක් anonymous vpn providers ලා ඔබේ logs තියා ඔබ ගැන කිසිම දෙයක් store කරගන්නේ නෑ. මෙහෙම කරන ප්‍රසිද්ධ අය තමයි privateinternetaccess, freevpnme කියන අය.

    මෙයාලගෙන් සේවාව ගත්තොත් ඔබ 99% ආරක්ෂිතයි. මොකද බොහෝ VPN Providers ලා ඔබේ data encrypt කරලා තමයි in, out කරන්නේ (ඒක ගන්නකොට පොඩ්ඩක් බලන්න ඕන). ඒ දත්ත අඩුම තරමෙන් එයාලටවත් බලන්න බෑ. ඒත් ආරක්ෂාව 100% කියන්න බෑ, මොකද කවුරු හරි හැකර් කෙනෙකුට ඔබව තදින්ම හැක් කිරීමට හෝ ට්‍රේස් කිරිමට අවශ්‍යනම්, ඔහු දක්ෂයෙක්නම්, කිසිවකට බෑ ඔබව බේරගන්න.

    මම කියන්නේ free VPN නම් freevpnme පාවිච්චි කරන්න. ඒත් එයාලගේ service එක paid තරම් හොද නෑ. මාසෙට රු300 වගේ මුදලකට ඔයාලට privateinternetaccess ලගෙන් සේවාව ගන්න පුලුවන්. අමතක උනා කියන්න, ඕනම VPN එකකින් ඔබට netflix වගේ ලංකාවට නොදෙන සේවා භාවිත කිරීමේ හැකියාව ලැබෙනවා.

    මම පුද්ගලිකව කියන්නේ proxy භාවිතා කරන්න එපා කියලයි. ඒක ආරක්ෂාව අඩු ක්‍රමයක්. හොදම වැඩේ තමයි anonymous vpn ක්‍රමය. විශේෂයෙන්ම ඔබේ VPN ලබාදෙන්නා ඔබේ logs තියාගන්නේ නැති බව තහවුරු කරගන්න. ඒක ඔයාලට VPN ලගේ tos (terms of service) අපේ අය දන්නේ accept and continue page එක කියලනේ, grin emoticon අන්න ඒක හොදටම ඇස් දෙක ලොකු කරලා කියවන්න ඕන. ඒක තමයි වැදගත්ම. මම කිව්ව දෙකේ නම් ඕන නෑ. මම බැලුවා. :angry:

    අන්තිමට ඔබේ proxy එක හරි VPN එක හරි හරියට වැඩද කියලා බලාගන්න ඕනනම්, මේ පහල වෙබ් අඩවි වෙත යන්න.

    https://ipleak.net/ (100% ප්‍රායෝගිකයි)
    http://www.guavi.com/vpncheck_free.html


    FROM FACEBOOK