එල... ඉන්දියන් බයික් වල කල්පැවැත්ම ගොඩක්ම තීරණය වෙන්නේ අලුතින් ගත්ත ගමන් මුල් කිලෝමීටර් 1500ක් විතර පදින විදියට තමයි. ඒ නිසා පුලුවන්නම් කිලෝමීටර් 1000ක්වත් පනිනකන් ස්පීඩ් එක 45ත් ඊට අඩුවෙන් පලයන්... බයික් එක කට්ට අව්වේ එහෙම තියන්න එපා පාට පිච්චෙනවා. රීම් එක වටේට ස්ටිකර් පටියක් ගහගන්න. එතකොට රීම් එකේ paint එක ආරක්ෂා වෙනවා. ගොඩක් කල් රීම් එක හීරෙන්නේ නැතුව පදින්න පුළුවන්. නැත්නම් ගල් කෑලි වැදිලා රීම් එක හීරෙනවා. ඉස්සර මඩ් ගාඩ් එක පහලට සෙට් කරන්න තියෙන පොඩි ප්ලාස්ටික් කෑල්ලක් හයිකරගන්න. එකෙන් වැස්ස වෙලාවට එන්ජින් එක උඩට ගහන වතුර පාර අඩු කරගන්න පුළුවන්. (එක ඇන දාල හයි කරන්න එපා. super glue දාල හයි කරන්න) තව ඉස්සරහට ෆොක් ගාඩ් දෙක දාගන්න. නැත්නම දුවිලි වැදිලා ඔයිල් සීල් කැපෙනවා ඉක්මනට.

ඕව තමයි ඉතින් අලුතින් බයික් එකක් ගත්තම කරන්න තියෙන පොඩි පොඩි දේවල්. තව අනිවා හොඳ Fullface හෙල්මෙට් එකක් දාගෙන හෙමින් පැදපන්.